සුජාත මිනිසුන් ජාතික යුතුකමේ.. කොරෝනාට මීටරයක් දුරින් පෝලිමේ..

March 23, 2020 at 10:40 am | lanka C news
සුජාත මිනිසුන් ජාතික යුතුකමේ.. කොරෝනාට මීටරයක් දුරින් පෝලිමේ..

දෙදිනක ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරවීමෙන් පසුව දිස්ත්‍රික්ක අටක් හැර සෙසු සියලු දිස්ත්‍රික්ක සදහා ඇඳිරි නීතිය පැය 8 ක කාලයකට අද පෙරවරු 06.00ට ඉවත් කර තිබේ.

අද පෙරවරුවේ මෙම ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා නගරවල වෙළඳසැල් වලට ඇදී එනු දක්නට ලැබේ.

එමෙන්ම බැංකු හා ඉන්ධන පිරවුම්හල්වලද ජනතාවක් එක් රැස් වී සිටි.

නමුත් පෙර අවස්ථාවන්හි මෙන් ජනතාව තෙරපෙමින් සමීපව කටයුතු කරනු අද දක්නට නොලැබෙයි.

ඒ වෙනුවට බොහෝ ස්ථානවල දක්නට ඇත්තේ මීටරයක් හෝ ඊට වැඩි පරතරයක් තබාගෙන කිසියම් පිළිවෙළකට කටයුතු කරන පිරිසකි.

පොලිසියද ජනතාව ඒ ආකාරයෙන් හැසිරවීම සදමා මැදිහත් වෙමින් සිටිති.

වෙලදසැල්වලටද එක් වරකට ඇතුළු කර ගන්නේ සීමිත පිරිසකි. ඒවා ඉදිරියේ අත්සේදීම සදහා සූදානම් කර ඇත.

මේ අතර ඇතැම් ප‍්‍රදේශවල ජනතාව වෙනදා මෙන් පොරකමින් තෙරපෙමින් භාණ්ඩ එක්රැස් කර ගැනීමේ කටයුත්තේ නිරතව සිටින බවටද තොරතුරු වාර්තා වෙයි.

47,192 Viewers

9 Comments to “සුජාත මිනිසුන් ජාතික යුතුකමේ.. කොරෝනාට මීටරයක් දුරින් පෝලිමේ..”

  1. අනර්ඝයි..
    ජනතාව නියමාකාරයෙන් දැනුවත් වූ විට සහ ආයතන තම ජාතික වගකීම නිසි අයුරින් ඉෂ්ඨ කරන විට දැකිය හැකි විශ්මිත වෙනස.. ජයවේ ශ්‍රී ලංකා..

    • Sudath says:

      මේ රටේ රටට ආදරය කරන සියලුම ජනතාව දේශපාලන උතුමානන්ලාගෙන් බැගෑපත්ව අයදීන්නේ මේ රට වෙනුවෙවෙන් ඔබතුමන්ලාට කලහැකි උපරිම කාර් ය බාරය වන්නේ ජනාදිපති තුමාගේ වැඩ පිලිවෙලට බාදා නොකර පැත්තකට වී සිටීමයි. මේ අවස්තාවේ දේශපාලුවන් බලා සිටින්නේ කොරෝනා මුවාවෙන් හදිසි අවස්තා යටතේ භාන්ඩ ආනයනය කර ඒවායෙන් කොමිස් කුට්ටි කඩාගැනීමටයි. මේ වගේ අමන දේශ පාලුවන් තමා මේ රටේ ඉන්නේ. මේ අවස්තවේ දේශපාලුවන්ගේ මාද්‍ය හමු අවස්‍ය නැත. ප්‍රවුර්ති විකාශන වලදී හැකි තරම් දේශපාලුවන් පෙන්වීමෙන් වලකින්න .

  2. Maha Kalu Sinhalaya says:

    I think better to extend the curfew at least another two weeks as this is the major way we could escape this issue. Whenever a possible situation the private sector never thinks about the value of the mankind and obviously ask them for work. On the other hand I saw on news for some places people moving everywhere even without facemasks and without keeping the distance with each other. Therefore imposing curfew is the only solution as nobody seems to take this with much responsible…

    • කිරිමෙල් says:

      Quite correct. Thanks.

    • thilak says:

      Imposing curfew for two weeks or for two months would be good.. but think about the level of damage to the economy. How to survive people who carryout day to day businesses, shops, transport services, taxis, etc. How do they find their income. Do government compensate all these losses. nonsense.
      Now government of scared of their 2/3 rather anything. they wan’t to solve the corona issue as soon as possible despite the utter difficulties for public. then they can held the elections without delay.

      • Maha Kalu Sinhalaya says:

        What I mentioned may kind of nonsense but may appear to work in this situation. We are in a very very dangerous level even after imposing the curfew at least 10 infected were reported. I think how much damage it does we would look forward to protect the mankind. That’s what happened to Italy. We have to face the real situation. Unless hospitals can’t control this…

  3. sanasuma says:

    මේ ඇර‍‍ඹෙන සතිය ඉතා අවදානම්. ඒ වගේම තීරණාත්මකයි. අනිවාර්යෙන්ම ආරක්ෂාකාරී වෙන්න. වාහකයන් විසින් පතුරවන ලද වෛරස ඉස්මතුවෙන කාලයයි මේ ඇරඹේන්නේ.

    ආහාර තොග කොපමණ තිබුනත් ඒවා මහජනයාට ආරක්ෂිතව ලැබෙන කාර්යක්ෂම විධියක් තිබිය යුතුයි. වහාම මේ සඳහා උනන්දු වෙන්න. ඇඳිරි නීතිය අවසන් වීමෙන් පස්සේ භාන්ඩ ගන්න තියෙන්නේ ටික කාලයයි. මේ නිසා භාන්ඩ වර්ග කීපයක් බැගින් ඇති පාර්සල් වර්ග කීපයක් මිල සමඟ මහජනයාට පෙනෙන්න සලස්වා මුදල් ගන්න වගේ විධියක් යොදන්න. රටපුරා ආරක්ෂිතව ජංගම භාණ්ඩ පාර්සල් බෙදීම ඉතා වැදගත් වේවි. භාණ්ඩ ගෙන්වාගත හැකි දුරකථන අංක නගර අනුව ටී.වී.
    රේඩියෝ වලින් නිරන්තරයෙන් ලබා දෙන්න.

    • Maha Kalu Sinhalaya says:

      Oba ithamathma niwaradiyi. Ena sathiye thama spats meya kese hasirewida yanna niwaradiwa purokathanaya Kala hakke. Manda danatath palawana sathiyata wartha Wu rogeen wadi Saha meya pirata gos paminiyawun Kiya apata sitha hada gatha nohaka. Kese wethath thathwaya yahapath wewa yayi prarthana karami…

  4. රටවැසි says:

    අපේ මිනිස්සුන්ට මොලේ තියෙනවා , පාවිච්චි කරන හැටි නොදන්න එකයි වෙලා තියෙන්නෙ . ටික දවසක් හරි මේ විධිහට කරන්නැතෑ ,, ඒත් මදෑ .

Leave a Comment

Main News