සුදු වෑන් චෝදනා සිල්ලර කතා වෙයි.. මිනී මැරුම් හයක් වූ ගමකට දුන් විද්‍යාත්මක පරීක්‍ෂණය ගෝටා කියයි..

February 19, 2019 at 6:23 am | lanka C news
සුදු වෑන් චෝදනා සිල්ලර කතා වෙයි.. මිනී මැරුම් හයක් වූ ගමකට දුන් විද්‍යාත්මක පරීක්‍ෂණය ගෝටා කියයි..

ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ මිනුවන්ගොඩ, පිල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මගින් සංවිධානය කර තිබූ 2019 වසර සඳහා අධ්‍යාපනික ශිෂ්‍යත්ව ලබාදීම සහ කලාකරුවන්ට සම්මාන ප‍්‍රධානය කිරීම උදෙසා පැවති උත්සවය අමතා අදහස් දැක්වූ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා –

‘පරවාහැර චන්ද්‍රරතන නාහිමිපාණන් වහන්සේ විසින් වසරක් පාසා සිදුකරන මෙම සමාජ සේවාව අගය කළ යුතු වෙනවා. වසර 20 කට අධික කාලයක් තිස්ස් උන්වහන්ස්ගෙන් කෙරෙන මේ කෙරෙන විශාල සමාජ සේවය ගැන කවුරුත් දන්නවා. සමාජය තුළ තිබෙන ගුණධර්ම පිරිහෙමින් යන බව උන්වහන්සේ මෙහිදී මතක් කළා. විවිධ ජාත්‍යන්තර මතවාද නිසා අප තුළ තිබූ ගුණධර්ම අපෙන් ඈත් වෙලා තියෙන ආකාරය ගැනත් උන්වහන්සේ දේශනා කළා.

එදා පාසල් යන අවදියේ ගුරුතුමන්ලාගෙන් දඬුවම් ලද ශිෂ්‍යයන් අද ඉහළ තැන්වල ඉන්නවා. මේ ගුරුවරුන් අපට කළ දඬුවම්වලින් අපට හොඳක් වුණාට නරකක් වුණේ නැහැ. සමාජය කුමන ආගමකින් හෝ ඈත් කිරීම නිසා තමයි අද ගුණධර්ම පිරිහෙලා තිබෙන්නේ. අද රටේ මත්ද්‍රව්‍ය, පාතාල ප‍්‍රශ්න වැඩි වෙලා තිබෙන්නේ ගුණධර්ම පිරිහීම නිසයි. සමාජ පුද්ගලන්ගේ ගුණධර්ම ඔවුන්ගෙන් ඈති වෙලා. පුදගල නිදහස සහ අයිතිවාසිකම් නීතියෙන් පාලනය කිරීමට වඩා කුඩා කාලයේ සිටම ගුණධර්ම තුළින්ම තමයි පාලනය කළ හැකි වන්නේ. පාසල, ආගම, දෙමාපියන්, සමාජය අපෙන් ඈත් කළොත් මේ සමාජ ගුණධර්මත් අපෙන් ඈත් වෙනවා. ආගම තුළින් ආධ්‍යාත්මය ළඟා කරගත හැකියි. දෙමාපියන් බලාගන්න, දුප්පතුන් ගැන සංවිධාන කිසිවක් නැහැ. මෙවැනි සමාජයක් තුළ එදා වගේම ඉතිහාසයේ සිදුවුණා වගේම පන්සල ඉදිරියට ආ යුතුයි. පන්සලේ මැදිහත් වීම තුළින් තමයි සමාජය යළි නිිසි මාර්ගයට ගත හැක්කේ.

එදා ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් සිටි කාලයේ එක්තරා ප‍්‍රදේශයක මිනීමැරුම් රැසක් සිදුවුණා. පොලිසිය ඒ සඳහා ක‍්‍රියාමාර්ග ගත්තා. ඊට අමතරව  මේකට හේතුව කුමක්ද කියා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයෙන් ඉල්ලා සිටියා මෙවැනි මිනීමැරුම් සිදුවන්නේ ඇයි ද කියා සොයා බලන්න උපදෙස් දුන්නා. එහිදී මේ මිනීමැරුම්වලට ප‍්‍රධාන තැනක් ගත්තේ ඒ ප‍්‍රදේශයටම පන්සලක් නොතිබීම. පෝයට සිල් ගන්නේ, බණකට ස්වාමීන් වහන්සේලා වැඩම කරවන්නේ ඈත විහාරස්ථානවලින්. ඒ වගේම නිසි පාසලක් තිබුණෙත් නැහැ. පන්සලක්, පාසලක් නැත්නම් අපේ සමාජයට පැවැත්මක් නැහැ.

ඒ වගේම හෝමාගම පාසලක විදුහල්පතිවරයෙක් කිව්වා ප‍්‍රදේශයේ කුඩු, මත්ද්‍රව්‍ය පැතිරිලා කියලා. විනය භාර ගුරුවරුන්ටත් කිසිවක් කරන්නත් බැරි විදිහට සමාජය වෙනස් වෙලා. මෙවැනි තත්ත්වයකට අද අපේ සමාජය පිරිහිලා. කොට්ටාව ප‍්‍රදේශයේ ටියුෂන් ගුරුවරියක් ¥ෂණය කරලා. සැකකරු අවුරුදු 21 ක තරුණයෙක්. මේ තරමට සමාජය පිරිහිලා තිබෙන්නේ පුද්ගලයන්ගේ පිරිහීම නිසයි. අපි පුද්ගලයන්ගේ ගුණධර්ම වර්ධනය කරන්නේ නැතිව ඔවුන් තුළ හික්මීමක්, ස්වයං පාලනයක් නැතිව නීතිරීතිවලින් පමණක් සමාජය ඉදිරියට ගන්න බැහැ. එනිසා අපි කුමන ආගමකට හෝ දෙන තැන වැදගත් වෙනවා. පාසල් තුළ සංස්කෘතියට, සිරිත්විරිත්වලට, ඉතිහාසයට දෙන වැදගත්කම ඉතා වැදගත් වෙනවා. ගුරුවරුන් සමාජයට ලබාදෙන දායකත්වය ඉතා වැදගත්’

– චාමින්ද කරුණාරත්න

137 views