සුදර්ශනී හමුවූ වලලන කමිටුව හොර එකක්.. එවන් කමිටුවක් නෑ.. පුච්චන කමිටුව විතරයි..- ඇමතිනී පවිත‍්‍රා

January 7, 2021 at 10:26 pm | lanka C news
සුදර්ශනී හමුවූ වලලන කමිටුව හොර එකක්.. එවන් කමිටුවක් නෑ.. පුච්චන කමිටුව විතරයි..- ඇමතිනී පවිත‍්‍රා

කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කර නේද ආදානය යන්න විමර්ශනය කිරීමට පත් කළ කමිටුවේ නිර්දේශ වී ඇත්තේ ආදාහනය කිරීම බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

එහිදී ආගමික දේශපාලන හෝ වෙනත් හේතු නොසලකන බවද ඇය පැවසීය.

ඇය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ තවත් කමිටුවකින් භූමදානය නිර්දේශ කර තිබේදැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ විමසීමක ඇය කියා සිටියේ එහ කමිටුව ප්‍රධාන කමිටුව නොවන බවයි.

වෛරස විශේශඥයන් කිහිප දෙනෙකු විසින් සිය මතය රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙන ඉදිරිපත් කර තිබූ බවත් තමන්ද එය ලිඛිතව බාර ගෙන ප්‍රධාන කමිටුවට යොමු කළ බවද ඇය සඳහන් කළාය.

එම කණ්ඩායම සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය මුණ ගැහුනේ නිල නොවන වශයෙන් බව ද ඇමතිනිය සඳහන් කළාය.

කෙසේ නමුත් ඔවුන්ගේ මතය ද ප්‍රධාන කමිටු වෙත දැනුම් බවත් ප්‍රධාන කමිටුවේ තීරණයක් තවදුරටත් ක්‍රියාත්මක වන බවත් ඇය තව දුරටත් කියා සිටියාය.

43,424 views

33 Comments to “සුදර්ශනී හමුවූ වලලන කමිටුව හොර එකක්.. එවන් කමිටුවක් නෑ.. පුච්චන කමිටුව විතරයි..- ඇමතිනී පවිත‍්‍රා”

  1. Lala says:

    හොර කමිටුවක් කියා පවිතා කොහෙවත් කියා නැ.කොටන්න ඒපා

    • බන්ඩා says:

      මැරුනම ආත්මය ඉවර වෙන්නෙ නැත්නම් මැරෙන්නෙ ශරීරය විය යුතුය්. එහෙනම් මිනිය පිච්චුව හම මොකද?

  2. Siri Jayawickrama says:

    You Guys traying make unhappy the Muslim community unnecessarily. Respect to other cultures.. I am sure you can burry corona bodies safely enclosing in body bags. New Zealand is the country with high rainfall too. But anybody can choose cremation or burying

  3. Rh says:

    Pulle is very incapable. Please get rid of her. Previous ministry she thought prisoners are gest . all prisoners are criminals that is why they got the sentence. Not average citizens. Ms. Pulle does not know the basics. Should get rid of her.

    • රට වෙනුවෙන් says:

      Rh, are you telling Choka Malliya is also criminal and Mr. Duminda silva is also criminal?
      Don’t spred lies man.

  4. Aruna says:

    Pawithra is not qualified to manage Health Ministry. Sudashani manages all cases professionally. Better to hand over health ministry to Sudarshani.

Main News