සීගිරියේ සිංහ රූපය ගැන පර්යේෂණ වෙනම මගකට යොමුවන නිර්මාණයක් උතුරු දිය අගල කැනිමෙන් සොයාගනි…

March 18, 2018 at 12:40 pm | lanka C news
සීගිරියේ සිංහ රූපය ගැන පර්යේෂණ වෙනම මගකට යොමුවන නිර්මාණයක්  උතුරු දිය අගල කැනිමෙන් සොයාගනි…

සීගිරිය උතුරු දිය අගලේ ඇති ජ්‍යමිතික හැඩය හඳුනාගැනීම හා දිය අගල නිර්මාණය කිරීමේ දී භාවිතා කර ඇති තාක්ෂණික  ක්‍රමවේදයන් හඳුනා ගැනීමේ අරමුණින් සිදු කළ කැණීම්වල දී ටෙරාකොටා වලින් සෑදු සිංහ රූපය ඇතුළු පුරා වස්තු හමු වී තිබේ. ඒ අතර පබළු, යකඩ, පුරාවස්තු, ටෙරාකොටා මැටි බඳුන් ඇතුළු පුරාවස්තූන් රැසක් ද වේනබව පැවසේ.

මේවා අතර උතුරු දිය අගලේ සිදු කරන ලද කැනීමක දී  ටෙරාකොටාවලින් සෑදූ සිංහ රූපයක් හමු වීම ත්‍රලින් සීගිරිය සම්බන්ධව ඉතා වැදගත් කරුණු රැසක් අනාවරණය කරගැනීමට හැකිවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

සිගිරිය පිළිබදව, සියවස් ගණනාවක් පුරා සීගිරියේ සිංහ රුව සම්බන්ධව විවිධ අනුමාන පැවතියත් උතුරු දිය අගලේ තිබී හමු වූ මෙම කුඩා  සිංහ රුපයත් සමඟ සිංහපාදයට ඉහළින් තිබූ සිංහ රූපයේ ස්වරූපය හා වාස්තු විද්‍යාත්මක ගෘහ නිර්මාණ ශිල්පය ගැන ස්ථිර අදහසක් ප්‍රකාශ කිරීමට හැකියාව ලැබෙන බ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ වරයා පවසයි.

දැනට සීගිරියේ සිංහපාද කොටස පමණක් ඉතිරිව තිබුණ ද සීගිරියේ සිංහ රුව කිසියම් මැටි මිශ්‍රණයක් යොදා සකස් කර ඇති බවත් මෙලෙස හමු වූ ටෙරාකොටා වලින්  සකස් කර ඇති  කුඩා සිංහ රුව එහි අනුරුවක් වන්නට ඇතැයි අනුමාන කළ හැකි බවත්  මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි. කැනීම්වලදී හමු වූ මෙම අනුරුව සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට සිහිවටනයක් ලෙස ලබා දෙන්නට ඇති බවට විශ්වාස කරණ බවද ඒ පිලිබදව පරික්ෂණ කරණ කණ්ඩායම් විශ්වාස කරයි.

කැනීම තුළින් හමු වී ඇති මැටි බඳුන් විදේශීය සම්භවයක් සහිත බවද එබැවින් සීගිරි කාශ්‍යප රජ සමයේ දී  මෙරට පැවැත්වු  ජාත්‍යන්තර  සම්බන්ධතා පිළිබදව පර්යේෂණ සිදුකරණ බවත්  එහිදි  විශේෂයෙන්  රෝමය හා මධ්‍යම ආසියාතික රටවල් සමඟ දියුණු වෙළඳ සබඳතාවක් පැවති බව මෙම පුරාවස්තු මගින් පැහැදිලි වන බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අරංචි මාර්ග පවසයි.

රටේ අභිමානය සහ පෞරාණිකත්වය විදහා දක්වන අතීත උරුමයන් ගවේෂණය කර මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීමේ කටයුතු විධිමත්ව හා කාර්යක්ෂම ව පවත්වාගෙන යාම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල සතු අරමුදල් හා ගවේශණ කණ්ඩායම් යොදවමින් මෙම කැණීම් කටයුතු තවදුරටත් ඉදිරියට සිදු කෙරෙමින් පවතින අතර, එමගින් සීගිරිය පිළිබඳ තොරතුරු රැසක් ඉදිරි පර්යේෂණවලදී හඳුනාගැනීමට අපේක්ෂාකරණ බව සිගිරිට වැඩබිමෙන් වාර්තාවේ.

– මහින්ද උදයසිරි

1,299 views
Main News