සුදුළූණු වංචාවේ දත්ත මකා දැමීමක්.. ඇමති පුත‍්‍රයෙකුත් පැටලෙයි.. ෂොපින් බෑග් ටෙන්ඩරය කෝටි 27ක්..

October 8, 2021 at 10:02 pm | lanka C news
සුදුළූණු වංචාවේ දත්ත මකා දැමීමක්.. ඇමති පුත‍්‍රයෙකුත් පැටලෙයි.. ෂොපින් බෑග් ටෙන්ඩරය කෝටි 27ක්..

ලක් සතොස ආයතනයේ සිදුව ඇති සුදුළූණු වංචාවට අදාළ සියලු දත්ත දැන් මකා දමමින් සිටින බව එහි හිටපු හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

දැනට විෂයභාර අමාත්‍යවරුන් එම ධුරයන්හි ඉතිහාසය තබාගෙන සිදුකරන පරීක්ෂණ පලක් නැති බවද ඒ මහතා කියයි.

පසුගිය යහපාලන රජයේ හිටපු ඇමතිවරයකු ඥාති පුත්‍රයෙකු ට ලක් සතොස ෂොපින් බෑග් කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවත් එය මිලියන 270 ක වටිනාකමක් ඇති බවත් ඒ මහතා පැවසීය.

ලක් සතොසේ තේ වියදම පමණක් රුපියල් මිලියන 29ක් යැයිද ඔහු පවසයි.

අද සතොස ආයතනයේ සංචාරක බංගලා පාවිච්චි කරන්නේ අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ බවත් පැවසූ අවසන ඔහු සතොස වාහන තබාගෙන කුලී වාහන වලට අසාමාන්‍ය මුදලක් ගෙවමින් සිටින බවද කියා සිටී.

සියලු දූෂණ හෙළි කිරීමට තමන් ජනාධිපතිතුමා මුණගැසීම සඳහා වෙලාවක් ඉල්ලා ඇති බවත් කතාව ඇසූ ගමන් එතුමා සතොස වසා දමනු ඇති බවත් ඔහු කියයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේය.

61,927 views

13 Comments to “සුදුළූණු වංචාවේ දත්ත මකා දැමීමක්.. ඇමති පුත‍්‍රයෙකුත් පැටලෙයි.. ෂොපින් බෑග් ටෙන්ඩරය කෝටි 27ක්..”

  1. කැලණියේ නයා says:

    දැන් බොලා හිතන්නෙ මේ සුදු ලූණු ගෙඩියෙනුත් හොරා කාපු උන්ව කුදලල හිරේ දාල හොරා කාපු සල්ලි රාජසන්තක කරයි කියලද ?ඔය පැන්ඩෝරා පේපර්ස් වලින් එලියට එන්නෙ එහෙම කාපු සල්ලි හන්ගපු තැන් තමා.ඔය එක සතයක් වත් ආයි ගන්නව බොරු විතරක් නෙමේ හොරා කාපු එකෙක් අඩු ගානෙ එක මාසෙකට හිරේ දැම්මොත් ඉර පායයි බස්නාහිරින්.ඕන් නම් වැඩිම උනොත් හොරකමට සම්බන්ධයි කියල සතොසෙ ඉස්ටෝවරුව බාර ස්ටෝකීපර් හරි මුරට උන්නු සික්කට හරි නඩු දමයි එපමනයි නාට්ටිය ඉවරයි.

