සිසුන්ට ටැබ් දීම ජනාධිපති අත්හිටුව්වේ ටෙන්ඩර් මගඩියක් නිසා-ඩලස්… ඩලස් කියන්නේ ටෙන්ඩරයට හොරපාරෙන් පැමිණි ජවරම්කරයින්ගේ මතයක්-අකිල

February 23, 2018 at 8:40 am | lanka C news
සිසුන්ට ටැබ් දීම ජනාධිපති අත්හිටුව්වේ ටෙන්ඩර් මගඩියක් නිසා-ඩලස්… ඩලස් කියන්නේ ටෙන්ඩරයට හොරපාරෙන් පැමිණි ජවරම්කරයින්ගේ මතයක්-අකිල

මේ වසරේ සිට දිවයිනේ උසස් පෙල සියලු සිසුන්ට තාක්ෂණය ප්‍රගුණ කිරිම සඳහා යහපාලන ආණ්ඩුව විසින් ටැබ් එකක් ලබාදීමට අයවැයෙන් මුදල් වෙන් කරන ලදි.

මෙය රාජපක්ෂ යුගයේ මහින්දෝදය පාසල් වැඩපිළිවෙළ හරහා පරිඝණක විද්‍යාගාර මෙරටේ දරු දැරින්ට ලබාදීමට සමාන වැඩපිළිවෙළකි.

එහෙත් එය පසුගිය පලාත් පාලන මැතිවරණයේ මෛත්‍රී-රනිල් ආණ්ඩුව ලැබු අන්ත පරාජය හමුවේ ජනාධිපතිවරයා විසින් වහාම අත්හිටුවීමට කටයුතු කලේ ය. එයට හේතුව ලෙස ආණ්ඩුවේ බලවතුන් කියන්නට උත්සහ ගත්තේ ටැබ් වලට වඩා ජනතාවගේ ප්‍රමුඛතාවයන් තිබෙන බව ජනාධිපතිවරයා අවබෝධ කරගෙන ඇති බවත් ඒ සඳහා එම මුදල් වෙන් කල යුතුය යන්නයි.

එහෙත් ඒ සම්බන්ධයෙන් ජනතාව මෙන්ම පාසල් සිසුන් දැඩි කනස්සල්ලට පත් වු අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත පැවසුවේ මෙරටේ පාසැල් දරුවන් පාලකයින් විසින් මෙසේ රැවටීම සුදුසු නොවන බවයි.

නමුත් ඊයේ පාර්ලිමේන්තුවේ දි හිටපු අමාත්‍යවරයෙකු වූ ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කලේ ජනාධිපතිවරයා විසින් ටැබ් යන්ත්‍ර පාසල් සිසුන්ට දීම නැවත්තුවේ අධ්‍යපන අමාත්‍යාංශයේ සිදු වු ටෙන්ඩර් මගඩියක් නිසා බවයි.

එහෙත් එයට පිලිතුරු දෙමින් අධ්‍යපන අමාත්‍යා අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කලේ එවෙනි කිසිදු මගඩියක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුල සිදු නොවු බවත්, නිසියාකාරව ටෙන්ඩර් ඉදිරිපත් කල සැපයුම්කරුවන් 4 දෙනා සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීමට අමාත්‍ය මණ්ඩලයට යොමු කල බවයි.

එමෙන්ම හෙතෙම පවසා සිටීයේ එම ටෙන්ඩරයට වැරදි අයුරින් පැමිණිමට උත්සහ ගත් ජාවාරම්කාරයින් විසින් හිටපු අමාත්‍යවරයා වෙත වැරදි තොරතුරු ලබාදීමට කටයුතු කල බවයි. Link

3 views

8 Comments to “සිසුන්ට ටැබ් දීම ජනාධිපති අත්හිටුව්වේ ටෙන්ඩර් මගඩියක් නිසා-ඩලස්… ඩලස් කියන්නේ ටෙන්ඩරයට හොරපාරෙන් පැමිණි ජවරම්කරයින්ගේ මතයක්-අකිල”

  1. ගුණේ අයියා says:

    ටෙන්ඩර් මගඩියක්? පිස්සුද? ලංකාවේ එහෙම දේවල් වෙනවද?

  2. ඇත්ත says:

    TAB දුන්නානම් කඩදාසිවලට සහ පෙලපොත්වලට යන මුදල් අඩුකරගන්න තිබුණා.ඉංග්‍රීසි ජාතිවාදීන් සහ සිංහල බිල්ලන් බයයි මේ TAB දීමෙන් තමන්ගෙ බලය අඩු වෙයි කියල..
    මහ ලොකුවට සයිබර් කතාව…වැඩ දෝලාවෙන්..

  3. ranil says:

    Although I have criticism on UNP government and some of its ministers. I do not believe that Akila is a dirty politician. I think he is an honest one. I don’t care about his personnel life.

    • Srilanka Soul says:

      Are you in Sri Lanka? There are no good politicians here boy. Its a matter of percentage how dirty they are. This system will not produce good buggers

    • pissa says:

      Kuliyapiti paththe giyanam danaganna tibuna dirty da nadda kiyala. Me aurudu 3 ta miniha aragana tiyana land kochcharada kiyala ehe minissu dannawa

  4. Hoo N P Kaaraya says:

    Tab denawai kiyala poronduwela ewa nodeehitiyama guruwaru saha sisun kalakireemata pathwena eka walakwanna baha. Meka UNP chanda adu karanna gahapu plan ekak.

  5. මාතලේ බණ්ඩා says:

    අකිල විරාජ් කාරියවසම් ඉතාමත් නිහතමානී අවංක වැදගත් අමාත්‍යවරයෙක්.ඔහු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේද විශ්වාසය දිනාගත් අයෙක්.කිසිදු දූෂණ චෝදනාවක් එල්ලවී නැති අයෙක්.ඩලස් වගේ කටහැකරයෙක් නොවන ඔහු මනා සංයමයකින් යුත් උගත් අයෙක්.

Main News