සීනි බදු වංචා මුදල නෙළුම් කුළුණ වියදම් පොඩ්ඩයි අඩු…

March 11, 2021 at 3:50 pm | lanka C news
සීනි බදු වංචා මුදල නෙළුම් කුළුණ වියදම් පොඩ්ඩයි අඩු…

මේ රටේ සිනි බදු මුදල් වලින් සිදු කල වංචාව රු කොටි 1590 ක් බවත් , එය නෙළුම් කුළුණ ඉදි කිරිමට ගිය මුදලට වඩා සුළු අඩුවක් බව කුරුණැගල දිස්ත්‍රික් පා.ම (සමගි ජන බලවේගය) නලින් බණ්ඩාර මහතා පැවසිය.

නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ මස්කෙලිය ආසනයේ සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලය (11) දින ගිනිගත්හේන ප්‍රදේශයේදි විවෘත කිරිමෙන් පසුව පැවති ජන හමුවේදිය.

මේ රටේ සිනි බදු මුදල් වලින් සිදු කල වංචාව බැදුම්කර  සොරකමට වඩා වැඩි බවත්,වත්මන් රජය පිහිටුවිමට සහයෝගය ලබාදුන් සියළු දෙනාට මේ වන විට වත්මන් රජය එපා වි ඇති බවයි නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා කියා සිටියා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කල ජනාධිපති කොමිසම් වාර්තාව අනුව සහරාන්ගේ පසුව එම සිද්ධියට සම්බන්ධ කිසිවෙකු නොමැති බව රජය ප්‍රකාශ කලද පාස්කු ප්‍රහාරය පසුපස සිටින්නේ  වත්මන් රජය පාලනය කරන අය බව නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා චෝදනා කර සිටියි.

මෙම අවස්තාවය මස්කෙලිය ආසනයේ සමගි ජන බලවේගයේ සංවිධායන කපිල නාකන්දල මහතාද සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

14,301 views

11 Comments to “සීනි බදු වංචා මුදල නෙළුම් කුළුණ වියදම් පොඩ්ඩයි අඩු…”

  1. රන්වල says:

    එයාල මෙයාලගෙ හොරකම් කියෝනව මෙයාල එයාලගෙ හොරකම් කියෝනව දෙගොල්ල තරගෙට හොරාකනව

  2. dev says:

    Nalin bandara
    gon buruwa

  3. Darshana abayakoon says:

    හැමොම කියනව අන්දරේ සීනි කාපු හැටි කවුරුත් කියන්නෑ මන් සීනි කාපු හැටි. මම තමයි හොදටම කෑවෙ.

    නඩු 35ක් තිබ්බ පට්ට හොරෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ නෙ ඉතින්.

  4. මිනිසුන් හැමදාම එකම බොරුව රැවෙටෙන්නෑ මහත්යෝ

  5. saman says:

    හැමෝටම වඩා හොදට මේකත් කලා නේද? කමක් නෑ අපිට ඉන්න රටක් තියන්වනේ නේද????????????????

  6. Alapaluwa says:

    රාජපක්ෂලගේ අතිජාත මිත්‍ර සජාඩ් මව්සූන් මුස්ලිම් මුදලාලි තමා ඔය කෝටි 1600 සීනි ගේම් එක දීල තියෙන්නෙ. ඔන්න අමු ගොන් බයියනි ඔය සීනි වල වඳ බේත් ඇති තොපි වඳවෙයි. 😀

  7. Hana says:

    මේකට වග කියන්න ඕනැ එවුන්ට හෙන ගහන්න ඕනැ…විශෙෂයෙන් නුශාඩ් එලියතම්බි වැනි සුදු කරපටි හොරැන්ට….බොරරවට වියත්මග විකුණන , ජනාධිපති ව විකුණන මේ වගෙ කාලකන්නි හිරේ යවන්න ඕනැ…..

  8. Nana says:

    මේ ආන්ඩුව ට විකෘති හොරැ ටිකක් රිංගුවා…..උංට හැම දෙයක්ම බිස්නස් සහ ඇක්ටිවිට…..සතොසෙ හිටපු සහ දැන් SLS එකේ ඉන්න නුශාඩ් එලියතම්බි එහෙම රගපු එකෙක්…බේට්ටක් දැමිමත් fb දානවා…සතොසෙ අහිංසකයන් එක්ක සෙල්පි අරං කටත් ඇදකරගෙන fb දානවා..ඒ උං සුන්දර වැඩ්ඩො කියල පෙන්නලා යටිං හොරකං කරන්න ….
    දැං වියත් මග විකුණල ,ජනාධිපති විකුනල ඇවිත කෝටි ගානකට කෙලල තාම යහතිං ඉන්නවා….මෙව්වට තමයි මිනිස්සු ට ආන්ඩුව එපා වෙන්නේ….

  9. කියන පලියට පිලිගන්නෙ නෑති එකා says:

    මං මේ කල්පනා කරන්නෙ, කෝටි 1600ක් බදු කිය කියා කෑ ගහනවා.
    සිනි කිලෝ එක 100ක් නම්, මහා පරිමානයෙන් ගෙනකොට ඕක කිලෝ එකක් 50ක් නම් සිනි කිලෝ කියක් නම් ගෙනල්ලද ?
    හැමෝම කියනවට පිලිගන්නත් බෑනෙ.

  10. GUNAYA says:

    There so fraud evn today JVP and copany can iport sugar for 25 cts per kg reduction kf tax cannot be consideed as fraud

Main News