  2. පැන්ඩෝරා පේපර්ස් says:

    උබලා මේ ජාත්‍යන්තරේ ගිය පැන්ඩොරා හොරු අල්ලන්න හදනවා , මෙහෙ සුදුළුනූ වංචාව ගැන හොයාගන්න බැරුව ඉන්නවා. තුශාන් ලා ගැන සතුටු වෙන්න ඔනේ කොන්ද කෙලින් තියාගෙන චෞර වලල්ලේ හොරු දෙන්නෙක් එක්ක තනියෙන් ගේම ඉල්ලන එක ගැන , තුශ්න් වැරදිකාරයෙක් වෙයි , දේශද්‍රොහී යෙක් වෙයි ,හොර ඇමතිලා ඊලග චන්දෙන් කර උඩින් දිනයි. මේ රටේ එවුන්ට ඔන්නෑ හොරු අල්ලන්න , උන්ට ඔනේ හොරු රජකරවලා ,වේලක් ඇර වේලක් කාලා , හූල්ලන්න. මේ ගොබ්බ මානසිකත්වය තියෙන කං , මේ රට වලපල්ලේ , පැන්ඩලා ගොඩ !!

  3. Amdan says:

    මමනම් හිතන්නේ ජනාධිපතිට මේ මහා පරිමාන දූශණ වංචා වලක්වා රට ගොඩ නැගීමට තාමත් අවස්තාව තිබෙනවා. පළමුවෙන්ම කලයුත්තේ ආන්ඩුවේම සිටින හොරකම් කරන හොරුන් රකින මහ හොරා ඉවත් කිරීම .ඔහුගේ ඔලුවේ ඇත්තේ හොරකම සහ තම පුතුන්ට තර්ජනයක් වන සජිත් භීතිකාව පමනයි .

    • LOL says:

      මචන් සජිත් භිතිකාව කියල දෙයක් නෙ.අදකාලෙ මිනිස්සු බුද්දිමත් රනසින්හ ප්‍රෙමදාස යුගයෙ වගෙ නෙවෙයි සජිත් ප්‍රෙමදාස වගෙ චරිත අද ලොකයෙ විහිලුවක් වෙන්නෙ අන්න එනිසා.සජිත් කටට එන ඔනාම දෙයක් බලය වෙනුවෙන් කියන කෙනෙක් කියල අද සමාජය දන්නවා,සජිත් වගෙ කෙනෙක් මෙ රටෙ නායකත්වයට නුසුදුසුයි කියල සමාජය දන්නව.සජිත් තම පියා වර්ගයෙම හොරෙක් බව ජලනිගෙ නිවාස හොරකමෙන් ඔප්පු වෙනවා.සජිත් අමති කාලෙ තම මිත්‍රයන් රාජ්‍ය බන්කු වලට පොලිය හටියට ගෙවන්න තිබුනු රුපියල් කෝටි ගනනක් කපා හරියා අන්න එ තමයි නියම සජිත්

      • ගෞම් ඊයාරාජ් says:

        පැණ්ඩොරා බෛයෙක් ගේ අදෝනාව ! ඔව් ඇත්ත මේ රටේ මිනිස්සුන්ට ඇත්ත දැනගන්න පචවාහිණී ,කුඩු චැනල් සහ නාග චැනල් වලට අමතරව වෙනත් විකල්ප මාධ්‍ය තියෙනවා , කිරිපිටි පොලීමේ ඉන්න ජනතාව , පොහොර නැති ගොවියා , රාජ්‍ය සේවකයා සහ වියවසායකයා බලාගෙන ඉන්නේ චන්දයක් එනකං කළගුණ සලකන්න ,පොලීම් යුගයේ ඉදලා පැන්ඩොරා පත්‍රිකා වෙනකං රටට දුන් ඒ “ගැම්ම”ට කෘතගුණ සලකන්න බලාගෙන ඉන්නේ , උබලා සමාජය ලෙස අර්ථ දක්වන්නේ මොන දේ කලත් “ඩොබී” චරිත රගපාන කබ්බන්ගේ එකතුවක් කියලනං ,නැගිටපං එලිවෙලා.😂😂😂

        • ගෞම් ඊයාරාජ් says:

          ඒ වගේම කියන්ඩ ඕන මේ ආණ්ඩුවේ දුර්වලතා හේතුවෙන් බූරු පුතානෝ වගේ දාර ගොබ්බයෙකුට මේ රටේ නායකයා වීමට යාන්තමට හරි මොලේ පන තියෙන රටේ ජනතාව ඉඩ නොතබන බව. ලොක්කගෙ කීම අහල ප්ලැකනිල් බීපු බූරු පැටව් ටික මේ දවස් වල චූන් වෙලා ඉන්න බව පේනවා

  4. LalithM says:

    ඌට පිස්සුව තදවෙලා. හොරාගේ අම්මාගෙන් පේන අහන්න යනවා.ජනපතිට කියන්න යන්න හදනවා හොර නඩයේ හපන්කම.

