සුජීව සේනසිංහ වියතානන්ගේ ‘බැදුම්කරේ ඇත්ත නැත්ත’ රටක් හෙල්ලූ කෘතිය රටෙන්ම අතුරුදන්..

January 31, 2018 at 6:29 am | lanka C news
සුජීව සේනසිංහ වියතානන්ගේ ‘බැදුම්කරේ ඇත්ත නැත්ත’ රටක් හෙල්ලූ කෘතිය රටෙන්ම අතුරුදන්..

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති බැදුම්කර අක‍්‍රමිකතාවය සම්බන්ධයෙන් ‘බැඳුම්කරයේ ඇත්ත නැත්ත’ නමින් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ විසින් රචනා කරන ලද කෘතිය මේ වන විට මෙරට සියළු පොත් වෙලදසැල්වලින් අතුරුදන්ව ඇතැයි අද මව්බිම පුවත්පත වාර්තා කරයි.

ශ‍්‍රීලනිප ඇමතිවරයෙක් සදහන් කර ඇත්තේ බැඳුම්කර කොමිසමේ වාර්තාව හා අදාල කෘතිය අතර පවතින සමාන හා අසමානතා පරීක්‍ෂා කිරීමට එහි පිටපතක් සෙවූ මුත් සොයි ගැනීමට නොහැකි වූ බවයි.

මෙම කෘතියේ කිසිදු පිටපතක් ඇති තැනක් සොයා ගත හැකි නොවූ බවද ඇමතිවරයා කියා ඇත.

කෙසේ වෙතත් මෙම කෘතියේ අන්තර්ජාල පිටපත තවමත් සොයා ගැනීමට හැකිය.

යොමුව මෙතනින්..

86 views

11 Comments to “සුජීව සේනසිංහ වියතානන්ගේ ‘බැදුම්කරේ ඇත්ත නැත්ත’ රටක් හෙල්ලූ කෘතිය රටෙන්ම අතුරුදන්..”

  1. Boo says:

    හෙට අනිද්දා ඕව ලියපු කෙසෙල් ගෙඩියාත් ආ ගිය තැනක් හොයා ගන්න බැරි වෙයිද?

    • Amda says:

      හුහ්….. අපිට සල්ලි වලින් වැඩක් නෑ..හරිද….ඔය බයියො වගේ නෙවෙයි …මම හොඳ සල්ලිකාර පවුලක කොල්ලෙක්…පොඩි කාලෙ ගියෙ බෙන්ස් එකේ…පැද්දේ අස්සයො…මට හොඳ රස්සාවක් තියෙනවා දේශපාලනේ ට වඩා හම්බ කරන්න පුලුවන් …. මම මේ දේශපාලනේ කරන්නේ මට තියෙන පස්චාත්භාගයේ අමාරුවට
      – කෙහෙල් ගෙඩියා

  2. චේතියසේන says:

    අහෝ අප වියත් සේනසිංයන් සිය වියතින් යමත් වසාගන්නට තැත් කරනු පෙනේ!

  3. ගමරාල says:

    පොත් ටික උස්සලා ඇත්ත නැත්ත වහ ගන්න නං දැන් බෑ… හැබැයි එක වැඩක් කරන්න පුළුවන්.. සරම උස්සලා ඔළුව වහ ගත්ත නං පොතේ රචකයාට ඡනතාවගෙන් වසන් වෙන්න පුළුවන්…

  4. daminda says:

    peralapu potha waraduna…………….

  5. amal says:

    බැඳුම්කර වංචාව සිදුවුනේ 2015 පෙබරවාරි මාසය තුල යි. මොහුගේ පොතේ පළමු මුද්‍රණයත් 2015 දී කිරට බලල්ලුත් සාක්ෂි ලු?

  6. amal says:

    බැඳුම්කර වංචාව සිදුවුනේ 2015 පෙබරවාරි මාසය තුල යි. මොහුගේ පොතේ පළමු මුද්‍රණයත් 2015……. දී කිරට බලල්ලුත් සාක්ෂි ලු?

    • අකාල සන්ධ්‍යා says:

      නමුත් මේ පොත ලියන්ඩ කරුණු හොයන්න ටෙලිෆෝන්
      කෝල් 62 ක් විතර ගත්තෙ 2016 අවුරුද්දෙදි කියල කිව්වෙ මෙම
      පොතේ කතෲ වරයාමයි.

  7. Hoo N P Kaaraya says:

    This book can be found from ‘National Archives Dept’ at Torrington Ave. Col -7.

  8. Tax Officer says:

    Guys, take printouts of this internet edition and keep safely for future reference because this internet edition
    will not be there for very long.

    • Legal Expert says:

      You’re correct! The author has finally realized that this book can be used against him in a court of law
      under a future patriotic govt. That is why he has taken a futile effort to recall the print edition of his book.
      But what he has not realized is that the internet edition is still available and that it cannot be completely
      eliminated from the web. That is why it is said in Sinhala that `Guruntath Akuru waradhe’ Ha, ha, ha,
      Good Luck Sujie!

Main News