සුදු වෑන් පැහැර ගැනීමක්.. හමුදාවේ 04ක් අත්අඩංගුවට..

July 4, 2021 at 12:00 pm | lanka C news
සුදු වෑන් පැහැර ගැනීමක්.. හමුදාවේ 04ක් අත්අඩංගුවට..

ඉකුත් 30 වන දින නොරෝච්චෝල ප්‍රදේශයේ දී සුදු වෑන් රථයකින් පැමිණ පුද්ගලයකු පැහැර ගෙන ගොස් පහර දී මහ මඟ දමා යාම සිදුවීම පිළිබඳව යුද හමුදා කපිතාන්වරයෙකු ඇතුළු හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ යුධ හමුදාව විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන නොරොච්චෝලේ පොලිසියට භාරදී ඇති බවයි.

එම හමුදා නිලධාරීන් පිරිස කල්ලාර් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පිරිසක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පැවසීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙරද හමුදා හමුදා සෙබළකු අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිසිය පවසන්නේ පුද්ගලික ආරවුලක් මත මෙම සිදුවීම සිදුව ඇති බවය.

27,677 views

3 Comments to “සුදු වෑන් පැහැර ගැනීමක්.. හමුදාවේ 04ක් අත්අඩංගුවට..”

  1. Hora Gudda says:

    Gotabaya Janadhipathi wunata passe, yudda hamudawe ranawiruwo, Gotabayage balaya athata gena Ranahwiruwo , Minimaruwo welai thiyenne dan. Nikan inna asarana mnissunta, pita rata dahaduk vindala Lankawe hotalwalata Laksha 5 hak withara gewala Nirodayana wena minihekge Kanadi paluwa, thawa Rajaye sewakayanta gahanawa, Sudi wan walin gihilla minissu allala gahala pare danawa. Mema kalakanni, ranaviru kiyana, Minimaru balaya thata gath yudahamuda murgayanwa, Hamudapathi thuma visin mella kale nathnam, ekama hamudawe ekakutawath Pita ratakata yanda thiya hithandawath bariwenawa, unwa ratin giya gaman allala hire danawa Saththakamail

  2. කැලණියේ නයා says:

    රණ විරුවන්ට අත තියන්නද හදන්නෙ.රණවිරුවො කියන්නෙ ඒකයි ඕන පිස්සුවක් කෙලිතෑකි එයාලට.මේ ආන්ඩුව ඇවිත් රට විරුවන්ගෙ අමාරුව නම් හොද කලා.සුව විරුවො ස්ට්‍රයික්.රණ විරුවො එක්ක නම් සෙල්ලම් අමාරුයි.

  3. Sandun Dhammika says:

    GIJOE !
    Yo Joe !

    Good luck US marine forces man.

Main News