  5. nihal says:

    රට හැදීමට නම් පාර්ලිමෙන්තුවේ ඔය ඉන්න ගොන් හැත්තට ලැබෙන අති විශාල දීමනා අතීතයටද බලපාන පරිදි අහෝසි කළ යුතුය. උන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කල යුතුය. එය ඇත්තටම ගරු තනතුරක් කරන්නේ නම් මිනී මරා ගෙන පාර්ලිමෙන්තුවට ඒමට දරන උත්ස්සහය ව්‍යවර්ත කළ හැකිය.
    දේශපාලකයන්ට් දී ඇති පොලිස් බලතල අහෝසි කල යුතුය. ජනාදිපති වෙනුවට ජනතාවට වග කියන අගමැති කෙනෙක් පත කළ යුතුය.

  6. Kalu Albot says:

    Adman Mahaththayo, Horunwa rakina maha horaawa ivath karanne kohomada? Meyaawa Janaadhiathi kara gaththe ohugeth anith hora thakkadingeth aarakshaawa sandahaa newa! Mun hathikarema makabaa welaa yana thuru me ratata waguthuwak nehe!

  7. 3% ට බය බයියා. says:

    වංචාව ,නාස්තිය ,දූෂණය නැති කර ජනතාවට සහන දීලා ,රටේ සම්පත් විජාතිකයන්ට විකිණීම නතර කර රට ගොඩ නැගිය හැක්කේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .බලය කොච්චර තිබිලත් විරුවන්ට එය කළ නොහැකි බව ඔප්පු කරලා තියෙන්නේ .විරුවන් පරාජයට පත් කර මාෆියාව ජය පිට ජය ගන්නවා .ගැසට් ගහනවා නැවතත් රිවස් කරන්න විතරයි පුලුවන් .හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .

    • අනුරයියගෙ පුන්චම්මා says:

      වැඩි වැඩියෙන් බිස්නස් ක්ලාස් එකේ අයර්ලන්ත සවාරි යන්ට මගේ කොලුවට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  8. SAMAN says:

    උබලා මේ ජාත්‍යන්තරේ ගිය පැන්ඩොරා හොරු අල්ලන්න හදනවා , මෙහෙ සුදුළුනූ වංචාව ගැන හොයාගන්න බැරුව ඉන්නවා. තුශාන් ලා ගැන සතුටු වෙන්න ඔනේ කොන්ද කෙලින් තියාගෙන චෞර වලල්ලේ හොරු දෙන්නෙක් එක්ක තනියෙන් ගේම ඉල්ලන එක ගැන , තුශ්න් වැරදිකාරයෙක් වෙයි , දේශද්‍රොහී යෙක් වෙයි ,හොර ඇමතිලා ඊලග චන්දෙන් කර උඩින් දිනයි. මේ රටේ එවුන්ට ඔන්නෑ හොරු අල්ලන්න , උන්ට ඔනේ හොරු රජකරවලා ,වේලක් ඇර වේලක් කාලා , හූල්ලන්න. මේ ගොබ්බ මානසිකත්වය තියෙන කං , මේ රට වලපල්ලේ , පැන්ඩලා ගොඩ !!

    Reply

  9. ඇන්ඩ්‍රෝයිඩ් says:

    ජනාදිපති හා පාර්ලිමේන්තුවක් වෙනුවට ඇන්ඩ්‍රෝයිඩ් ඇප් එකක් තිබ්බා නම් හොඳයි..

Main News