සීමා නිර්ණය නැතිව පලාත් සභා මැතිවරණය බෑ.. නීතිපති අධිකරණයට දන්වයි.. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රහසින් ජනපතිට..

August 24, 2019 at 12:40 pm | lanka C news
සීමා නිර්ණය නැතිව පලාත් සභා මැතිවරණය බෑ.. නීතිපති අධිකරණයට දන්වයි.. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රහසින් ජනපතිට..

සීමා නිර්න වාර්තාව නොමැතිව පළාත් සභා ඡන්දය පැවැත්වීමට නොහැකි බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.

එමෙන්ම පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බවද නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ දැනුම් දෙනු ලැබීය

පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් අධිකරණයෙන් සිදු කරන ලද මතවිමසීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ බව නීතිපතිවරයා විසින් දන්වනු ලැබීය.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලීම පිළිබඳ විභාගය අවසන් කරමින් එහි තීන්දුව රහසිගතව ජනාධිපතිවරයා වෙත දන්වා යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.

මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් පෙනී සිටි සියලුම පාර්ශ්වයන් එක් අදහසක සිටීම විශේෂත්වයකි.

52 views

6 Comments to “සීමා නිර්ණය නැතිව පලාත් සභා මැතිවරණය බෑ.. නීතිපති අධිකරණයට දන්වයි.. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රහසින් ජනපතිට..”

  1. Janathawa says:

    What the people impatiently awaits is the Presidential election .They have no interests at all for provincial council elections now,which should have been held long time ago if they were truly democratic.

  2. තප්පුලන ලිවේරා says:

    කරුණ 06 ක් යටතේ පසුගිය රාජපක්ෂ පාලන සමයේදී සිදු වූ ආන්දෝලනාත්මක අපරාධ කිහිපයක විමර්ශන වාර්තා අසතුටුදායක බව නීතිපතිවරයා පෙන්වා දෙයි.
    ඒ අනුව ඉදිරියේදී බොහෝදුරට සිදුවිය හැක්කේ මෙම අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් කිසිවෙකුටත් නීතිය ක්‍රියාත්මක නොවී මෙම සිදුවීම් සම්බන්ධ ලිපිගොනු වසා තැබීමයි. මෙතෙක් කලක් සිදුවූයේ යුක්තිය පසිඳලන පාර්ශ්වයන් විසින් වින්දිතයා වෙනුවට පීඩකයා ආරක්ෂා කිරීම වෙනුවෙනි. නීතිපතිවරයාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වත්මන් ක්‍රියාකලාපය අනුව පැහැදිලි වන්නේ ඉදිරියටද එහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

  3. L. V.T.Perera says:

    seema nirnaya kirimata thawa awurudu 5 k giyath mathi waranaya naha ? Prajathanthra wadaya Uthura gala yanawa,

  4. Gonsun says:

    Dahasak Jamapathin apa lebuwath nisaruuu
    Edithara baven yuthu Janapathi itha garu
    Ekawarayen L T T ya nethi kerawu
    Maarata apey gavuravaye netha Siduru

    Samanala Rana saha Ranasinhalage evun
    Weda beri unath kiyawannata hapan evun
    Ekek dakshaueki kedumata banku horen
    Anikaa dakshayeki nidahan ganna horen

  5. sinha le says:

    සුලු ජාතින්ට ඕනේ විදියට චන්දය නොතබන්න

  6. Nandasoma says:

    කෝ එතකොට ජනතා පරමාධිපත්‍යය?

    පාර්ලිමේන්තුවේ 2/3 කින් සම්මත වී ජනමත විචාරයකින් ද ව්‍යවස්ථාව වෙනස් කරණතුරු මැතිවරණ කල් දැමිය නොහැකි ය.

Main News