සීනි බදු වැඩි කිරීම හොදයි.. එනිසා ජනතාවට දියවැඩියාව හැදෙන්නේ නෑ..- රාජිත

June 10, 2017 at 12:00 pm | lanka C news
සීනි බදු වැඩි කිරීම හොදයි.. එනිසා ජනතාවට දියවැඩියාව හැදෙන්නේ නෑ..- රාජිත

අලුත්ගම වෙළෙද ව්‍යාපාරික සමන්ත ද සිල්වා මහතා විසින් සෑම පොසොන් පොහොය දිනකම පවත්වන වියළි ආහාර පාර්සල් 2000 ක් ජනතාවට ඛෙදා දීම අලුත්ගම නගර මධ්‍යයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

මෙහිදී මාධ්‍යෙවිදීන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් සීනි බද්ද ඉහළ නැංවීම පිළිබද කරුණු විමසීය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“සීනි සදහා අය කරන බද්ද රුපියල් 10 කින් ඉහළ නංවා තිඛෙනවා. සීනි සදහා බදු ඉහළ නැංවිය යුතු බව 2015 වර්ෂයේ දී මම ප්‍රකාශ කළා. ඊට විවෙිචන රැසක් එල්ල වුනා. බෝනොවන රෝග පාලනය කිරීමෙි අරමුණින් තමයි මම එම ප්‍රකාශය සිදු කළේ. සීනි, මෙිදය හා ලුණු අඩංගු ආහාර වල බදු ප්‍රතිශතය ඉහළ නැංවිය යුතුයි. අපේ රටේ රෝහල්වලට ප්‍රතිකාර ලබාගැනීම සදහා ඇතුලත්වන රෝගීන්ගෙන් සියයට 70 ක් මිය යන්නේ බෝනොවන රෝග වලින්. එම නිසයි මම බදු වැඩි කළ යුතු බවට ඉල්ලා සිටියේ. සීනි සදහා අය කරන බද්ද ඉහළ නැංවීමෙන් හෝ සීනි පරිභෝජනය අවම වෙනවා නම් හොදයි. එය දියවැඩියා රෝගය පාලනය කිරීමට රුකුලක් වෙනවා.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

6 views

6 Comments to “සීනි බදු වැඩි කිරීම හොදයි.. එනිසා ජනතාවට දියවැඩියාව හැදෙන්නේ නෑ..- රාජිත”

  1. asaranaya says:

    කුනු දතාටත් දියවැඩියාව කියලා මොන්ටිචොරු චතුරයා ඊයෙ සිරිකොතෙදී කාටද කියනවා මට ඇහුනා.
    පොර කප් එක ගහන්නෙත් ඒකෙන් කියලයි ඌව කිව්වේ

  2. kamalsirikuruwita says:

    නියමයි ! අපි ගැනම තමයි නිතරම හිතන්නේ ! තව තවත් අපි ගැනම හිතල හාල් නොකා හිටපල්ලා බර වැඩි වෙලා ලෙඩ හැදෙයි පොල් නොකා හිටපල්ලා කොලෙස්ටරෝල් වැඩිවෙනවා . නාන් නැතුව හිටපල්ලා පිනස ඇදුම හැදෙනවා , බෙහෙත් නොබී හිටපල්ලා සෙනග වැඩි වෙනවා කිව්වොත් අපි ඉතින් එව්වත් කොරමු . මොකද අපිම කවුන්සිලේට යවපු අපේම කෂ්ටියනේ අපිට ආදරේ හින්දා නේ කියන්නේ. මේ ! හාමිනේ ඇහුනද ? මට පුන්නක්කු ටිකක් ගේනවද බොන්න. #@%^#%^*(

  3. Kolitha says:

    Pitikiri mila dubble karapalla…lamaita amma kukku witharak dewi…..thel mila ussapalla minissu thamange wahana gedara dala langama hari private bus ekaka hari yawiiiiiii…..huuuuuuuu

  4. bend to bend says:

    සීනි අනුභවයෙන් දියවැඩියාව හැදී දත් දිරා යන්නට පටන් ගන්නේය​.සීනි මිල වැඩි කර උක් දඬු හපන්නට දීම ව්‍යාප්ත කල යුතුය​.
    පාරම්පරික සහලින් පිසූ බත් කෑමෙන් රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි වන්නේය​.ආනයනික රබර් සහලින් බත් උයා බෝල කර ගිලීමෙන් බඩවැල් වල ඇති වස විස ඉවත් වේ.බඩේ වස විස නැති කල රබර් සහල් ගිල්ලා කියා හානියක් වන්නේ නැත​.දත් නැති උදවියට මෙය නිර්දේශ කල හැකිය​.
    දේශීය පලා වර්ග අනුභවය වස විස කෑමක් වැනිය​.වැඩි දියුණු කල පාට පාට ක්‍රෝටන් කොළ කෑමෙන් දත් ශක්තිමත් වීම සිදුවේ.
    මේ උපදෙස් ඉන්දියාවේ සංජේ දත්ගේ නොවේය​.දත් තිස් දෙකම පෙන්නා උපදෙස් දෙන අපේම කියා කියන අපේම නොවන එකෙකුගේය​.ඔහු නුදුරේදීම දත් නැතිව බත් කන්නට නියමිතය​.

  5. Ranilough de S Sirisenaa says:

    මෙම ලිපිය එළ කිරිය. ලියන්නාගේ ශෛලිය අගනේය. උන්නැහේ ළඟදීම ඇප් සී අයිඩිය වෙත දක්කා ගෙන යනු නොඅනුමානය. රාජ්‍ය දේපලක් වන වාතය අව භාවිතා කිරීම වැනි අභූත චෝදනාවක් හේතෙමේට එරෙහිව ගොනු වනු නොඅනුමාන යැයි මට හැඟේ.

  6. ilanga says:

    Mu wage kaala kanniyek ….
    Muta thiyennema kakussi katak thamai …
    Tho me ratata hariyanne naa

Main News