සිසුන් වෙනුවෙන් මත්පැන් වර්ගයක් එයි.. අතහිත ප්‍රබල ඇමතිගෙන්.. සැර 4%යි..
September 13, 2018 at 11:20 am | lanka C news
රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ ආධාර උපකාර ඇතිව එක්තරා සමාගමක් විසින් පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මද්‍යසාර අඩංගු පානයක් නිෂ්පාදනය කර ඇත.
සියයට 4 ක මද්‍යසාර ප්‍රමාණයක් අඩංගු මෙම නිෂ්පාදනය සඳහා පසුගිය රජය සමයේ බලපත්‍ර ලබා නොදුන් නමුත් වත්මන් රජයේ ප්‍රබල දේශපාලන බලපෑම මත සුරාබදු දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදීමට තීරණය කර තිබේ.
නිල්, තැඹිලි, කහ, රතු වර්ණයෙන් නිෂ්පාදනය කර ඇති මෙම පානය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන වෙළෙඳපොළට නිකුත් කිරීමට දැඩි උත්සහයක් පවතින බව සුරාබදු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි
මේ වනවිට වෙළෙඳ පොළේ සැර මද්‍යසාර ප්‍රමාණය සියයට 4.5 සිට ඉහළට බියර් වර්ග පවතින අතර නව බීම වර්ගය අඩංගු බෝතල් කිහිපයක් පානය කළහොත් කෙනෙකු අධික මත්ගතියට පත්වන බව ආරංචි මාර්ග කියයි.
මෙම නව නිෂ්පාදනය හොරණ මොරගහහේන කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කර මිලි ලීටර් 100 බැගින් වූ බෝතල්වල අසුරා තත්ත්ව සහතිකය ලබාගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවට ලබාදී ඇතැයිද එම ආරංචි මාර්ග අවධාරණය කර සිටී.
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් තත්ත්ව සහතික ලබාගැනීම සඳහා මෙම නිෂ්පාදන සාම්පල් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යෑවීමට නියමිතව ඇතත් මින් සමාජයට ඇතිවිය හැකි අහිතකර බලපෑම ගැන අවබෝධයක් තිබෙන සුරාබදු නිලධාරීන් කිහිපදෙනකු මෙම පාපකර්මයට කර ගැසීමට තමන්ට බැරි බව පවසමින් කල්මරමින් සිටින බවද පැවසේ
– divaina
Some people in this Country want to be billionaires,at the expense of the future generation and ulimately the Country. They should exerciseSAMMA WAYAMA,to earn money ,without doing the five types of businesses,which LORD BUDDHA has pointed out.
Unfortunately, Sri Lankans dont understand of being born a Buddhist and in a country like Sri Lanka….
bacadi breezer
මධ්‍යසාර සුළු හෝ වේවා අධි හෝ වේවා කුමන මාත්‍රාවක් වුවත් ශරීරගත වූ විට මුලින්ම ආමාශය සහ අන්ත්‍රවලට උරාගන්නවා. ඉන්පසු එය රුධිරය මගින් අක්මාවට ගමන් කරනවා. අක්මාවේදී විවිධ සංඝටකවලට බෙදී පරිවෘත්තිය ක්‍රියාවලියකට භාජනය වන අතර එහිදී විෂ සහිත අතුරු ඵල නිපදවෙනවා. අධි මාත්‍රාවක් නිරන්තරයෙන් ගැනීමෙන් ඉක්මනින් අක්මාවට හානි විය හැකිය.
මධ්‍යසාර ශරීරගත වීමෙන් අක්මාවට හානි සිදු වී එම ක්‍රියාවලිය එතැනින් නවතින්නේ නෑ. ශරීරයේ සමස්ත ඉන්ද්‍රීය පද්ධතියටම කරන බලපෑම විග්රහ කළොත්?
මධ්‍යසාර සුළු හෝ අධි මාත්‍රාවෙන් කාලාන්තරයක් ශරීරයට ඇතුළු වීමෙන් මොළයට හානි සිදු වෙනවා. එනම් මොළය දිය වී කුඩා වෙනවා. ඒ වගේම මොළය පිටුපස කොටස ක්ෂය වීමක් සිදුවිය හැකියි. තවද පාදයේ ස්නායු දුර්වල වීම, දෙඇස් මුළුමනින්ම අන්ධ වීම, වකුගඩු නරක් වීම, හෘද වස්තුව ඉදිමීම ආදී වශයෙන් සෑම ඉන්ද්‍රියකටම විවිධ බලපෑම් ඇතිකර වනවා. මධ්‍යසාරවල අඩංගු මෙතනෝල් වැනි ඇතැම් සංඝටකවලින් මානසික ආබාධ ඇතිකරවිය හැකියි.
මත්ද්‍රව්‍ය අපගේ සිරුරේ සෑම අවයවයකටම අහිතකර ලෙස බලපානවා. එහිදී බොහෝ සෙයින් අක්මාව ආශ්‍රිතව ඇති වන සිරෝසිස් තත්ත්ව, අක්මාව අක්‍රිය වීම සිදු විය හැකියි. එසේම එය හදවත කෙරෙහිද බලපාන අතර හෘදයේ පේශිවල අබාධ ඇතිවීම හා අධිරුධිර පීඩනය, ස්නායු පද්ධතිය ආශ්රිත රෝග තත්ත්ව, ලිංගික බෙලහීනතාවය, මන්දපෝෂණය ටද හේතු වනවා. තවද මෙය ඇබ්බැහියක් බවට පත්ව මත්පැන් නොමැති වූ විට අතපය වෙව්ලීම, වලිප්පුව වැනි විරමන ලක්ෂණ ඇති වීම සිදු වෙනවා. එසේම මෙම මත්ද්‍රව්‍ය භාවිතය පිළිකා ඇති වීම කෙරෙහිද ප්‍රධාන හේතුවක් වෙනවා.
