සීනි හංගන්නේ මිල වැඩි කරන්නයි..- වක්කුඹුර

October 19, 2021 at 12:00 pm | lanka C news
සීනි හංගන්නේ මිල වැඩි කරන්නයි..- වක්කුඹුර

‘දේශීය සීනි සත පහකින්වත් වැඩි කරන්නේ නැහැ. මම සහතිකයක් දෙනවා. අතිගරු ජනාධිපතිතුමා මට කියල තියෙන්නේ අඩු කරන්න පුලුවන්නම් අඩු කරන්න කියල.ම ‍දේශීය සීනි වැඩි කරන්නේ නැහැ පුලුවන්නම් අඩු කරනවා. දැන් මම මේ සදහා නම ක්‍රමවේදයක් හදනවා. සතොස සමූපකාර වලට දුනනද ගමේ පුංචි කඩේට යන්නේ නැහැ. ඒ නිසා ගමේ කඩේ විකුනන්න ක්‍රමවේදයක් හදනවා’ කුඩා වැවිලි බෝග වගා සංවර්ධන ආශ්‍රිත අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමුර මහතා අදහස් දැක්වීය.

ඇඹිලිපිටිය මොරකැටිය මාර්යේ බෞද්ධ මන්දීරයක් විවෘත කිරීමේ අවස්තාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.ඇඹිලිපිටියේ ව්‍යාපාරික සමිත ගයාන් මහතා ගේ ධන පරිත්‍යාගයෙන් මෙම බෞද්ධ මන්දීරය  නිමවිය. එම අවස්තාවට පැමිණ සිටි කතරගම වාසනා හස්තියා විසින් ප්‍රතම නෙලුම් මල් පූජාව සිදු කරන ලදී.

ඒ සම්බන්දයෙන් හා ගුරු වර්ජනය සම්බන්ධයෙන් අමාත්‍ය වරයා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

‘රටේ යම් කිසි පිරිසක් ඉන්නවා මිල වැඩි කරන්න ගියාම බඩු හංගනවා. මේ ගැසට් ගැහුවාම මේ ගැසට් ආපස්සට ගන්න වෙන්නේ මේ ව්‍යාපාරිකයන් හැමවෙලාවෙම හිතන්නේ තමන්ගේ පැත්තේ ඉදල. මේ රටේ සීනි නිෂ්පාදනය කරන නිසා ඔය ව්‍යාපාරිකයන්ට ඕන විදියට ආණ්ඩුව නැටවෙන්නේ නැහැ.

මෙතෙක්කල් ටෙන්ඩර් දාල දුන්න ක්‍රමය අහෝසි කරල පුංචි කඩේට පාලන මිලට සීනි විකුණන්න වැඩ පිළිවෙලක් හදල දෙනව.

සුබෝධනී කමිටුව පත්කලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘර්තීය සමිතියේ ඉල්ලීමට. අපි අනු කමිටුවක් පත්කලා ඒකේ තිබුනා වාරික හතරකදි ගෙවන්න කියල. අවුරුදුක් කරන්න බැරිවුන වැඩේ වාරික හතරකින් ගෙවන්න කිව්වම ආන්ඩුවට කිව්වා මැද තැනකට එන්න කියල ආන්ඩුව අඩි දෙකක් පස්සට ගත්තා. හතර දෙක කලා හැබැයි මස් රාත්තල ඉල්ලන ගුරු සම්ගම් එක අඩියක්වත් පස්සට ගත්තේ නැහැ.

