සුජීවගේ අලූත් ගමනට දසතින් සුභ පැතුම්.. තවත් පිරිසක් පෝලිමේ.. එජාපයේ කරැල්ලක්..

May 14, 2017 at 11:15 pm | lanka C news
සුජීවගේ අලූත් ගමනට දසතින් සුභ පැතුම්.. තවත් පිරිසක් පෝලිමේ.. එජාපයේ කරැල්ලක්..

ආණ්ඩුව හදන්න කැපවූ තමන් වැනි අයට අද කිසි සැලකිල්ලක් නැතැයි රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා විසින් මාධ්‍ය හමුවේ කරන ලද ප‍්‍රකාශයක් සමග එක්සත් ජාතික පක්‍ෂයේ බොහෝ මැති අමතිවරුන් විශේෂයෙන් පසුපෙල මන්ත‍්‍රීවරුන් ඔහුට දුරකතනයෙන් අමතා සතුට පල කර ඇත.

එළැඹෙන දින කිහිපයේදී තවත් පිරිස් විසින් ඒ ආකාරයේම ප‍්‍රකාශයන් සිදු කිරීමට නියමිත යයිද එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.

පවතින ව්‍යාපෘකූල තත්වය සම්බන්ධයෙන් සාකච්චා කිරීම සදහා දැනට දින කිහිපයකට පෙර එජාප මන්ත‍්‍රී කණ්ඩායමක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද මුණ ගැසී ඇත.

‘ගැටළු මං ඔක්කොම බලාගන්නං. කොහොමත් ඊළග ඡන්දෙ ඉල්ලන්න වෙන්නෙත් ජනපති මෛත‍්‍රී එක්කම තමයි. වෙන විකල්පයක් නෑ’ යයි අගමැතිවරයා පිලිතුරු දී ඇත.

87 views
Main News