සුදු වෑන් එක පොලිසියේ.. අපි ගියේ සැකකරු ‘රයන්’ අල්ලන්න.. ඊට ඉඩ නොදුන් පිරිසට නීති මගින් කටයුතු කරනවා..- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

July 25, 2017 at 3:26 am | lanka C news
සුදු වෑන් එක පොලිසියේ.. අපි ගියේ සැකකරු ‘රයන්’ අල්ලන්න.. ඊට ඉඩ නොදුන් පිරිසට නීති මගින් කටයුතු කරනවා..- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් පොලිසියට අවශ්‍ය සැකකරුවකු මෙන්ම අධිකරණයට අවශ්‍ය වරෙන්තුකරුවකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.

කලින් මුදල් අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කොට ඇතයි පැවසු සුදු වෑන් රථය ශ්‍රීලංකා පොලිසියට අයත් බවත් එය කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව ඇති වෑන් රථයක් බවත් ඔහු පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කලේය.

මෙහිදී මාධ්‍ය ඇසු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ පොදු දේපල විෂයහිලා සිදුකර ඇති වැරදි සම්බන්ධ වරදකදි අත් අඩංගුවට ගැනීමට පොලිසියට වරෙන්තුවක් අවශ්‍ය නැති බවයි.

එමෙන්ම පොලිසිය වරෙන්තුවක් නැතිව සිවිල් ඇදුමෙන් සැරසි සුදු වෑන් එකෙන් රයන් ජයලත් අත් අඩංගුවට යෑම සම්බන්ධව මාධ්‍ය විමසීමේදී ඔහු ප්‍රකාශ කලේ සැකකරුවෙකු අත් අඩංගුවට ගැනිමේදි නිල ඇදුමෙන් සැරසී යා යුතු බවට නියමයක් නැහ යනුවෙනි.

රයන් අත් අඩංගුවට ගැනීමට යාමේදී එහි සිට පොලිස් රාජකාරියට බාධා එල්ල කල පිරිස සම්බන්ධව විකාශනය වු මාධ්‍ය වාර්තා පදනම් කර ගනිමින් ඔවුන් සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තව දුරටත් කියා සිටියේය.

මෙහි පුදුමය නම් එදා මහින්ද රාජපක්ෂ යුගයේ මෙවෙනි සිදු වීමක් සිදු වු විගස එය රාජපක්ෂවරුන් පිට පැටවීමට මෙරටේ සිවිල් සංවිධාන මෙන්ම ජාත්‍යන්තරය කටයුතු කල අතර අද සුදු වෑන් එකේ අයිතිකරු එදා සුදු වෑන් වෙනුවෙන් හඩ නැගු මංගල සමරවීර වර්තමාන මුදල් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය සතු වීම දෛවයේ සරදමකි.

107 views

9 Comments to “සුදු වෑන් එක පොලිසියේ.. අපි ගියේ සැකකරු ‘රයන්’ අල්ලන්න.. ඊට ඉඩ නොදුන් පිරිසට නීති මගින් කටයුතු කරනවා..- පොලිස් මාධ්‍ය ප්‍රකාශක”

  1. Dushantha says:

    පොදු දේපල විෂයහිලා සිදුකර ඇති වැරදි සම්බන්ධ වරදකදි අත් අඩංගුවට ගැනීමට පොලිසියට වරෙන්තුවක් අවශ්‍ය නෑත. සැකකරුවෙකු අත් අඩංගුවට ගැනිමේදි නිල ඇදුමෙන් සැරසී යා යුතු බවට නියමයක් නෑත.
    මාර යහපාලනේ නේද? කෝ අර සිවිල් සන්විධාන කියලා ඒ කාලෙ බෙරිහන් දුන්න උන්.

  2. Police Junta media speaker says:

    PRAA leader’s murder thug Police Junta now mobilizing whit vans

  3. Channa says:

    මෙය නීත්‍යානුකුලව කරන ලද ක්‍රියාවක්

    • Amda says:

      එතකොට කලින් ආන්ඩුව කාලෙ ආපු සුදු වෑනුත් නීත්‍යානුකූලයි නේද හිටන් ?
      එතකොට චන්දෙ කාලෙ සුදු වෑන් කිය කිය කෑගැහුවෙ ඇයි හිටන් ?

  4. dha says:

    Balu adikaranayen mita wada deyak balaporottu wiya nohaka

  5. Raj Shalik says:

    UN OKKOMA AMMALATA DIGITAL KARANAWA DOLLAR EKKA

  6. එතකොට මෙතුවක්කල් සුදු වැන් පියා පොලීසිය බව සක්සුදක්සේ ඉතාම පැහැදිලියි ඒ කියන්නේ යහපාලනය කෙලින්ම මේ ක්‍රියාවන්ට සංඹඳයී???

  7. john the baptice says:

    මුන්ට උතුරේ කියන්නේ පොල්ලේ පොලිස් සිංහලයන්ට පමනක් මුන්ගේ පොල්ල කෙලින් වෙන්නේ?

  8. Saradiel says:

    සරා ගොයිය හරි මිනිහා,
    තුවක්කුවක් කරේ තියන් දවසක් දඩයමේ ගියා
    රාළහාමි කෙනෙක් එදා – සයිකලයක නැගී පදා
    වෙළ අයිනේ පාර දිගේ – පැට්‍රොල් ගොස් එන අතරේ
    සරා විහිලුවකට හිතන් – තුවක්කුවත් අතට අරං
    වෙළ අයිනේ වැටට උඩින් – දුවන්ට විය බොහොම තදින්

    ඊට පස්සේ රාළහාමි සරාගේ පස්සෙන් පැන්නුවා. සරා මඩ කඩිති උඩින් දිව්වා. රාළහාමි වහු පැටියකුගේ ලනුවේ පැටලිලා වැටුනා. මූනේ මඩ ගෑවුනා. වෙස් මුහුණක් වගේ උනා. කොල්ලො හූ කියන්න ගත්තා. සරා හිනහ වෙවී වාඩි උනා. රළහමි සරා අල්ලගෙන ‘හා මගෙන් බේරෙන්න’ කියළ, දීපන් ලයිසම කිව්වා. සරා සරම අස්සෙන් තුවක්කුවේ ලයිසම පෙන්නුවා. ‘එහෙම නම් ඇයි යකෝ දිව්වේ’ කියළ රාළහාමි තරහෙන් ඇහුවා.

    එත්කොට සරා ඇහුව ‘දුවන්නත් ලයිසොන් ගන්න ඕනැ ද රළහමි’ කියළ. රාළහාමි යන්න ගියා.

    මේ රාළහාමිලාට එදා අහිංසක සරා අද අහුවුනොත් පොලීසියට වෙඩි තබා රාජ්‍ය ආරක්ෂාවට බාධා කළ බවට කට උත්තරයකුත් අරගෙන නඩුවකුත් දාල හිරෙත් යවාවි. සිසු සිසුවියන්ට වෙන්නෙත් ඒකයි. ජනමාධ්‍යවේදීන්ට වෙන්නෙත් ඒකයි.

Main News