‘සී හැඩය ගන්නා ආර්ථික කොරිඩෝ නවයක් හදනවා..’- ජනපති

February 24, 2020 at 8:02 am | lanka C news
‘සී හැඩය ගන්නා ආර්ථික කොරිඩෝ නවයක් හදනවා..’- ජනපති

හම්බන්තොට වරාය, මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළ හා වාණිජ අගනුවර වන කොළඹ  සම්බන්ධ කෙරෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ අවසන් අදියර වන පාලටුව සිට බරවාකුඹුක දක්වා කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් (23) ජනතා අයිතියට පත් කෙරිණ.

ගොඩගම පාලටුව  අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසළදී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු පිරිස පාලටුව සිට දක්ෂිණ අධිවේගය ඔස්සේ බරවාකුඹුක දක්වා ගමන් කළහ.

එහිදී පසු කෙරුණු සියලු  පිවිසුම් මාර්ග අසළ රැදී සිටි ජනතාවගෙන්  උණුසුම්  ප්‍රතිචාරයක් පළ විය.

විවෘත කෙරුණු පාලටුව සිට බරවාකුඹුක දක්වා කොටසේ දිග කි.මි 58ක් වන අතර   වැය වූ මුදල රුපියල් බිලියන 169කි.

පාලටුව සිට හම්බන්තොට දක්වා දුර කි.මි 96 කි.  අදියර 04 ක් යටතේ  මාතර- බෙලිඅත්ත , බෙලිඅත්ත – බරවකුඹුක,  බරවකුඹුක – අන්දරවැව හා  අන්දරවැව – මත්තල කොටස් ඉදිකෙරිණ. ඊට වැය වූ මුදල රුපියල් බිලියන 225කි.

කොළඹ සිට කි.මි 222 ක් වන  මෙරට ඉදිකෙරුණු  දීර්ඝම අධිවේගී මාර්ගය මෙයයි.  නව කොටස රථ වාහන ධාවනයට එක්වීමෙන් කොළඹ සිට කතරගමට පැය තුන හමාරකදී ළගා විය හැකිය.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ දැනට භාවිත මාතර ගොඩගම පිවිසුම මින් ඉදිරියට භාවිත නොකෙරෙන අතර පාලටුව නව පිවිසුම ඊට එක් වෙයි. මාතර සිට හම්බන්තොට දක්වා කොටස අපරැක්ක, බෙලිඅත්ත, කසාගල, අගුණු කොළ පැලැස්ස, බරවාකුඹුක සහ සූරියවැව යන අන්තර් හුවමාරු 06 කින් සමන්විත වේ.

බරවකුඹුක පිටවීම ස්ථානයේ පැවති ප්‍රධාන ජන හමුව අමතමින් පසුගිය ආණ්ඩුව අත්හැර දැමූ දැවැන්ත සංවර්ධන ක්‍රියාවලිය යළි ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය. අධිවේගි මාර්ග ඉදිකරනවා මෙන්ම ඒවායෙහි නිදහසේ ගමන් කළ හැකි අයුරින් ජාතික ආරක්ෂාව තහවුරු කරන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

කොළඹ වරාය, කටුනායක ගුවන්තොටුපොළ කේන්ද්‍රකරගෙන වාණිජ හා මූලය කේන්ද්‍රස්ථානයක් ගොඩනගනවා. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ කේන්ද්‍ර කර ගනිමින්  අන්තර්ජාතික කාර්මික හා සේවා සැපයුම් කේන්ද්‍රස්ථානයක් ගොඩනැගීමට ද සැලසුම් කර තිබේ. ත්‍රිකුණාමලය, කංකසන්තුරේ වරායන් කේන්ද්‍ර කරගෙන සී හැඩය ගන්නා ආර්ථික කොරිඩෝ නවයක් ගොඩනැගිමට රජය ක්‍රියා කරන බව ද මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

මේ සියල්ල ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහනේ සඳහන් කර තිබෙන බව එතුමා කියා සිටියේය.

අමාත්‍ය චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු අමාත්‍යවරු, නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද, රාජ්‍ය නිලධාරිහූ ඇතුළු  විශාල පිරිසක් මේ අවස්ථාවට  එක්ව සිටියහ.

විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවීමට පෙර ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මාතර, පාලටුව බෞද්ධෝදය මහා විහාරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

විහාරාධිපති පූජ්‍ය ගැටමාන්නේ ගුණානන්ද හිමි ඇතුළු විහාරස්ථානය වෙත වැඩම කර සිටී මහා සංඝරත්නය ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

60,807 Viewers

16 Comments to “‘සී හැඩය ගන්නා ආර්ථික කොරිඩෝ නවයක් හදනවා..’- ජනපති”

  1. Saman says:

    මොන සව්භාග්‍ය ද ජනාධිපතිතුමෝ ඔය ගෝතකයත් සමග ඔබට කිසිදෙයක් කරන්ඩ බෑ. ඔය මනුෂ්‍යට මුලු ලෝකෙම තිබෙන මුදල් ලැබුනත් සෑහීමකට පත්වන කෙනෙක් නොවේ. මුලින්ම කලයුත්තේ. රාජිත රිශාඩ්ලගෙන් ජරාවකාල ඒ දූශන යට ගහපු මේ මිනිහ ගැන තොරතුරු රටට හෙලිකරල ඒවාට නිසි ක්‍රියාමාර්ග ගැනීමයි.

    • ගන්ජ බන්ඩා says:

      වසර පහක යහපාලනයෙන් කල ආර්ථික අවභාවිතය ගැන මෙනෙහි කොරල දුක් වෙයන්.

    • Me says:

      අනේ සමන් පැටියෝ, ඔය රෙකෝඩ් එක දැන් පුස් කාල. බලු බල්ලෙක් වත් ගනන් ගන්නෙ නෑ හැමෝම අහන්නෙ, ” අැයි යකෝ තොපිට දුන්නෙ ඕව අල්ලන්න නේ, අවුරුදු හතර හමාරක් තිස්සෙ මොන මගුලක් ද කරේ කියල”. 2015දී දාගත් අං තට්ටුව මමනම් ගලවගත්ත. ඒත්…… අනේ මන්ද?

  2. Aurora says:

    කොට්ටාවේ සිට හම්බන්තොට දක්වා කිලෝමීටර් 223 දුරක් සඳහා අයකරන මුදල රු. 500.00 වෙන අතරේ කොළඹ සිට කටුනායකට ඇති කිලෝමීටර් 25 සඳහා රුපියල් 300.00 අය කිරීමේ සාධාරණත්වය කවුරු හෝ පැහැදිලි කරනවා නම් හොඳයි.

    • sayumi says:

      කොට්ටාව- හම්බන්තොට රු.880/=යි නේද ?

    • හෙලයා says:

      ධනවාදී ආර්තික න්‍යාය අනුව පාරේ ගාස්තුව උනත් තීරණය වන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව මිස කිලෝ මීටරයකට මිලක් නියම කරල නෙවෙය්.

      • SL says:

        සාමාන්‍ය පාරක යන්නේ නැතිව අධිවේගී මාරගවල බස්රථය යාමෙන් ,බ්රේක් ගැසීම් , ට්‍රැෆික් පෝලිමේ සිටීම ,ගියර් මාරුකිරීම නිසා සිදුවන ඉන්දන අපතේ යාම සැලකියයුතු ලෙස අඩුවන නිසා (40% පමණ )
        ඉතිරිවන ඉන්දන පිරිවයත් එක්ක බැලුවහම බස් රථ හිමිකරුට 300% විතර ලාභයක් .මෙය මගියාට කරන අසාධාරණයක්

  3. abu Bakar says:

    Same as MCC

  4. merata eka says:

    meyath Ranil wagema talk denawa..gedara lunu gediya na kathawa arthika korodo

    • Hesh says:

      ළුුනු ඉතින් වවන්න වෙනවා මොකද ඉන්දියාව ළුුනු අපනයනය සීමා කරලා තියෙන්නෙ. අර දූපත් මානසිකත්වයද මොකක්දො එකක් නේද සමහරු සියල්ල රට ඇතුලේ හදාගන්න ඕනෙ කිව්වම කියන්නෙ?

  5. Open mind says:

    විද්වතුන් විසින් හඳුන්වාදුන් ආර්ථික කොරිඩෝ එක්කෝ කොන්ද පණ නැති නිසා, නැත්නම් මුසාව මිශ්‍රිත විරෝධතා නිසා පසුගිය කාලයේ ක්රියාත්මක කිරීමට නොහැකි විය. මේ බාධක මගහැර සෞභාග්‍යයේ දැක්මට ඒවා එකතුකර ගැනීමට ඔබට හැකි බව අපේ විශ්වාසයයි.

  6. Mr SAM says:

    M hadayen Ekaaaaai C Hadayen Dekaaaaai

  7. ගිරිගෝරිස් says:

    පසුගිය රජය මොකුත්ම කලේ නෑ කිය කිය කෑගැහුවට ඒ අය හදල තිබුනු නිසා තමයි මේ අය ඇවිල්ල මාස තුනෙන් විවෘත්ත කලේ. හොඳ දෙ අගය කරන්න පුරුදු වෙයල්ල.

  8. Pinpiyo says:

    Pl. Construct rest area in middle of galle end mattala

Main News