මේ රටේ දරුවන්ට ආදරය කරන ගුරුවරු ලබන    වැනිදා ස්කෝලෙට එනවා. ඒ අය කියනවා ආණ්ඩුව අඩි දෙකක් පස්සට අරගෙන මේ ප්‍රහ්නය විසදලා තියෙනවා. ඒ නිසා මේ රටේ දරුවන්ට ආදරය කරන ගුරුවරුන්ට කියනවා.  වැනිදා පාසලට ඇවිත් පුංචි දරුවන්ට උගන්නවන්න මාස ගණනක් ගෙදර හිටියා දරුවන් සුදු ඇදුමක් ඇදගෙන ස්කෝලෙට යවන්න දෙමාපියන් බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා. මම අහනවා මේ හැමෝගෙම හිග වැටුප ගෙවාගන්න පුලුවන් කවද හරි දවසක. අවුරුද්දකින් හරි ගෙවන්න පුලුවන් හැබැයි දරුවට ඒ වයසෙදි දිය යුතු අධ්‍යාපනය නැවත දෙන්න බැහැ.

ගිය අවුරුද්දේ එකට ගිය දරුවා මේ අවුරුද්දේ දෙකේ. එක අවුරුද්දක් ඒ දරුවන්ට ස්කෝලේ යන්න බැරිවුනා. උසස්පෙලින් පස්සේ විශ්වවිද්‍යාලයේ ගිහින් රස්සාවක් කරන්න තියෙන කාලය තමයි මේ නැතිවෙලා තියෙන්නේ. මේ වෙලාවේ අපි ගුරුවරුන්ට ආයාචනයක් කරනවා ඔබ රට වෙනුවෙන් මේ දරුවන්ට උගන්වන්න. අඩියක් පස්සට තිව්වා නෙවෙයි අගමැත්තුමා මැදිහත්වෙලා ඒ අයගේ ඉල්ලීම් ලබල දීල තියෙනවා. සියලුම ගුරුවරුන්ට කියනවා ඉල්ලීමක් කරනවා මේ වලාවේ පාසලට ඇවිත් දරුවන්ට අධ්‍යාපනය ලබල දෙන්න. ඔබේ ඉල්ලීම් ලබල දෙන්න අපි කැපවෙලා කටයුතු කරනවා.

රටේ දරුවන් වෙනුවෙන් ගන්න ඒන ක්‍රියා මාර්ගය සදහා ආණ්ඩුව පසුබටවෙන්නේ නැහැ ගන්නවා. මේ රටේ දරුවන්ට උගන්වන්න ඕන මේ දරුවන් ගෙදර හිටියා.දරුවන්ට උගන්වන්න පුලුවන් මොකක්ද ගන්න ඕන ක්‍රියා මාර්ගය ඒ ක්‍රියාමාර්ගය අරගෙන අපි දරුවන්ට උගන්වනවා. ගරු සංගම් කිහිපයක් එන්නේ නැහැ කිව්වට ගුරු සංගම් ගණනාවක් පාසල් එනව කියල තියෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ගුරුවරු රටටම කිව්වා අපි පාසල් යනව කියල විදුහල්පතිවරුක් විතර ආවා. අපි බලමු ඒ ආවට පස්සේ ඒ දවසින් පස්සේ අපි ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියල.

මේක අපි ගෙනාපු සටන. කාගෙද සටන ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ගුරු වෘර්තිය සමිති සටන. දැන් මේක වෙන කට්ටියක් අතට අරගෙන තියනවා. ස්ටාලින්ලගේ ඔලුපලනකොට ඒ ආණ්ඩුව කාලේ කතාකලේ නැහැ. අපි ඔලු පැලුවේ නැහැ. අපි එහෙම න්‍යාය පත්‍රයකට යන්නේ නැහැ. අපට අවහ්‍ය නැහැ ගුරුවවරුන් තලා පෙලා ගුරුවරුන්ගෙන් බලහත්කා‍රයෙන් වැඩ ගන්න’

– ප්‍රගීත් ජනක

6,837 views

9 Comments to “සීනි හංගන්නේ මිල වැඩි කරන්නයි..- වක්කුඹුර”

  1. malraj says:

    pawe neda hotan..