මත්ද්‍රව්‍ය
“පළමුව පුද්ගලයා මීවිත පානය කරයි.
දෙවැනිව මීවිත මීවිතක් පානය කරයි
අවසාන මී විත පුද්ගලයා වනසාලයි” (චීන ප්‍රස්තා පිරුළකි)
මද්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතය
ශරිරයේ ස්නායු පද්ධතිය මත ක්‍රියාත්මක වන, කාලයක් භාවිතා කල විට ඇබ්බැහිවීම ඇති කරන, කවර ප්‍රමාණවලින් භාවිතා කලත් ශරීරයට හානිදායක වු රසායන
ද්‍රව්‍ය වලට පොදුවේ මත්ද්‍රව්‍ය යන නම භාවිතා වේ. බහුලවම භාවිතා වන මත්ද්‍රව්‍ය නම්,
මද්‍යසාර (අරක්කු, කසිප්පු, බියර් ආදිය)
දුම්කොල (සිගරැට්, බීඩි, හපන දුම්කොල ආදිය)
ගංජා
හෙරොයින්
ඇතැම් ඖෂධ වර්ග (වෛද්‍ය නිර්දේශයකින් ෙතාරව භාවිතා කරන)
බුලත්විට වර්ග
බෝ නොවන රෝග විශාල සංඛ්‍යාවකට ප්‍රධානතම හේතුව මත්ද්‍රව්‍ය වේ. ඒ ආශ්‍රිතව සිදුවන වලක්වාගත හැකි අකල් මරණ සංඛ්‍යාව ඉතා විශාල වේ. ඊට අමතරව
දුප්පත් කම, පවුල් ආරවුල්, රිය අනතුරු ආදී සමාජ ආර්ථික ප්‍රශ්ණ ගණනාවකට මත්ද්‍රව්‍ය භාවිතය මූලික වේ. ශ්‍රී ලංකාවේ රෝහල් වල ප්‍රතිකාර ලබන වයස 13 ට වැඩි පුරුෂයින් ගෙන් 30% ක් මද්‍යසාර හා දුම්වැටි ආශ්රිත රෝග වලින් පෙලෙන බව රෝහල් සංඛ්‍යාලේඛන
පෙන්වා දී තිබේ
1886 දී එනම් මීට වසර 125 කට පෙර මෙම “කොකා කෝලා” බීම විශේෂය ලොවට හදුනාදෙන ලදී. මෙසේ ඇරඹුනු කෝලාව අද ලොව දිනාගෙන තිබෙන ස්ථානය සදහන් කරන්නේ නම් එය අද ලොව සෑම රටකම දිනකට බෝතල් කොටි 160 ක් පරිභෝජනය වන තැනට පත්ව ඇත. මෙවැනි තැනක් එනම් ප්‍රබල ජනතා ආකර්ශනයක් කොකා කෝලා දිනාගැනීමේ රහස කුමක්ද?. මෙම ප්‍රශ්නයට විසදුම් සෙවීමට විටින් විට ලෝක විද්වතුන් උත්සාහ කලද එය ලොව කිසිදු ජගතෙකුට කරන්නට නොහැකි විය. එයට හේතුව වුයේ මෙම “කොකා කෝලා” නිෂ්පාදන වට්ටෝරුව ඇමරිකාවේ එක්තරා බැංකු ලොකරයක ඉතා ආරක්ෂිත ලෙස තබා තිබීමයි. නමුත් පසුගිය දවසක කුමන හෝ ආකාරයකට මෙම වට්ටෝරුවේ ඡායා පිටපතක් අන්තර්ජාලයට නිකුත් වී තිබූ අතර “අල්ජසීරා” මධ්‍ය ආයතනය මෙය ලොවටම නිරාවර්ණය කරන ලදී. එම රහස් වට්ටොරුව පහත ආකාරයට වේ.
Fluid extract of Coca: 3 drams USP
Citric acid: 3 oz
Caffeine: 1 oz
Sugar: 30 lbs
Water: 2.5 gal
Lime juice: 2 pints (1 quart)
Vanilla: 1 oz
Caramel: 1.5 oz or more for color
The secret 7X flavor (use 2 oz of flavor to 5 gals syrup):
Alcohol 8 oz
Orange oil: 20 drops
Lemon oil: 30 drops
Nutmeg oil: 10 drops
Coriander oil: 5 drops
Neroli oil: 10 drops
Cinnamon oil: 10 drops
ඉහත වට්ටෝරුවේ සදහන් Alcohol8oz යන්න මධ්‍යසාර ඝනයට අයත් වන බවත් ඒ අනුව “කොකා කෝලා” පානය මත්පැන් ඝනයට අයත් බීම වර්ගයක් යන්න තහවුරු විය. ඒ අනුව අද කුඩා දරුවන් අතර පවා ඉතා ජනප්‍රිය පානයක් වන මෙම “කොකා කෝලා” දෙමාපිය අශිර්වාදය ලත් මත්පැන් බවට පත් වී තිබෙනවා නොවේද? “මතට තිත” තබන්නට පිඹුරුපත් සකස අපේ සමාජයේ මෙවැනි දෑ වලින් අනාගත පරම්පරාව මුදවා ගැනීම වර්ථමාන වැඩිහිටි පරම්පරාවේ කාලීන වගකීමක් නොවේද?.
the news has been published on a news paper . cashewnut man and will take an action with hanging
ඇයි වදේ, ඉස්කෝලෙ දෙන කෑම වේලට බොන්න දෙමුකො බියර් කෑන් එකක්. කොල්ලෝ හැමදාම ඉසකෝලෙ එයි.
Mage Wayamba Arakku nam 33% yi!