සිසුන් ලක්‍ෂ 45ක සුරක්‍ෂා රක්‍ෂණයෙන් 20%ක් ඇමති අකිල විරාජ් කොමිස් ගහලා..- විජේදාස රාජපක්‍ෂ සාක්‍ෂි දෙයි..

May 24, 2019 at 4:40 pm | lanka C news
සිසුන් ලක්‍ෂ 45ක සුරක්‍ෂා රක්‍ෂණයෙන් 20%ක් ඇමති අකිල විරාජ් කොමිස් ගහලා..- විජේදාස රාජපක්‍ෂ සාක්‍ෂි දෙයි..

පාසැල් සිසු දරුවන් වෙනුවෙන් හඳුන්වා දෙන ලද සුරක්ෂා රක්ෂණාවරණය ව්‍යාපෘතිය මගින් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු කිහිපදෙනෙක් කොමිස් මුදල් ලබාගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේ සුරක්ෂා රක්ෂණය ප්‍රතිරක්ෂණය කිරීමේදී එම රක්ෂණ සමාගමේ 20%ක කොමිස් මුදලක් ඇමතිවරයා ඇතුළු පිරිසක් විසින් බෙදා හදාගෙන ඇති බවයි.

මෙරට පාසැල් ළමුන් ලක්ෂ 45ක් සිටින බවත් ප්‍රතිරක්ෂණය කරමින් රක්ෂණ ආවරණ ලබාදීමට එම සිසු සිසුවියන් එකවර රෝගාබාධ හෝ අසනීප වලට ලක් නොවන බවද පවසන මන්ත්‍රීවරයා ප‍්‍රතිරක්‍ෂණය කිරීමෙන් සිදු කරන්නේ වංචනිකව මුදල් උපයා ගැනීමට මාර්ග සකස් කරගැනීම බවද කියා සිටියේය.

සුරක්ෂා රක්ෂණාවරණ ව්‍යාපෘතියේදී සිදුව ඇති බව කියන වංචා දූෂණ ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

22 views

11 Comments to “සිසුන් ලක්‍ෂ 45ක සුරක්‍ෂා රක්‍ෂණයෙන් 20%ක් ඇමති අකිල විරාජ් කොමිස් ගහලා..- විජේදාස රාජපක්‍ෂ සාක්‍ෂි දෙයි..”

  1. Sun says:

    That is the way of following the footsteps of leaders of the country. What will happen to next generation going to come out from school. The natural cause and effect will go ahead in the subconscious and carry out after death.

  2. බන්ඩා says:

    රනිල්ගෙ ගජ මිතුරැ සෙට් එක පටන් ගත්තෙත් ගැහිල්ලෙන් ඉවර කොරන්නෙත් ගැහිල්ලෙන්.ගැහිල්ලෙන්.

  3. Citizen says:

    If this fellow has reliable evidence, firstly a complaint has to be made to the Bribery and Corruption commission rather than shouting and complaining to the presidential commission which cannot take any action against any culprit!

    • Puravasiya says:

      Yes, the Presidential Commissions are wasteful exercises with no result at the end. This man is in a mudslinging campaign to cover his Avenguard misdeeds. If he has real evidence, he should make a complaint to the Bribery. Useless soul.

    • Bribery and Corruption commissions are contralling by priminister’s invisible hand.

    • Dont make joke my friend . Think about lot of complaint already made to Bibery and corruptoon commission. All are kept very safly in the cupboards. We must make a complaint against this commission first, because it has now become to sole control of Ranil and his bitterflies.

  4. sunimal says:

    යහපාලන කොමිස් කාරයෝ ලැජ්ජයි

  5. jay says:

    Ahuvenne oya sebe thathve maha loku show karayannge

  6. UD says:

    විජේදාස මහත්මා යමක් කිව්වොත් හරියටම හොයලා බලලා කියන්නේ. ටක්කෙටම හරි..
    අකිල ගැන ඉතින් ආය කියන්න දෙයක් නෑ….
    මුදල් ගසා කෑම දිහා මේ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් බලාගෙන ඉන්න තමයි අපිට තියෙන්නේ.

  7. Sun says:

    My friends , do you think the politicians know what is going on around the word, country or in the town they are living. They cant see from their blank eyes. Some think big buildings and roads are the ultimate happiness. They don’t care about mentality of people. They want to show off to the people by stealing the quality of life. That is just a blank thinking.

  8. Sun says:

    Other countries the law is above people but in Sri Lanka, people are controlling the supreme law. When it is like that nothing will survive. Leaders are making big damage to the people and t them due cause and effect. Such people cannot sleep well due to the bad effect of their wrong doing. Finally at last point of departure they go ahead with that negative effect to the next life.

Main News