සිසු හෙද හෙදියන් සහ හෙද අනුස්ථාපන සහ සමායෝජන පාඨමාලාව සදහා 1500 ක් බදවා ගැනේ..

January 21, 2017 at 2:11 am | lanka C news
සිසු හෙද හෙදියන් සහ හෙද අනුස්ථාපන සහ සමායෝජන පාඨමාලාව සදහා 1500 ක් බදවා ගැනේ..

නිදහස් සෞඛ්‍ය සේවාවෙි මානව සම්පත ඉහළ නංවමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඇති කිරීමෙි අරමුණ පෙරදැරිව සිසු හෙද හෙදියන් සහ හෙද අනුස්ථාපන සහ සමායෝජන පාඨමාලාව සදහා 1500 ක් බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ඒ අනුව එම පත්වීම් ලිපි ප්‍රදානය කිරීීමෙි උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සදුදා (23) පස්වරු 3.00 ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය.

මෙහිදී සිසු හෙද හෙදියන් 1383 ක් සහ හෙද අනුස්ථාපන සහ සමායෝජන පාඨමාලාව සදහා 117 ක් බදවා ගැනීමට කටයුතු යොදා ඇත.
දැනට සෞඛ්‍ය සේවාව තුළ හෙද හෙදියන් 34,000 ක් සේවය කරන අතර, හෙද විද්‍යාලවල 7500 ක් පුහුණුවීම් වල නිරත වෙති. එම පුහුණුවීම් වල නිරතවන හෙද හෙදියන් 1500 ක් පෙබරවාරි මාසයේ දී සෞඛ්‍ය සේවාවට එක්වීමට නියමිතය.

– නිපුන් ඒකනායක

19 views
Main News