සුදු වෑන් නැවතත්..
November 1, 2017 at 6:28 am | lanka C news
පසුගිය සිකුරාදා තමන් පැහැර ගැනීමට පැමිණි බවට තාරක දිනිදු රණසිංහ නැමති අය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.
ඔහු පැහැර ගැනීමට පසුගිය සෙනසුරා දා සහ සිකුරාදා පැමිණි බවට ඔහු කරුණු ඉදිරිපත් කර ඇති වාහනය මෙහි දැක්වෙයි.
මෙම පුද්ගලයා විසින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට සාක්ෂිකරුවෙකු ලෙස ඉදිරිපත්වීමෙන් පසුව මෙම තර්ජන එල්ල වි ඇති බව ප්‍රකාශ වේ.
විදේශ සේවා නියුක්ති කාර්යංශය පුද්ගලයින් 3300 ක් හොරපාරේ රට යැවූ හැටි ගැන අල්ලස් කොමිසම හමුවේ සාක්ෂි දුන් සාක්ෂි කරුට මරණ තර්ජන
සාක්ෂි කරු ආරක්ෂා කර දෙන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි.
පුද්ගලයින් 3300 කට විදේශගතවීමට අවශ්‍ය පවුල් පසුබිම් වාර්තා විධිමත් කාර්ය පටිපාටියෙන් බැහැර අනුමැතියකින් ලබා දී ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඉහළ පරිපාලනයේ බලපෑම මත මෙලෙස නීති විරෝධී ලෙස පවුල් පසුබිම් වාර්තා ලබාදී ඇති බව දන්වමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර එම පැමිණිල්ල සම්බන්ධයෙන් වන සාක්ෂි කරුවෙකු වෙත කිසියම් පිරිසක් විසින් මරණීය තර්ජන එල්ල කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය වෙත තොරතුරු වාර්තා විය.
එම සාක්ෂිකරුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස දන්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රෙය් විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම වෙත ලිපියක් යොමු කරනු ලැබීය
මාධ්‍ය ඒකකය
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය
බටලන්ද නැවතත් …….