සීනි තොග සැගවූ වියත්මග ගජමිතුරන්ගේ ලාබය දෙගුණයි.. මෙහෙම ගොං වැඩ, අමු වංචා කරන වෙන රටක් කියන්න…

September 7, 2021 at 2:10 pm | lanka C news
සීනි තොග සැගවූ වියත්මග ගජමිතුරන්ගේ ලාබය දෙගුණයි.. මෙහෙම ගොං වැඩ, අමු වංචා කරන වෙන රටක් කියන්න…

සීනි තොග සැඟවීම මගින් සීනි ආනයනය ජාවාරම්කරුවන් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් තිස් එකක අමතර ලාබයක් ලබා ගැනීමට හැකිවී ඇතැයි ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි.

එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ මෙම ලාභය ලබා ගන්නේ රුපියල් මිලියන 29,000ක සීනි බදු වංචාවට ද අමතරව බවයි.

රජය විසින් ලබාදෙන ලද බදුසහනය අනුව සීනි කිලෝ ග්‍රෑම් එකක නියම කළ මිල වන්නේ රුපියල් 85ක් වන නිසා ඒ අනුව සීනි ආනයන කරුවන්ට සියලු වියදම් සහ සාමාන්‍ය ලාභය ද ඇතුළත්ව ගෙවිය යුත්තේ රුපියල් අසූ පහක් හෝ ඊට අඩු මුදලක් බවයි.

නමුත් ඒ වෙනුවට සීනි කිලෝ එකකට රුපියල් 116ක් ගෙවීම් මගින් ජාවාරම්කරුවන්ට රුපියල් තිස් එකක අමතර ලාභයක් ලැබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

රජය විසින් අත්අඩංගුවට ගත් සීනි තොග සහ රට තුළ තිබෙන අනෙකුත් සීනි තොග එම මිලට විකුණන්න නම් ජාවාරම්කරුවන්ට අමතරව රුපියල් මිලියන 20,000 ක ලාභයක් ලැබෙන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මෙම මුදල බැඳුම්කර වංචාවෙන් කළ හානියට වඩා බරපතළ බව ද පවසන ඔහු මෙවැනි ගොං වැඩ හෝ අමු වංචා සිදුවන රටක් ලෝකයේ කොහේ හෝ ඇත්නම් පෙන්වා දෙන්නැයි අභියෝග කරන බවද කියා සිටියේය.

මෙම සීනි ජාවාරම්කරුවන් ජනාධිපතිවරණයට පෙර වියත්මගේ කිට්ටු වන්තයන් ලෙස පෙනී සිටියේ මේ ආකාරය වංචාවන් සඳහා වටපිටාව සකසා පෙනීමට බවද වසන්ත බණ්ඩාර මහතා පැවසීය.

අයුතු ලාභ ලැබීම සඳහා මෙම පිරිස් ජනාධිපතිගේ ගෞරවයට ද විශාල හානියක් කරන බවද පෙන්වා දුන් ඔහු ඔවුන් ජනාධිපති වරයාගේ කීර්තිනාමයට කරන ලබන හානිය සුළු කොට නො තකන බවද කියා සිටියේය.

102,314 views

33 Comments to “සීනි තොග සැගවූ වියත්මග ගජමිතුරන්ගේ ලාබය දෙගුණයි.. මෙහෙම ගොං වැඩ, අමු වංචා කරන වෙන රටක් කියන්න…”

  1. Gotaimbara says:

    If you know who is behind the racket, provide all the information to the CID and also to the media.

  2. Hee says:

    Ltl hora nadayathviyath maga kare thiyagena giye

  3. මහත්තයෝ ඔයා කතාකරන්නේ රුපියල් වලින්. සීනි වලට පිටරටවලට ගෙවන්න ඕනෑ ඩොලර වලින්. ඔයාත් නවසීලන්තේ ද්ව්ත්ව පුරවසියෙක්නේ. ලංකාවේ රුපියල් වලට එහෙ තියෙන දෙමල තොසේ කඩේකවත් බඩු දෙනවාද. අනෙක ඔයා ඉගෙනගත්ත දත් දොස්තර කෙනෙක්නෙ. ටිකක් වෙබ් එකට ගිහින් බලන්න ඔය නීති පාස්කරනකොට තිබුන ඩොලර් රේට් එකයි නීති ක්‍රියාත්මක වෙනකොට තිබුන ඩොලර් රේට් එකයි. අන්න එතකොට ඔයාට ඔය කියන වෙනස හොදට පැහැදිලි වෙයි. තවත් එකක් කියන්න තියෙනවා මහත්තයෝ. 2020 අන්තිම කාලේ විතර නැව් ගාස්තු වගේම කන්ටේනර් ගාස්තු එහෙමත් වැඩිවුනා. ඊට ඉස්සර ඩොලර් 1500 ට රෙන්ට් කරපු කන්ටේනර් එකට දැන් ඩොලර් 12400 ක් ගෙවන්ට ඕනෑ. ඔය ගෙනෙන සීනි වලින් තමයි ඒ වියදම් කවර් කරගන්න ඕනෑ. අනික ඔය ගෙන මුදලාලිලා තියා ඔය මහත්තයා හරි ගුණදාස අමරසේකර මහත්තයා හරි ඒ අයගේ පොකට් එකෙන් සල්ලි දීලා රටේ උන්ට කන්ට දෙන්නේ නෑනේ. ආදී කාලේනම් හිටියලු අනේපිඩු සිටාණෝ කියලා කෙනෙක්. දැන් කොහෙද ඒවගේ අය. යමක් කියනකොට හා කරනකොට ටිකක් හිතලා බලලා ලියන්ට කරන්ට. නැත්නම් මිනිස්සු ඔයාට ගොනෙක් කියයි.

