සිසුවියකට කොරෝනා… පාසැල් 04ක් වසා දමයි…

December 15, 2020 at 1:20 pm | lanka C news
සිසුවියකට කොරෝනා… පාසැල් 04ක් වසා දමයි…

වව්නියාව කට්කුලි ප්‍රදේශයේ පාසල් දැරියකට කොවීඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් අද (15) දින වව්නියාවේ පාසල් 4 කට නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති බවට වව්නියාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එම්.රාධක්‍රිෂ්ණන් පවසයි.

අවුරුදු 15 ක් වයසැති අදාල පාසල් දැරිය අසනීප තත්වයක් හේතුවෙන් වව්නියාව මහරෝහලට ඇතුලත් වීමෙන් පසුව සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයකින් අනතුරුව දැරියට වෛරසය අසාදනය වී ඇති බවට හඳුනාගනු ලැබීය.

මේ හේතුව නිසා වව්නියාවේ දෙමළ මහවිද්‍යාලය, බාලික මහවිද්‍යාලය, ගාමිණි මහාවිද්‍යාලය සහ සයිව ප්‍රකාශ මහවිද්‍යාලය මෙලෙස අද දින නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති අතර අදාල පාසල් නැවත දැනුම් දෙනතුරු වසා තැබීමට වවිනියාව කලාප අධ්‍යාපන නිලධාරීන් ඇතුලු සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.

මේ අතර අදාල පාසල් දැරිය ඇතුලු නිවැසියන් නිරෝධායනයට යොමු කොට ඇති අතර සමීප ඇසුරු කල පුද්ගලයින් සියලු දෙනා හඳුනාගනිමින් ඔවුන් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කිරීමටද පියවර ගෙන ඇත.

මේ අතර අදාල පාසල් දැරියට කොවීඩ වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳව මෙතෙක් අනාවරනය වී නොමැති අතර මහජනසෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් පරික්ෂණයන් අරඹා ඇත.

එමෙන්ම වසාදැමුනු සියලු පාසල් විෂබීජහරනය කිරීමටද වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

23,053 views

One Comment to “සිසුවියකට කොරෝනා… පාසැල් 04ක් වසා දමයි…”

  1. Motta Mahacharya says:

    Wagakeema Ko?