සුදු වෑන්වලින් දෙදෙනෙකු පැහැරගෙන යයි….

June 23, 2022 at 3:50 pm | lanka C news
සුදු වෑන්වලින් දෙදෙනෙකු පැහැරගෙන යයි….

බේරුවල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු සුදු වෑන්වලින් පැමිණ පැහැරගෙන ගොස් ඇතැයි කියන පැමිණිල්ලක් සම්බන්ධයෙන් බේරුවල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඊයේ සහ පෙරේදා දිනයේ මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ ධීවර යාත්‍රා හිමිකරුවකු සහ ධීවර කාර්මිකයෙකි.

ඉන් එක් අයෙකුගේ බිරිඳක් පොලිසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ සුදු පැහැති වෑන් රථයකට තම සැමියා ඉකුත් විසි වෙනිදා නැඟ ඇති බවත් ඉන් පසු මේ දක්වා කිසිදු තොරතුරක් නැති බවත්ය.

අතුරුදහන් වූ අනෙක් පුද්ගලයාගේ මව කර ඇති පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තම පුත්‍රයා බේරුවල ධීවර වරාය අසල දී සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඇති බවයි.

57,332 views

6 Comments to “සුදු වෑන්වලින් දෙදෙනෙකු පැහැරගෙන යයි….”

  1. Sinhalaya says:

    Kolonnawe kata palala maalu wikunana watti ammada danne ne me dina wala passa tikak mahatata thibune kotata noendata

  2. බොල බූරු පුතේ says:

    බේරුවල? එහෙනම් ආයේ දෙකක් නෑ කිඹුල් මොටා.

    • ප්‍රේමකීර්ති ගේ සාක්කිය. says:

      බේරුවලනම් සුදු වෑන් එකකින් නම් උස්සල තියෙන්නෙ කෙලින්ම කිබුල තමෛ

  3. සෙරෙප්පු සුප්. says:

    මුන්ව හොයන්න කලින් මේ වෑන්වලට තෙල් ගැහුවෙ කොහෙන්ද කියල හොයල බලපල්ලා.

  4. දෙපිටකාට්ටු පෙරකදෝරු නරුමයා says:

    ගෝල්පේස් පිට්ටනියේ පිස්සු කෙලින ජෙප්පන් රැල අරගෙන යන්න කිසිම සුදු වෑන් එකක් නැද්ද දෙවියනේ! මුන් කතෝලික පල්ලියේ අනුග්‍රහයෙන් ලන්කාව විනාශ කරන්න යන්නේ. කොටි කල්ලියට උල්පන්දම් දුන්නෙත් මිසයිල ගැහුවේත් එකම කස්ටිය තමා.

  5. Harin says:

    සුදු වෑන් වලින් උස්සපු කට්ටිය නාවික හමුදා කඳවුරේ හිටිය කියල තමයි කලින් සැරේ සාක්ෂි වල කියවුනේ.

Main News