සිසුන් 41 ක් රෝහල් ගත කෙරේ..

January 31, 2020 at 12:40 pm | lanka C news
සිසුන් 41 ක් රෝහල් ගත කෙරේ..

ආහාර විස විමක් හේතුවෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන ගිනිගත්හේන කළුගල සිංහල මහ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 41 දෙනෙකු ආහාර විස විමක් හේතුවෙන් ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

එම පාසලේ අධ්‍යාපනය ලබන සිසුවියන් 11  දෙනෙකු සහ සිසුන් 30 දෙනෙකු මෙසේ රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

අසාත්මිකතාවය , උදරයේ දැවිල්ල සහ වමනය යන රෝග ලක්ෂණ ඇතිව (31) දින උදැසන 9.30 ට පමණ මෙම සිසුන් පිරිස රෝහලට ඇතුලත් කල බව ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිවරයා පැවසිය.

ඉකුත් (28) දින එම පාසලේ පැවති වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රිඩා උත්සවයේදි ළමුන්ට ආහාරය සදහා මාළු බනිස් ලබා දි ඇති අතර ,එම මලු බනිස් ආහාරයට ගත් ළමුන් වරින් වර කිහිප දෙනෙකු මෙසේ අසනිප වු බවත්, (31) දින වන විට පාසලේ සිසුන් විශාල පිරිසක් එක්වර රෝගාතුර වි ඇති බවයි ගිනිගත්හේන මහජන සෞඛ්‍යය පරික්ෂක තිසර විරසේකර මහතා පැවසුවේ.

රෝහල් ගත කල සිසු සිසුවියන්ගේ තත්ත්වය බරපතල නොවන බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍යය වෛද්‍යය අධිකාරි ක්‍රිෂාන් පේමසිරි මහතාගේ උපදෙස් පරිදි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පිරිසක් මේ වන විට පරික්ෂණ ආරම්භ කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

7,267 Viewers

3 Comments to “සිසුන් 41 ක් රෝහල් ගත කෙරේ..”

  1. Saradiel says:

    අපේ රටේ සමහර කාලකන්නි මුදල් ගැන සිතනවා මිසක් අනෙක් අයගේ දුක සිතන් නැති එකේ වරද මුන්ට වෙනම අපායක්.

  2. MD says:

    Sure ekata Mujubar Rah….Malu pan order eka ganna ati.☠☠☠☠☠

    • LION says:

      පාසැලට බනිස් සැපයු පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගත යුතුයි ..මෙය සිංහල ළමයින් විනාශකිරීමට කල වෑයමක් වියහැකියි
      අන්තවාදය ජාතිවාදය පැතිරෙන මේ යුගයේ සිංහල ජනතාව පරිසම් වියයුතුයි
      අසනිපවූ සැමට ඉක්මන් සුවය ලැබේවා

Main News