සීනි කිලෝව 210යි.. කරන්න දෙයක් නැති බව ඇමති කියයි…

August 26, 2021 at 12:00 pm | lanka C news
සීනි කිලෝව 210යි.. කරන්න දෙයක් නැති බව ඇමති කියයි…

සීනි කිලෝවක සිල්ලර මිල ඇතැම් වෙළඳසැල රුපියල් 210 තෙක් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයන් චෝදනා කරති.

පසුගිය සතියේ සීනි කිලෝවක මිල රුපියල් 160 පැවැති අතර සතියක් තුළ සීනි කිලෝවක් රුපියල් 50 කින් පමණ ඉහළ ගොස් තිබේ.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ තොග වෙළඳුන් සීනි මිල ඉහළ දැමීම අපරාධයක් බවත් මේ වන විට ඔවුන් සීනි කිලෝවකින් රුපියල් සීයක පමණ ලාභයක් ලබන බවත්ය.

මෙය ඉතා අසාධාරණ බව කී අමාත්‍යවරයා දඩ මුදල් වැඩි කිරීමේ නීතිය ස්ථාපිත වීමට පෙර අධික ලාභයක් ලැබීමේ අරමුණින් වෙලදුන් මේ සඳහා පෙළඹී ඇතැයි ද සඳහන් කළේය.

අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට විකුණන පුද්ගලයන්ට එරෙහිව දඩ මුදල් වැඩි කිරීමේ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇතත් පාර්ලිමේන්තුවේ පළමු වර කියවීමට යොමු කර ඉන්පසුව එය නීතියක් බවට පත් වීම ප්‍රමාද වී ඇති නිසා තමන්ටද කරන්න දෙයක් නැතැයි ඔහු තවදුරටත් කියා සිටියේය.

42,170 views

36 Comments to “සීනි කිලෝව 210යි.. කරන්න දෙයක් නැති බව ඇමති කියයි…”

  1. Chandana says:

    බයවෙන්න දෙයක් නෑ. ස’ ජනාදිපති වුන ගමන් සීනි ගෙන්නන එවුන්ගෙ කනට ගහලා මිළ අඩුකරයි. කොහෙද මේ හිටන් ට ඒ වගේ දෙයක්වත් කරන්න බැහැ නේ.

  2. Chandana says:

    බයවෙන්න දෙයක් නෑ. ස’ ජනාදිපති වුන ගමන් සීනි ගෙන්නන එවුන්ගෙ කනට ගහලා මිළ අඩුකරයි. කොහෙද මේ හිටන් ට ඒ වගේ දෙයක් කරන්න බැහැ නේ.

  3. MD says:

    ඇත්තටම ඔබතුමාට හදවතට ඵකඟව ඔය ඇමතිකමට යමක් කලා කියලා සතුටක් ලබනවා නම් ඵ්ක බොරුවක් නේද?ඵදා ඔයා LITRO GAS ප්‍රශ්ණය වේලාවෙදීත් ආයතනය පැත්ත අරගෙන ලිස්සලා ගියා. ඔහොම කරන්න ඇමතිවරු වන්නේ මොකටද?රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ටවත් යමක් කරලා හෘද සාක්ෂියට ඵකඟව සතුටු වන්න.

Main News