සිසු සිසුවියන් පාසලේ ආරක්ෂාවට සිටින හමුදා නිලධාරින්ට මහ පාරේ වදී.. සෙබලුන් හිස් අතගාති..

June 1, 2019 at 2:10 pm | lanka C news
සිසු සිසුවියන් පාසලේ ආරක්ෂාවට සිටින හමුදා නිලධාරින්ට මහ පාරේ වදී.. සෙබලුන් හිස් අතගාති..

හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන බගවන්තලාව සෙන්මේරිස් විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන් රටට ලබාදුන්  ආදර්ශමත් ක්‍රියාවක් ෆෙස්බුක් ගිණුමට යාවක්කාලින කර තිබුණි.

පාසල් පැවැත්වෙන කාලය තුල පාසලේ ආරක්ෂාවට සිටින යුධ හමුදා භටයින්ට පාසල නිම වි නිවස යන සිසු සිසුවියන් එය යුධ හමුදා භටයින්ට සිය ස්තුතිය පුද කර ඇතැම් සිසුන් යුධ හමුදා භටයින්ගේ දෙපා අල්ලා වැද ආශිර්වාද ලබාගෙන යන අයුරු කැමරාවේ සටහන් වි තිබුණේ එම යුධ හමුදා භටයින්ට නොදැනුවත්වය.

තමන්ට අචාර්යය දක්වන සිසු සිසුවියන්ට නිහතමාණිව සිය ප්‍රතිචාරය දැක්විමට යුධ හමුදා නිලධාරින් කටයුතු කලේ ශ්‍රි ලංකා යුධ හමුදාව තුල තිබෙන විනය ලොවට විදහා දක්වමිනි

– හැටන් රංජිත් රාජපක්ෂ                       

47 views

19 Comments to “සිසු සිසුවියන් පාසලේ ආරක්ෂාවට සිටින හමුදා නිලධාරින්ට මහ පාරේ වදී.. සෙබලුන් හිස් අතගාති..”

  1. හැකහැක says:

    ළමයි මේ අයට වදින්නේ මේ ආරක්ෂක අංකල්ලා ජාතියේ මුර දේවතාවන් වූ 225ට දෙන ආරක්ෂාවට කෘත ගුණ සැලකීමක් විදියටයි.

Main News