සුදු රෙදි ගැලවේ.. දයාසිරි බැදුම්කර සමාගමෙන් සල්ලි ගත් හැටි සාක්‍ෂි සමග හෙලි වෙයි..චෙක් අංක බංකු ශාඛාත් හෙලිවෙයි..

May 24, 2018 at 10:37 pm | lanka C news
සුදු රෙදි ගැලවේ.. දයාසිරි බැදුම්කර සමාගමෙන් සල්ලි ගත් හැටි සාක්‍ෂි සමග හෙලි වෙයි..චෙක් අංක බංකු ශාඛාත් හෙලිවෙයි..

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී දැනට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් හි ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගමෙන් දෙන ලද රුපියල් මිලියනයක චෙක් පතක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර විසින් තම පොලිස් ආරක්ෂකයා හරහා මාරු කරවාගත් බව හෙලිව ඇත.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අධිකරණයේ පවරා ඇති නඩුව අද දිනයේ විභාගයට ගත් අවස්තාවේදී මේ බව හෙලිව තිබේ.

චෙක් පත මාරැ කර එම මුදල බැංකු රථගාලේදී මන්ත්‍රීවරයාට දුන් බව ආරක්‍ෂක නිලධාරීයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට සදහන් කර ඇත.

මේ බව ඩේලි මිරර් පුවත්පත හා සිරස රූපවාහිනිය වාර්තා කර තිබේ.

මූලාශ‍්‍ර මෙතනින්

207 views