සීග්‍රගාමී දුම්රියේ ගැටී ගවයින් 11 දෙනෙකු මිය යයි…

July 3, 2019 at 12:40 pm | lanka C news
සීග්‍රගාමී දුම්රියේ ගැටී ගවයින් 11 දෙනෙකු මිය යයි…

කොළඹ සිට යාපනය කන්කසන්තුරෙයි දක්වා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියට ඊයේ (02) දින වව්නියාව තාණ්ඩික්කුලම් ප්‍රදේශයේදී ගව රංචුවක් වැදීම හේතුවෙන් ගවයින් 11 දෙනෙකු මිය ගොස් ඇත.

තාණ්ඩිකුලම් දුම්රිය ස්ථානයට ආසන්නයේ ගව රංචුව මෙසේ දුම්රියේ ගැටී ඇති අතර දුම්රියේ ගැටීම හේතුවෙන් තවත් ගවයින් 10 කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවටද ගවයින්ගේ අයිතිකරුවන් පැවසූහ.

මිය ගිය ගවයින් අයිතිකරුවන් විසින් රැගෙන ගොස් මිහිදන් කිරීම සිදු කල අතර පසුගිය දින වලද උතුරු දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක දුම්රියට ගවයින් වැදීම හේතුවෙන් ගවයින් සැලකිය යුතු ප්‍රමාණයක් මිය ගොස් හා තුවාල ලබා ඇති බවටද ප්‍රදේශවාසීන් වැඩි දුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,692 Viewers

4 Comments to “සීග්‍රගාමී දුම්රියේ ගැටී ගවයින් 11 දෙනෙකු මිය යයි…”

  1. UD says:

    මිනිස්සුත් එකයි ‌ගොන්නුත් එකයි..

  2. sathya says:

    Owner’s fault

  3. MJ says:

    Apee parliment eka langin train yanne nedda?

  4. Gotaimbara says:

    Were they from Diyawanna?

Main News