සීගිරිය පොලිසිය හුදකලා කරයි…

July 16, 2020 at 9:20 am | lanka C news
සීගිරිය පොලිසිය හුදකලා කරයි…

සීගිරිය පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙකු නිරෝධායන කිරීමට කටයුතු කර තිබේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හමුදා නිලධාරියෙකු ඇසුරු කර ඇති බවට තොරතුරු හෙළි වීම මත මෙම පියවර ගෙන ඇත.

එමෙන්ම එහි පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු සෙසු නිලධාරීන් සියලු දෙනා පොලිසියේ තුළ ම හුදෙකලා කරමින් රාජකාරි කිරීමට සලස්වා ඇත.

ඒ හේතුවෙන් සීගිරිය පොලිසියේ මහජනයා සමග ගැට රාජකාරි සඳහා දඹුල්ල පොලිසියෙන් කණ්ඩායමක් එහි කැඳවා තිබේ.

මෙම පියවර ගත්තේ ජනතාවගේ ආරක්ෂාව සදහා බව සීගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කරයි.

451 views
Main News