සුද්දෝ වතුකරය හැදුවා.. සංවර්ධනය කළා..- රෙජිනෝල්ඞ්
September 8, 2017 at 6:48 pm | lanka C news
චුන්නාකම් ස්කන්දරෝදය විදුහලේ හිටපු කීර්තිමත් විදුහල්පතිවරයෙකුවන ශිවසුබ්‍රමනියම් මහතාගේ පිළිරුවක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අතින් එම පාසල් භූමියේදී නිරාවරණය කෙරිණ.
උතුරු පළාතේ පාසල් අතරින් කීර්තිමත් පාසලක් බවට මෙම පාසල පත් කිරීමට මෙම විදුහල්පතිවරයා විසින් දක්වා තිබෙන දායකත්වය පදනම් කොටගෙන කාලගුණ දැක්වීමක් වශයෙන් පාසල් ආදිශිෂ්‍ය සංගමය මගින් මෙම ප්‍රතිමාව ඉදිකර ඇත.
එහිදී අදහස් දැක්වූ රෙජිනෝල්ඩ් කුරේ මහතා,
ඉස්සර කාලේ දමිල ළමයින්ට ගොඩනැගිලි,විදුලිය,ජලය,ආහාරපාන හරිහැටි නැතුවත් හොද අධ්‍යාපන මට්ටමක් දක්නට ලැබුනා.විවිධ ආයතනවල උසස් පුටුවල වැඩි ප්‍රමාණයක් හිටියේ දමිල අය.නමුත් වර්ථමානයේ කිසිම අඩුපාඩුවක්නෑ. ගොඩනැගිලි, විදුලිය, ජලය, ආහාරපාන, නිදහස මේ හැමදේම අධ්‍යාපනය ලබන්නට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ලැබෙනවා.මේ සෑම දෙයක්ම පෙරටත් වඩා ලැබිලත් වර්ථමාන සිසු පරපුරේ අධ්‍යාපන මට්ටම එතරම් ශුභදායි තත්වයක නෑ.එයට හේතුවද අපි සොයා බැලිය යුතුයි.
සුද්දෝ වතුකරය හැදුවා.සංවර්ධනය කළා.ඒ අතීත කාලේදීත් උතුරේ සංවර්ධනයක් කරලා නෑ.නමුත් වර්තමානයේ උතුරු පළාත තුල සෑම අතකින්ම සංවර්ධනය වෙලා දියුණුවෙලා තිබෙනවා.ශිව සුබ්‍රමනියම් මහතා ඉගෙනගන්න ළමුන්ට මුදල් වියදම් කරලා පාසල තුල ගොඩනැගිලි හදලා ළමුන්ට හොද අධ්‍යාපන වටපිටාවක් නිර්මාණය කරදී තිබෙනවා.හොද ළමුන් පිරිසක් මේ නිසා බිහි කරන්න හැකියාව ලැබී තිබෙනවා.වර්තමාන ගුරු පරම්පරාවටත් එතුමා වගේම වැඩ කරන්න කියා මා ඉල්ලා සිටිනවා.එතුමා නිසා තමයි මේ පාසල මෙතරම් හොද තත්වයකට ඇවිත් තිබෙන්නේ.
”ඉගෙනීමෙන් තොර ලෝකයක් නොමැත”හැමදාම අපට සෑම දෙයකින්ම ඉගෙන ගන්න යමක් තියෙනවා.වර්තමාන සිසු පරම්පරාවෙන් මා ඉල්ලා සිටින්නේ මේ දේවල් හරි ආකාරයට ප්‍රයෝජනයට ගෙන රටට,ලෝකයට,ප්‍රදේශයට ආඩම්බරයක් ගෙන දෙන හොද වැඩදායි පුද්ගලයෙකු වන්න කියායි.
– උතුරු පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය
මොනවද මනුෂ්‍යා කියවන්නේ මොට්ටුවකුත් නළලේ ගසාගෙන.සුද්දෝ අඩුව කියලා උන් කියන විදියට නටන්නද කියන්නේ.උතුරේම හිඳලා හොඳටම නරක්වෙලා වගෙයි.
මූ මොන බූරුවෙක්ද සුද්දො කඳුකරේ කිබුන කැලෑව කපාගෙන ගියා නුවර එලියෙ හිටියෙ ඇත්තු ටික මරල දළ අරගෙන ගියා ඒවා ගෙනියන්න රේල් පාරවල් හැදුව මුඩු බිමක් කල කඳුකරයේ තේ වැවුවේ 1867 ඒ විතරක්ද දෙමල කම්කරුවො ගෙනල්ල අපිව ප්‍රස්න ගොඩක පටලවල ගියා.
මේ මනුස්සය කියන කතාව ඇත්ත .මොකද සුද්දා නැත්නම් මේ උන්නැහැ කොහොමද ඉංග්‍රීසි පත්තු කරල ගානක් හොයාගන්න බලන්න. තමන්ගෙ බඩ වඩා ගන්න උදව් කරපු සුද්දට උදව් කරන්න නැතිව මොනවා කරන්නද ?
සාජන් නල්ලතම්බී
Looks exactly like him.
“සිංහලයන්ට විස මත්පැන් බොන්නට දී සිංහලයන් නැති කළ සුද්දා අපේ පරම්පරා හතුරකු ලෙස මම සලකමි.”
අනගාරික ධර්මපාල තුමා
මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.
ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.
උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.
දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.
උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.
එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.
පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.
උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න
මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.
අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.
ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.,,
– අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශය
“ මගේ රට, මගේ ජාතිය,මගේ ආගම, මගේ භාෂාව මේ මහා අනර්ඝ රත්න සතරක් මට තිබේ. මේ රත්න සතර ආරක්ෂා කරගැනීම මගේ යුතුකමකි. මෙසේ එක එක සිංහලයා විසින් කල්පනාවට ගනු ලැබ සතර අගතියෙන් වෙන්ව ක්‍රියා කළ යුතුය.“
ධර්මපාල තුමාගේ ශ්‍රේෂ්ඨ කියමන්
සුද්දෝ වතුකරය හැදුවා.. සංවර්ධනය කළා..- රෙජිනෝල්ඞ්
ඉංග්‍රීසීන් විසින් උඩරට සියලු වැදගත් පවුල්වල නිලමෙලා වෙඩිතබා මරණ ලැබූහ. උඩරට ඉතිරි වුණේ ඉතාම දුර්වල පිරිස පමණකි. එතැන් පටන් උඩරට වැස්සෝ පිරිහීමට පත්වූහ.“