    • kevin says:

      Very true !!!

    • රුපියල් 31 ක් කියන්නේ ඩොලර් වලින් සත 14 ක් විතර වෙනවා. ලෝකේ අනික් රටවල බඩුමිල වැඩිවෙලා තියෙන විදිහට මේක රුපියල් 31 ක් වැඩිවුනා කියන්නේ සීනි නිකන් දෙනවා වගේ. මේ යකා නිකන් ළිදක් ඇතුලේ ඉන්න ගෙම්බෙක් වගේනේ. මම හිතුවේ මුට ටිකක් හරි මොලයක් තියෙනවා කියලා. බලනකොට පිටකොටුවේ ඉන්න නාට්ටාමි කෙනෙකුත් මුට වඩා දන්නවා.

  4. sanipa says:

    According to news this sugar was imported in 2020 December and Ex bonded and duty rebate enjoyed. If it was imported on sight the $ would have been around 185 rev. . If purchase was on term or usance say max 180 days payment would have been in June or July when $ was 195 and dollar applicable to sugar from Jan to June too. The depreciation of $ from Dec, to now is around Rs 20. or 12 % . If sugar was Rs 85 the increase is 10 rs approx. Container cost was applicable as at December 2020 as this was the import time.

  5. මහාචාරි‍ය අනුර කුමාර says:

    නවසීලන්තයෙ ඉන්දියන් කඩේක තියන සෙකන්ඩ් ග්‍රේඩ් සීනි කිලෝ එකක් රුපියල් වලින් දෙසීයක් (NZ$1.50) විතර වෙනවා. 91 පෙට්‍රල් ලීටර එකක් රුපියල් තුන්සීයක් (NZ$2.40) විතර වෙනවා.ආනයනය කරන කොට වෙළඳ පොළේ මිලට ගන්න ඕනෑ. අපේ රටේ ප්‍රශ්නය මිල වැඩි කම නොව මිනිස්සුන්ගේ ආදායම අඩු වීමයි. විසඳුම රට ඇතුළේ තියන එකක්. වැඩ වලට වඩා හර්තාල්. කයිවාරු. අනුර කුමාර කියන මිනිහා ජාතික ආදායමට කීයකින් සහභාගි වෙනවාද? සතේක වැඩක් නොකර ගුරුවරු මාස කීයක පඩි ගත්තද?ජාතික නිෂ්පාදනය හා නිර්යාතය වැඩි කිරීම, ආනයනයට වඩා රටේ නිෂ්පාදනය කිරීම, ආදායම් එන ව්‍යාපාර දියුණු කිරීම තමා අව්ශ්‍යය.රටේ කළුගල් ටික ඉවර වෙනව කියල කොළඹ සිටි නවතන්න කියනව නම් ඊට එහා කතා කරල වැඩක් තියනවද

  6. පුත්තලම් පුට්ටු බුරුවා says:

    හපොයි විමලයගේ උපදේශකයෙක් නේද? සෑර්ව ගේන්න ජනතාව ගොනාට අන්දපු හොඳම ගොබිලයෙක් තමයි දැන් මොනවද මු කියවන්නේ ඕවා කියපන් කණ්නාඩියයක් ඉස්සරහට ගිහින් කියවන ගමන් වේවැලක් අරන් ගහ ගනින්

  7. පඩ ගදයො නිවැරදි කරවිය යුතුයි! says:

    තෝරාගනුළබන ක්‍රියාමාර්ග, අතිශය මෝඩ, අතිශය පහත් අරැමපුදුම තීරණ., අමු ගොබ්බයන් . , සුඛවිහරණය පසු පස හමන පඩ ගදයො නිවැරදි කරවිය යුතුයි!

    රාජපක්ෂ පව්ළම අම්මුම අමු ගොරකයො සෙට් එකක් බැවින් ඔබතුමා වහාම හඩ අවදි යුතුයි වහාම වැරදි නිවැරදි කරන ලෙස දැඩිව බළපෑම් කළයුතුයි. .! දීපු බළය තියාගන්න බැරි අමු ගොබ්බ යන්න බළතන්හාව ඉහවහා ගියනිසාවෙන්

  8. Thilak says:

    Apita inne gobbagobba Janadhipathi kneel.
    Ieya dena ganna one neda rate mokatada wenne kiayla.policiye , yudhdha hamudhawa,, budhdhi Andhra civilbarakshak balakaya , janadhipathi aramudal thiyenne apitada? Akaryashmaka nayakayek inna eka ratakata sudusu ne!

Main News