සුදුබෙලි මුහුදු රාජාලියෙකුගේ මළ සිරුරක් හමුවෙයි…

February 9, 2021 at 6:48 pm | lanka C news
සුදුබෙලි මුහුදු රාජාලියෙකුගේ මළ සිරුරක් හමුවෙයි…

සුදු බෙලි සහිත මුහුදු රාජාලියෙකුගේ සිරුරක් පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ සමගිපුර ප්‍රදේශයේ දී හමුව ඇති බව වනාතවිල්ලුව වන ජීවි අඩවි කාර්යාලයේ නිලධාරින් පවසයි.

දකුණු ආසියාවේ දක්නට ලැබෙන මෙම සුදු බෙලි සහිත මුහුදු රාජාලියා වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ගණයේ පියාසර පක්ෂියෙකු බව කියයි.

මෙසේ මරණයට පත්ව ඇති රාජාලියා වයස අවුරුදු 5ක් පමණ බර කිලෝ 10ට ආසන්න අඩි තුනක් පමණ උසකින් සමන්විත බව කියයි.

විශේෂයෙන් මුහුදු බඩ ප්‍රදේශවල ගොදුරු ලොබින් සැරිසරන මොවුන් දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණය දිනා ගැනීමට ඉවහල්වන පක්ෂියෙකු ලෙස දැනට හදුනාගෙන තිබේ.

මෙසේ මරණයට පත්ව ඇති සුදු බෙලි සහිත රාජා අලියා දින කිහිපයකට පෙර මරණයට පත්ව ඇති බවක් එහි ගිය අපට දක්නට ලැබුණි. වන ජීවි නිළධාරින් පවසා සිටින්නේ කුමන හේතුවක් මත මරණයට පත්ව ඇති දැයි කීමට අපහසු බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කිරීමට නියමිතව තිබුණි.

– පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන

31,826 views

6 Comments to “සුදුබෙලි මුහුදු රාජාලියෙකුගේ මළ සිරුරක් හමුවෙයි…”

  1. බයියා says:

    ස ෆේල්

  2. ක්‍රිමිනල් says:

    අපේ ගෙවල් පැත්තේ ගොලුබෙල්ලෙක් මැරිලා හිටියා සුවර් ස ෆේල්

  3. Sajith says:

    අවුලක් නෑ. පටක රෝපණය කරමු.

  4. Egg-tonnic says:

    පොඩ්ඩක් හොයලා බලන්න අර කෝවිඩ් බේත් හදන කොණ්ඩේ දිග ගොයියා ගේමක් දුන්නද කියලා බිත්තර ගන්න

    • අජිත් says:

      ඌ හොයන්නෙ උකුසු බිත්තර හැබැයි කොණ්ඩයාගේ සද්දයක් නැහැ නේද දැන්.

Main News