  2. කැලණියේ නයා says:

    ගුරුවරුන්ට ජෙප්පොන්ට මුදලාලිලාට බැන බැන ඉන්න නම් මොකටද බන් ආණ්ඩුවක් ඔන්න ඕක චීනට දීල බොලා ඔය බයි රෑනට පචයක් කෙලන් ඉදහල්ල.උන් හරි ආසයි හෙළ බයිලා එහෙම අහන්න ලේ රත් වෙන්න ඔය මොනව හරි කියෝ කියෝ ඉදහල්ල.

  3. 3% ට බය බයියා. says:

    ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර දිය හැක්කේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .අවුරුදු 74 ක්
    තිස්සේ තාම ධනපති පංතියේ පාලකයින් ට දුප්පත් ජනතාව පොහොසත් කිරිමට නොහැකි බව ඔප්පු කරලා තියෙන්නේ .විරුවන්ට පවා බැරි විය.එදත් ලංකාව දියුණු වෙමින් පවතින රටක් අදත් එහෙමයි .නමුත් දේශපාලකයන් සහ ඔවුන්ගේ පවුල් පිටින් ගජමිතුරු කල්ලි ජනතාව ගොනාට අන්දවා සුපිරියටම ජීවත් වෙනවා කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .

    • 3% නැති ජෙප්පා says:

      ඒ කියන්නේ ප්‍රස්න කවදාවත් විසදෙන්නේ නෑනේ.

      • 3% ට බය බයියා. says:

        දැන් ප්‍රශ්න විසදිලා තියෙනවා කියලා නූතන වහල්ලු හිතාගෙන හිටියා ට බුද්ධිමත් ජනතාව එහෙම හිතන්නේ නැහැ

    • ජෙප්පන්ට මොලයක් ජාතික ව්‍යපරය says:

      කියපංකො බං එවුන් හරියට කරපු එක වැඩක් වැඩිය එපා බං එකම එකක්… හැමදාම රෙද්දේ බඩයන සීන් තමයි…. අය්යෝ පිංවත….

      • 3% ට බය බයියා. says:

        උන්ට දීලා බලහන්කෝ ඊ ළග පාර කරන හැටි බලන්න .

  4. baමුනා says:

    ගැසට් පිට ගැසට් ගහලා මුන් බිලියන ගනන් මුන්ගේ සීනි යාලුවන්ට දීලා දැන් අපිට බොරුව දානව..

  5. සුනිල් ජයන්ත, කොටාමුල්ල says:

    මෙි ඇමතියා හරියට ඔලෙවල්වත් පාස්නැති මැටි මෝලෙක්. ගෑණි පුද්ගලික ලේකමි. මන්ත්‍රී හැටිය⁣ට පත්වෙන කොට පොඩි ගේක හිටපු එකා දැන් විශාල ගෙවල් දෙකක් හැදුවා. කොළඹ එක ගෙයක් මෙහේ තව මන්දිරයක්. කිසිම රැකියාවක් සහ ව්‍යාපාරයක් නොකළ, මුලින් JVP කළ නිසා 88/89 දි හමුදාවට අහුවෙලා බූස්ස කඳවුරේ ගතකළ, මෙි ඇමතිට මෙචිචර සල්ලි කොහෙන්ද? අමාත්‍යාංශයෙ සල්ලිවලින් බාප්පගෙ තවානෙ පැල මිළදී අරගෙන නොමිළයේ මොහුගේ අධාරකරැවන්ට පමණක් බෙදාදෙනවා. තනතුරැවලට පවුලෙ සෙටිඑකක් දාගෙන ගේමදෙනවා. මුංට යන්න අපායක් තියෙයිද? අමතිකමට පත්උනාම නමි කයිවාරැ ගැහුවා සෙවනගලින්, පැලවත්තෙන්, හිඟුරානෙන් සීනි හදල අඩුවට දෙනව කියල. පමිපෝරියෙ හැටියට වැඩනෑ.