සීනි මිල පාලනය රජය අතහරී.. මිල නියම කිරීම වෙලදුන් අතට.. කිලෝවක නව මිල මෙන්න..

November 3, 2021 at 12:02 am | lanka C news
සීනි මිල පාලනය රජය අතහරී.. මිල නියම කිරීම වෙලදුන් අතට.. කිලෝවක නව මිල මෙන්න..

මෙතෙක් පැවති සීනි පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

සීන ආයනය කරුවන් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.

මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ පාරිභෝගිකයන්ට අවශ්‍ය සීනි හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කරන ලෙසයි.

මේ අනුව සීනි පාලන මිල ගැසට් අහෝසි කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන බව පාරිභෝගික අධිකාරිය කියා සිටියි.

සුදු සීනි කිලෝවක් රුපියල් 122ක් හා දුඹුරු සීනි කිලෝවක් රුපියල් 125ක් ලෙස පාලන මිලක් මෙතෙක් ක‍්‍රියාත්මක විය.

සීනි ආනයනකරුවන් පවසන්නේ සීනි කිලෝවක් රුපියල් 135-140ත් අතර මිලකට තොග මිලත් රුපියල් 150 සිමාවේ සිල්ලර මිල පවත්වා ගන්නා බවත්ය.

77,320 views

17 Comments to “සීනි මිල පාලනය රජය අතහරී.. මිල නියම කිරීම වෙලදුන් අතට.. කිලෝවක නව මිල මෙන්න..”

  1. Raja says:

    Vhande deela hama anduwakama horu thakkadi path karagena unta biliyana walin hora kewath udgosanaya Karan nathi ubala Badu ganan yanawata buranawa hahahaha

  2. 3% ට බය බයියා. says:

    විරුවවන් පරාජයට පත් කරමින් මාෆියාව ජය පිට ජය ගනි.69 ලක්ෂය කිරිබත් උයාගෙන කති.

    • 3% හුකු හුකු වාරිමාර්ග ඇමති වෙලා හිටියා. වැව් 1000 වැව් දහදාහ කරන්න ගියා. හුකු හුකු අන්තිමට රෙදි ගලෝගෙන යහපාලනයට සෙට් වුනා. අනේ මුන් කරන ආණ්ඩු. මුන් දන්න එකම න්‍යාය ආර්ථික සංවර්ධන නොව ඇට බිජු න්‍යාය

  3. 0.0069 MIN BIYYO says:

    කෝ මේ … … සෑර්ලෑ ටික

    මොල හතායි,,නමොල බූරු පුතානෝයි,
    කොන්ද පණ නැති සෑර් කාරයයි ..

    නොදකිං කාලකන්නි….
    සීනි පාලනය රජය අත් හරී? මොකේ පාලනයද මේ කාලකණ්නි රජය අතේ තියෙන්නේ? චීනය කුණු එවලා කෝටි ගණන් ඉල්ලනකොටත් ඒක එපා කියන්න හයියක් නැති මෝඩ දූෂිත රජයක් නොවැ මේ රජය.

  4. Gamarala says:

    මුදලාලි රජ වෙලා.

  5. baමුනා says:

    මොල හතම යොදවල තියෙන්නෙ ජරාව කන්න තමා.. ජනතාවට හුලන්

  6. අවශ්‍ය නෑ says:

    මිනිස්සු අසරණ වෙලා වෙන රජයක් පත් කළා. මිනිස්සු සතුටු උනා. මොකද සහනයක් බලා පොරත්තු උන නිසා. අන්තිමට සිද්ද උනේ අපිව කබලෙන් ලිපට වැටිලා එතනිනුත් පහළට වැටුණා වගේ දෙයක්. මේ රටේ සම්පූර්ණම රජය නැති කරන්න ඕනේ. එතකොට හැමදේම හොදින් වෙනවා. මං නම් කියන්නේ එකෙක්ට ඡන්දය දෙන්න එපා මේ පාර. ගෝඨා නෙවෙයි මොන කැරී බල්ල අවත් එකයි. උන් උන් හම්බ කර ගන්නවා එච්චරයි.

Main News