සුචරිත අභියෝගතා වොලිබෝල් ශුරතා තරඟාවලිය…

January 18, 2019 at 2:07 am | lanka C news
සුචරිත අභියෝගතා වොලිබෝල් ශුරතා තරඟාවලිය…

හිඳුරංගල සුචරිත සහයෝගීතා පදනම විසින් ඇහැලියගොඩ වොලිබෝල් සංගමය සහ රත්නපුර දිස්ත්‍රික් වොලිබොල් සංගමය සමඟ එක්ව පළමු වරට සංවිධානය කරන දිවා රාත්‍රී දිවයිනේ සුපිරි වොලි‍බෝල් කණ්ඩායම් 08 අතර පවත්වන වොලිබෝල් තරඟාවලිය 2019 ජනවාරි මස 19 (සෙනසුරාදා) දින දවස පුරා ඇහැලියගොඩ, ර/හිඳුරංගල විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී සබරගමුව පළාත් සභාවේ සභාපති, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ගරු උපසභාපති, රත්නපුර දිස්ත්‍රික් වොලිබොල් සංගමයේ ගරු සභාපති, ඇහැලියගොඩ වොලිබෝල් සංගමයේ ගරු සභාපති කංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම තරඟය  එදින පෙ.ව. 09.00 ට ආරම්භ කරනු ලැබේ.

මෙම තරඟාවලිය සඳහා දිවයිනේ සුපතල පහත සදහන් වොලිබෝල් කණ්ඩායම් සහභාගී වේ.

  • ශ්‍රී ලංකා යුද හමුදා වොලිබෝල් කණ්ඩායම
  • ශ්‍රී ලංකා ගුවන්  හමුදා  වොලිබෝල් කණ්ඩායම
  • ශ්‍රී ලංකා නාවික හමුදා වොලිබෝල් කණ්ඩායම
  • ශ්‍රී ලංකා වරාය අධිකාරිය වොලිබෝල් කණ්ඩායම
  • ශ්‍රී ලංකා පොලිස් වොලිබෝල් කණ්ඩායම
  • ජාතික තරුණ සේවා සභා වොලිබෝල් කණ්ඩායම
  • ලංකා විදුලි බල මණ්ඩල වොලිබෝල් කණ්ඩායම
  • බලරැස් ක්‍රීඩා සමාජය, බොරලැස්ගමුව
  • T J ලංකා පෞද්ගලික ආයතනය, අවිස්සාවේල්ල

ජයග්‍රාහකයන් සදහා පහත සදහන් ත්‍යාග පිරිනමනු ලබන බවද පැවසීය.

  • පළමු ත්‍යාගය සදහා රු. 50,000 මුදලක් සමග කුසලානය
  • දෙවන ත්‍යාගය සදහා රු.40,000 මුදලක් සමග අනුශූරතා කුසලානය
  • තුන්වන ස්ථානය සදහා රු.10,000 මුදලක්
  • දක්ෂතම ක්‍රීඩකයා /දක්ෂතම ප්‍රහාරකයා /දක්ෂතම පන්දු ඔසවන්නා සදහාද මුදල් ත්‍යාග පිරිනැමේ

– සරත් කුමාර

1,370 Viewers
Main News