සීනි හා පොල්තෙල් වංචාවට ෂැංග‍්‍රිලා හෝටලය රජයට පවරාගත යුතුයි.. නැතිනම් පාඩුව ගෙවන්නේ මුදල් ඇමතිගේ බූදලයෙන්ද..

March 22, 2021 at 10:02 pm | lanka C news
සීනි හා පොල්තෙල් වංචාවට ෂැංග‍්‍රිලා හෝටලය රජයට පවරාගත යුතුයි.. නැතිනම් පාඩුව ගෙවන්නේ මුදල් ඇමතිගේ බූදලයෙන්ද..

සීනි සහ පොල්තෙල් වලින් මෙරට ජනතාවට කළ අති විශාල පාඩුව වෙනුවෙන් ෂැන්ග්‍රිලා හෝටලය රජයට පවරා ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එසේ නොවුන හොත් එහි පාඩුව ගෙවන්නේ කවුදැයි ඔහු ප‍්‍රශ්න කරයි.

‘සීනි හා පොල්තෙල් වලින් ජනතාවට කළ විශාල පාඩුව වෙනුවෙන් ෂැන්ග්‍රිලා හෝටලය රජයට පවරා ගත යුතුයි. ආණ්ඩුව ඒක කරන්න ඕනේ. නැත්නම් මේ අලාභය කවුද ගෙවන්නේ. මුදල් ඇමතිගේ බූදලයෙන්ද ගෙවන්නේ. එහෙම නැත්නම් අමාත්‍යාංශ ලේකම්ගේ සාක්කුවෙන් ද ගෙවන්නේ. මේකට තිබෙන එකම විසඳුම සති දෙකක් ඇතුළත ෂැංග්‍රීලා හෝටලය රජයට පවරාගෙන ජනසතු කරන එක’ යයිද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සති අන්ත මව්බිම පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

75,522 views

19 Comments to “සීනි හා පොල්තෙල් වංචාවට ෂැංග‍්‍රිලා හෝටලය රජයට පවරාගත යුතුයි.. නැතිනම් පාඩුව ගෙවන්නේ මුදල් ඇමතිගේ බූදලයෙන්ද..”

  1. Rasika says:

    සබද විජේදාස හෙට ඔබ කොතනද?

    • ශිරාන් says:

      සබද රසික.

      මේ පාඩුව දැන් ගෙන්වන්නේ තෝගේ බාප්පද.

      නැත්තං උබල වගේ වහල් බයියෝ විතරද.

      නැත්තං රටේ සමස්ත මහජනතාවද

      • Ssd says:

        දැන් වහල් පොයියන්ට අමතකයි වගේ උන්ගෙ ස්වාමියො බැංකු කඩපු හැටි..නිකං මලෙන් පීදිලා වගේ කතා කරන්නෙ… අනික මුන්ගෙ මාර තර්ක තියෙන්නෙ.. රටක ප්‍රතිපත්තිමය තීරණයක් වශයෙන් බදු අඩු කළොත් උන් කියන්නෙ අඩු වෙච්ච ගාන වංචා කළා කියලා…මාර, විස්මිත ආර්තික විද්‍යා දැණුමක් ඒක.. පොයියන්ගෙ අවුරුදු පහේ රට සුකිත මුදිත වුනේ ඒක තමා.. මාරයි.. මාරයි….මාරම මාරයි…

        • harsha says:

          හැබැයි බදු සහනය හම්බවෙච්ච සීනි ටික සතොසෙන් වැඩි ගානට මිලදී ගෙන අඩුවට වික්කාම වාසි වෙන්නේ කාටද?

  2. රන්වල says:

    එක ඇමති පට්ටමකින් පාඩුව ලාභෙ වෙනවට මෙන්න කැට

  3. kalana says:

    බාගයක් පවර ගන්න පුළුවන්, මොකද අනිත් බාගේ රාජපක්ෂ ල ගාව. ඔය සල්ලි වලින්ම ගහල රටත් අල්ලනවා.

  4. FoolishLankan says:

    PM please expel this guy from your party, this is a unp bug, supporting sajith?
    He will jump anytime? before that take action.

  5. තේ බීම තහනම්..! කෝපි බොමු..! says:

    උසාවියෙන් විනාශ කිරීමට නියෝග කළ රුපියල් කෝටියක් පමණ වටිනා කසළ-තේ කන්ටේනර් තුනක් විනාශ නොකොට යළි ජාවාරම්කරුවකු අතට පත් කරලා..! !
    තේ බීම තහනම්..! කෝපි බොමු..!

    • Mangala says:

      මේ තේ නෑවත ශ්‍රීලංකාවේ අයටම බොන්න වෙනවා. Auction එකෙන් ගන්නේ sweeping කියලා. මෙයට හොද තේ ටිකක් එකතු කරල mix කරල විකුනනවා

  6. වැල ජුවාන් says:

    මෙලෝ රහක් නැති ගෙම්බෙක්, තමන් බලාපොරොත්තු වෙන දේ නොලැබුනාම එහෙන් මෙහෙට පනිනවා මෙ පැත්තෙනුත් නොලැබුනාම ආයිම එහෙට පනිනවා මුන් අපේ බදුමුදල් කාබාසිනියා කරලා පාර්ලිමේන්තු ගිහිල්ලා රටට අඹමල් රේණුවක දෙයක් කරලා නෑ ඌන්ට කරගත්තා මිසක්, අපේ හරක් මුන්ටත් චන්දෙ දෙනවානේ අනේ අම්මපා.

    • harsha says:

      විජේදාසට පහර දීමෙන් ඔහුගේ ප්‍රකාශය බොරු බව ඔප්පු කළ හැකිද?

  7. Mssilva says:

    So it Shajad Mawzoom involved in sugar scam. Please ibvestigate if anything wrong haooened do necessary to reimberse the losses. Proper audit should be done.

  8. මේ වගෙ උන් පාර්ලිමේන්තුවට ආයේ එපා says:

    ඊළඟ ජනාධිපති රාජපක්ෂ කෙනෙක්… හැබැයි , මහින්ද මහත්තයාගෙයි ගෝඨාභය මහත්තයාගෙයි නෑයෙක් නොවේ කියලා රජරට පරසිදු මෑණියෝ කෙනෙක් ළඟදි කියලා තිබ්බා

  9. bayya says:

    හතරබීරි කතා නොකිය මොකක්ද සම්බන්ධෙ කියල කියපල්ලා සීනිව්ස් ඔයත් ඔහේ දානවා. දැන් සීනි ලංකාවට ආනයනය කරන්නෙ ෂැන්ග්‍රීලා හෝටලයද? ඒකෙ කාමරවල තියෙන්නෙ සීනිද?

  10. සමන්ත says:

    සිනි ගෙන්වීම පාඩුව සහ ෂැංග්‍රිලා හෝටලය අතර සම්බන්ධය කුමක්ද? නොදන්න නිසා අහන්නේ. මේ පාඩුව පියවා ගැනීම කල යුත්තේ ආදාල ජනතා නියෝජිතයන් කියා ගන්නා අයගෙන් බව ⁣මොහුට නොතේරෙන එකනේ පුදුමේ.

Main News