සීතා අරඹේපොල විශේෂඥ වෛද්‍යවරියගේ කතාවෙන් ‘වියත්මග’ සභාවම තුශ්ණිම්භූතයි..

March 7, 2017 at 10:00 am | lanka C news
සීතා අරඹේපොල විශේෂඥ වෛද්‍යවරියගේ කතාවෙන් ‘වියත්මග’ සභාවම තුශ්ණිම්භූතයි..

රාජ්‍ය සෞඛ්‍යය සේවය සහ රාජ්‍ය සෞඛ්‍යය අධ්‍යාපනය කඩා නොවැටීමට ඉඩ නොදි එහි ප්‍රබලතාවය ගුණාත්මක භාවය අඛණ්ඩව රැක ගනිමින් පෞද්ගලික සෞඛ්‍යය අධ්‍යාපනය හා පෞද්ගලික සෞඛ්‍යය සේවය ද එකසේ ප්‍රමිතියකින් යුක්තව පවත්වා ගෙන යාම අනාගතයේ බිහිවන පිරිපුන් රටක් තුලින් බලාපොරොත්තුවන බව පසුගිය දා පැවති වියත්මග පලමු වාර්ෂික සමුළුව අමතමින් විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවාය.

චතුරාර්‍ය සත්‍ය සම්බන්ධව කතා කල විශේෂඥ වෛද්‍යවරිය පැවසුවේ එය මේ දිනවල නිතරම පුවත් මවන සේනාරත්න සොයාගත් සත්‍ය නොවන බවත් ඒ අප මහා මුණිවරයානන් සොයාගත් චතුරාර්‍ය සත්‍ය බවයි.

ප්‍රමිතියකින් යුත් බෙහෙත් වර්ග සාධාරණ මිලට ලබාදීම හොඳ දෙයක් වුවත් ප්‍රමිතියෙන් තොර බෙහෙත් අඩු මිලට ලබාදීමට කටයුතු කිරීම මෙන්ම ඉතා ඉහළ ප්‍රමිතිය බෙහෙත් අවශ්‍ය මිලකට ලබා ගැනීමට ඇති අයිතියද තහවුරු කල යුතු බව ඇය ප්‍රකාශ කරන ලදි. එහෙත් බාල බෙහෙත් අඩු මිලට ලබාදීමට සමහරුන් ක්‍රියා කිරීම තුලින් හොඳ ප්‍රමිතියකින් යුක්ත බෙහෙත්වල විශාල හිඟයක් රට තුල නිර්මාණය වෙමින් තිබෙන බවද ඇය ප්‍රකාශ කරන ලදි.

මෙම සමුළුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවත් වුන අතර වෘත්තීකයන් විශාල පිරිසක් සහභාගි වී සිටිය අතර එහි වැඩි පිරිසක් වෛද්‍යවරුන් වීම විශේෂත්වයකි.

1,104 views
Main News