සීමා නිර්ණයට එරෙහි නඩුව ඉවත් කර ගැනීමට සූදානම්.. ඡන්දය එකම දිනෙක..- ඇමති ෆයිසර්
November 30, 2017 at 12:00 pm | lanka C news
පළාත් පාලන මැතිවරණයේ කොට්ඨාශවල සීමා නිර්ණයට අදාල ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් ඉවත් කර ගැනීමට කටයුතු සූදානම් වෙමින් තිබේ.
එම පෙත්සම් කරුවන් ඒවා ඉවත් කර ගැනීමට එකගතාවයට පැමිණි බව පළාත් පාලන හා පළාත් සභා ඇමති ෆයිසර් මුස්තාෆා මහතා සදහන් කරයි.
මේ අනුව රට පුරා පළාත් පාලන ඡන්දය එකම දිනකදී පැවැත්වීමේ හැකියාවක් නිර්මානය වෙමින් ඇති බවද ඔහු පැවසීය.
ඇමතිවරයා මේ බව කියා සිටියේ අද පෙරවැවේ පාර්ලිමේන්තුව අමතමිනි.
වයි ෆයි ෆයිසර් ඇතුළු හිවල් රැල වල් පල් දෙඩවීමෙන් පලක් නැත.මැතිවරණයට එරෙහිව නඩු දැම්මේ කවුරුන්ද යන වග දැන් ප්රසිද්ධ රහසකි.දැන් මුන් කල යුත්තේ පාළු දූපතකට ගොස් නිරුවතින් ජීවත් වීමය.ඇඳුම් නොමැතිව ජනයා අතර ගැවසීම සදාචාර විරෝධී ක්රියාවකි.මුන් එකෙකුටවත් ඇඳුම් නැත.
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියල කියමනක් තියෙනවා. මෙතන ඉතින් ගැසට් එකත් මෙයාගේ, පෙරකදොරුවත් මෙයාගේ ගෝලය, පෙත්සම්කරුවොත් මෙයාගේ ඇමති යාලුවන්ගේ ගෝලයෝ. සභා 93 ඒකාබද්දෙට වාසිය් කියල දැනගත්තම ඕක වෙනවමි කියල ගම්මම්පිල මන්ත්රීතුමා කිව්වා දැන් දවස් දෙකකට කලින්. එතුමාගේ සාස්තරේ හරියටම හරි.