සීනි හා පොල්තෙල් වංචාවට ෂැංග‍්‍රිලා හෝටලය රජයට පවරාගත යුතුයි.. නැතිනම් පාඩුව ගෙවන්නේ මුදල් ඇමතිගේ බූදලයෙන්ද..

March 22, 2021 at 10:02 pm | lanka C news
සීනි හා පොල්තෙල් වංචාවට ෂැංග‍්‍රිලා හෝටලය රජයට පවරාගත යුතුයි.. නැතිනම් පාඩුව ගෙවන්නේ මුදල් ඇමතිගේ බූදලයෙන්ද..

සීනි සහ පොල්තෙල් වලින් මෙරට ජනතාවට කළ අති විශාල පාඩුව වෙනුවෙන් ෂැන්ග්‍රිලා හෝටලය රජයට පවරා ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එසේ නොවුන හොත් එහි පාඩුව ගෙවන්නේ කවුදැයි ඔහු ප‍්‍රශ්න කරයි.

‘සීනි හා පොල්තෙල් වලින් ජනතාවට කළ විශාල පාඩුව වෙනුවෙන් ෂැන්ග්‍රිලා හෝටලය රජයට පවරා ගත යුතුයි. ආණ්ඩුව ඒක කරන්න ඕනේ. නැත්නම් මේ අලාභය කවුද ගෙවන්නේ. මුදල් ඇමතිගේ බූදලයෙන්ද ගෙවන්නේ. එහෙම නැත්නම් අමාත්‍යාංශ ලේකම්ගේ සාක්කුවෙන් ද ගෙවන්නේ. මේකට තිබෙන එකම විසඳුම සති දෙකක් ඇතුළත ෂැංග්‍රීලා හෝටලය රජයට පවරාගෙන ජනසතු කරන එක’ යයිද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සති අන්ත මව්බිම පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

75,541 views

19 Comments to “සීනි හා පොල්තෙල් වංචාවට ෂැංග‍්‍රිලා හෝටලය රජයට පවරාගත යුතුයි.. නැතිනම් පාඩුව ගෙවන්නේ මුදල් ඇමතිගේ බූදලයෙන්ද..”

  1. GAMINI SENANAYAKE says:

    දැන් නං ඔහොම කියයි. ජනාධිපති වුණාට පස්සේ, ඕක පවර ගන්න ගියහම, sangilla කාරයගෙන් කෝටි ගානක් ජරාවක් හම්බ උනාමta, පස්සේ ඔය කියන කියවිල්ලට මොකක් වෙයිද, කියලා වෙන්නත් දෙයියො වත් දන්නෙ නෑ.

  2. Bandarawatta says:

    මූට පිස්සුද, නැත්නම් හැටිද

    • Bandara says:

      Shangri-La එකයි සීනි අනායනය කරපු සමාගම් දෙකම එකම මවු සමාගමෙ ආයතන. එකයි ඔහොම කියන්න අත්තෙ.

  3. Duminda says:

    මේ දෙපත් නයාගෙ වයර් මාරු වේගන එනවා වගේ

Main News