සුජීව සමග පිරිසක් තීන්දුවක් ගනී.. රනිල්ට අවසන් කොන්දේසි දෙයි.. නොකලොත් විශ්වාස භංගයේදී පෙරලියක්..

March 31, 2018 at 11:20 am | lanka C news
සුජීව සමග පිරිසක් තීන්දුවක් ගනී.. රනිල්ට අවසන් කොන්දේසි දෙයි.. නොකලොත් විශ්වාස භංගයේදී පෙරලියක්..

විශ්වාස භංගයෙන් පසු පක්‍ෂ ප‍්‍රතිසංවිධානයක් කරන්නේ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ ඇතුළු පිරිසක් එක්වී සාකච්චාවක් පවත්වා ඇත.

අගමැතිවරයා කියන දේ කරන්නේ යයි විශ්වාස ඇති වන්න නම් පක්‍ෂ ව්‍යවස්ථාව වෙනස් කල යුතු යයි යෝජනා කල යුතු බව ඔවුන් සාකච්චා කර ඇත.

නායකයා ඇතුළු පක්‍ෂයේ ඉහල තනතුරුවලට පත් කිරීමේ බලය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා මන්ත‍්‍රී කණ්ඩායමේ බහුකර කැමැත්ත අනුව සිදු විය යුතු ලෙසට ව්‍යවස්ථාව වෙනස් කල යුතු බවත් එය 04 වැනිදාට කලින් කල යුතු බවටත් ඔවුන් සාකච්චා වී තිබේ.

එම සංශෝධන සිදු කිරීමට අගමැතිවරයා අකමැත්ත පලකලහොත් විශ්වාස භංගයේදී ඡුන්දය දීම ගැන අවසන් තීන්දුවක් ගත යුතු යයිද ඇමති සුජීව සේනසිංහ ඇතුළු මැති ඇමති පිරිස තීන්දු කර ඇත.

10 views

2 Comments to “සුජීව සමග පිරිසක් තීන්දුවක් ගනී.. රනිල්ට අවසන් කොන්දේසි දෙයි.. නොකලොත් විශ්වාස භංගයේදී පෙරලියක්..”

  1. ඇත්ත says:

    2018 පළාත් පාලන මැතිවරණයේ දී පොහොට්ටුව ලැබූ අති විශිෂ්ඨ ජයග්‍රහණය කුජීත කරන 2020 හංස මෙහෙයුම රනිල්ට එරෙහි විශ්වාසභංගයයි.

  2. sarath says:

    HOW CAN SUJEEWA SUPPORT THE NCM AS THE CHARGES ARE IN RESPECT OF BOND SCAM AND SUJEEWA IS ONE PERSON WHO WAS INVOLVED IN THIS SCAM

Main News