සුදු වෑන් රථයකින් ආ පිරිසක් තරුණියක් පැහැරගනී.. ගම්මුන් රථය වටලයි..

August 20, 2019 at 10:40 am | lanka C news
සුදු වෑන් රථයකින් ආ පිරිසක් තරුණියක් පැහැරගනී.. ගම්මුන් රථය වටලයි..

වව්නියාව මරතෝඩි කාන්චනමොටෙයි ප්‍රදේශයේදී තරුණියක් පැහැරගෙන යිමින් සිටි සැකකරුවන් 11 දෙනෙකු ගම්වාසීන්ගේද සහය ඇතිව ඊයේ (19) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය පවසයි.

මීට අවුරුදු 3 කට පමණ පෙර අදාල තරුණිය ඇතුලු පිරිස කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිට කාන්චනමොටෙයි ප්‍රදේශයේ නැවත පදිංචි වී ඇති අතර ඊයේ රාත්‍රියේ එකවරම වෑන් රථයකින් හා ත්‍රී රෝද රථ දෙකකින් පැමිණි පිරිසක් විසින් තරුණිය පැහැරගෙන යාමට උත්සහ දරා ඇත.

වයස අවුරුදු 17 ක් වූ තරුණිය පැහැරගෙන වෑන් රථයට දමාගත් සැකකරුවන් වෑන්රථය ධාවනය කරමින් සිටි අවස්ථාවේදී ප්‍රදේශවාසීන් එම අවස්ථාවේම ක්‍රියාත්මක වී වෑන් රථය ලුහුබඳිමින් ඒ බව පුලියන්කුලම් පොලීසියට දැනුම් දී ඇති අතර එම අවස්ථාවේදීම ක්‍රියාත්මක වූ පුලියන්කුලම් පොලීසිය විසින් වෑන් රථය හා ත්‍රී රෝද රථ දෙකත් සමග එහි සිටි සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සැකකරුවන්ට හා වාහන වෙතට ප්‍රදේශවාසීන් විසින් පහරදීමට උත්සහ දරා ඇති අතර පුලියන්කුලම් පොලීසිය විසින් තත්වය පාලනය කොට ඇති අතරම සැකකරුවන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී දැඩි ලෙස මත්පැන් පානය කරමින් සිට ඇත.

තරුණිය පැහැර ගැනීම සිදු කල අයගෙන් ප්‍රධාන සැකකරු අදාල තරුණියගේ නිවස සැදූ මේසන්බාස් බවට හඳුනාගෙන ඇති අතරම සැකකරුවන් වව්නියාව මරඳන්කුලම් ප්‍රදේශයේ පදිංචි කරුවන් බවට පුලියන්කුලම් පොලීසිය පැවසීය.

අත්අඩංගුවට පත් සැකකරුවන් වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

46,567 Viewers

7 Comments to “සුදු වෑන් රථයකින් ආ පිරිසක් තරුණියක් පැහැරගනී.. ගම්මුන් රථය වටලයි..”

  1. Dp says:

    සෙට් එකම අහු වුනේ නැත්නම් උදේ වෙද්දී කිරිඇල්ල මේකත් ගෝටා ගේ නමටම බැර කරනවා

  2. U.N.J.V.P says:

    Yantham athi. Honda wwlawata munwa alla gaththe. Nathinam mun ekatath Gotawa allai.
    Gotabaya beruna.

  3. amrebandu says:

    Apekshaka Yojana Kala Witharai Sudu Van Trail

  4. රාජිත says:

    මෙම වෑන් රථය පදවා ඇත්තේ ගෝටා බව පොලිසිය විසින් සොයාගෙන ඇත
    මීට
    රාජිත

    • වැඩ්ඩා says:

      පොලීසියට ඔත්තුව දුන්නෙ චතුර බා ..බා.. බා

  5. john the baptice says:

    වැඩියක්ම රටේ දරුණුකම් වැඩි උනේ යහපාලන රජයෙන් කණගාටුයි

Main News