සිසුවෙකුට කොරෝනා.. ඔහු පාසැලේදී ඇද වැටෙයි..

January 24, 2021 at 2:27 am | lanka C news
සිසුවෙකුට කොරෝනා.. ඔහු පාසැලේදී ඇද වැටෙයි..

හැටන් කලාප අධ්‍යාපන කර්යයාලය යටතේ පාලනය වන හැටන් බොස්කෝ විද්‍යාලයේ 9 ඒ වසරේ අධ්‍යාපනය ලබන 14 හැවිරිදි පාසල් සිසුවෙකුට සහ සිසුවාගේ මවට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා පැවසිය.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු සිසුවා පාසල් වේලාව තුල ඇද වැටිම නිසා එම පාසල් සිසුවා ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු රෝහලේදි සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව අනුව එම සිසුවාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

අසාදිත සිසුවාගේ පන්ති කාමරයේ සිසුන් 37 දෙනෙකු , අචාර්ය මණ්ඩලයේ 14 දෙනෙකු ,අසාදිත සිසුවාගේ මව සේවය කරන හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලයේ කාර්ය මණ්ඩලයේ 06 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර සිසුවා අධ්‍යාපනය ලැබු එම පාසලේ පන්ති කාමරය විෂබිජහරණය කිරිම සදහා තාවකාලිකව වසා දැමු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු සිසුවා හැටන් ප්‍රදේශයේ තවත් ප්‍රධාන දමිල පාසලක කොවිඩ් 19 වෛරසය අසාදනය වු සිසුන්ගේ ආශ්‍රිතයෙකු වු බවට  තොරතුරු අනාවරණය වි ඇති බවත් , එම පාසලේද ආශ්‍රිතයන් සොයා විමර්ෂණයක් ආරම්භ කර ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා පැවසිය.

හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය (23) දින විෂබිජහරණය කල අතර,හැටන් ප්‍රදේශයේ පාසල නිම වි යන ළමුන් නිරෝධායන උපදෙස් නොපිලිපදිමින් කටයුතු කරන බවද මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා පවසයි.

තුවාල ලබා රෝහල් ගත කල සිසුවා සමග රෝහලේ සිටි සිසුවාගේ මවට කොවිඩ් 19 වෛරසය (23) දින අසදනය වි ඇති බවට තහවුරු වු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

10,637 views

One Comment to “සිසුවෙකුට කොරෝනා.. ඔහු පාසැලේදී ඇද වැටෙයි..”

  1. Nandasoma Suriyaarachchi says:

    කී දෙනෙක් මැරිල වැටුනත්, පාලකයන්ට අවශ්‍ය ඒ මිනී උඩින් හරි රට ගෙනියන්න විතරයි……!

Main News