සුදත්ත හිමි අශූචි බාල්දියක් හලා අතින් පිසදා සොරි කියයි.. මහින්දට දේශපාලනයෙන් සමුගන්න කිවුවේ කවුද කියූ බොරු තොරතුරු මතලු..

January 3, 2020 at 10:13 pm | lanka C news
සුදත්ත හිමි අශූචි බාල්දියක් හලා අතින් පිසදා සොරි කියයි.. මහින්දට දේශපාලනයෙන් සමුගන්න කිවුවේ කවුද කියූ බොරු තොරතුරු මතලු..

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදීමේ සිදුවීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කිසිදු සම්බන්ධයක් නැති බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ සඳහන් කරති.

තමන් දින කිහිපයකට පෙර එවන් ප්‍රකාශයක් කරනු ලද්දේ තමන්ට ලද අසත්‍ය තොරතුරු මත බවද උන්වහන්සේ සඳහන් කළහ.

කෙසේ වෙතත් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සම්බන්ධයෙන් යම් බරපතළ ගැටලු ඇති බවද උන්වහන්සේ මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

මහින්ද රාජපක්ෂ මහතා යනු තිස් වසරක යුද්ධයක් අවසන් කළ ප්‍රතාපවත් නායකයෙක් බවත් මෙරට සංවර්ධනයේ නියමුවෙකු බවත් උන්වහන්සේ සඳහන් කළහ.

අගමැතිධුරයට මේ මොහොතේ වඩාත්ම සුදුසු පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතා බවත් කී උන්වහන්සේ මැලේසියාවේ මහතීර් මොහොමඩ් මෙන් ශ්‍රී ලංකාවේ ද මහින්ද රාජපක්ෂ මහතා සැලකිය යුතු බවද කියා සිටියහ.

මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදීම සම්බන්ධයෙන් දුන්නේ යැයි ද මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට චෝදනා කරමින් උන්වහන්සේ පසුගියදා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා දැන් දේශපාලනයෙන් සමු ගත යුතු බවත් ඔහු ඩීල් දේශපාලනයක යෙදෙන බවත්ය.

293 views

28 Comments to “සුදත්ත හිමි අශූචි බාල්දියක් හලා අතින් පිසදා සොරි කියයි.. මහින්දට දේශපාලනයෙන් සමුගන්න කිවුවේ කවුද කියූ බොරු තොරතුරු මතලු..”

  1. Asoka says:

    මේ කහකඩයා මොනවා ගහලද දන්නේ නැහැ කතාකරන්නේ. මු පොලිස් මාද්‍ය ප්‍රකාෂකද? මුන් තමයි බුදුන්ගේ නිර්මල බුදුදහම කන්නේ

  2. හාවා says:

    පොරොන්දුව වැරදුනා වත්ද , පීල්ල මාරු කොලේ .

  3. nuwaraone says:

    ඇත්තටම මේ හිමිනම මුලින්ම කියපු දේ හරි …දැන් බයට අදහස් වෙනස් කරලා ..ඇත්තටම ගෝටා මැතිතුමා ට මේක කරන්න ඕනි නම් ගෝටා මැතිතුමා ට පාලනය කල හැකි අගමැති කෙනක් ඉන්න ඕනි…

  4. Sarath says:

    Got a response call from MR ?

  5. Patriotism says:

    These kind of monks. . Instead of following & preaching BUDDHISM, they are following & preaching TRIBALISM to our Motherland. .. So sad…

  6. godaya says:

    අහක යන සිවුරුකාරයො රෙද්ද අස්සෙ දාගත්තම ඔහොම තමයි

  7. Sage of OMAHA says:

    Will Gota allow MARA & Co to “Yalith Rata Kanna”?. or Will it end up with a Family Feud?

  8. Kapila says:

    පේන විදිහට ගෝටබයට රට හදන්න තියෙන උවමනාව මහින්දට නැහැ. එය පරණ පුරුදු නාස්තිකාර වැඩ දිගටම කරගෙන යනවා. ගෝටාභයට තනියෙන් මේ වැඩේ කරන්න බැරි වෙයි වගේ.