සුජීව සේනසිංහ ඇමතිගේ ලේකම්ගේ නිවසට වෙඩි වරුසාවක්.. පාතාලයෝ කොලඹ බයබිරාන්ත කරති..[Vodeo]

March 26, 2018 at 3:50 pm | lanka C news
සුජීව සේනසිංහ ඇමතිගේ ලේකම්ගේ නිවසට වෙඩි වරුසාවක්.. පාතාලයෝ කොලඹ බයබිරාන්ත කරති..[Vodeo]

සුජීව සේනසිංහ රාජ්‍ය ඇමතිවරයාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන රනිල් ආටිගලගේ නිවසට අද අළුයම් කාලයේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ මාළඹේ, ජෝතිපාල මාවතේ, 14 වන පටුමඟ අසළ පිහිටි නිවසටයි.

පොලීසිය සදහන් කරන්නේ නිවසේ බිත්ති හා ජනේලවලට වෙඩි ප‍්‍රහරයෙන් හානි සිදුව ඇති බවයි.

එම අවස්ථාවේ පුද්ගලික ලේකම් හා පවුලේ අය නිවසේ සිටියද ඔවුනට ඉන් හානියක් සිදුවී නැත.

වෙඩි ප්‍රහාර 18ක පමණ ප‍්‍රහාණයක් නිවසට එල්ල කර ඇතැයි හෙලිව ඇති අතර එය කවුරුන් විසින් කරන ලද්දක්දැයි හෙලිව නොමැත.

මේ අතර අද පෙරවරුවේ මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී යතුරු පිදියකින් පැමිනි අයෙකු කල වෙඩි තැබිමකින් පුද්ගලයකු මිය ගොස් තිබේ.

76 views

14 Comments to “සුජීව සේනසිංහ ඇමතිගේ ලේකම්ගේ නිවසට වෙඩි වරුසාවක්.. පාතාලයෝ කොලඹ බයබිරාන්ත කරති..[Vodeo]”

  1. adrian says:

    amathiyekuge nivasata wedi vadunaalu…
    Ithin Apita Mokada ?

Main News