සුදු වෑන් වෙනුවට කළු වෑන් හමුවේ.. රත්ගම ව්‍යාපාරිකයන් මරා පුච්චලා.. ඇටකටු හමුවේ..
February 23, 2019 at 3:00 pm | lanka C news
රත්ගම බූස්ස ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කළේ යෑයි කියන ව්‍යාපාරිකයන් දෙදෙනාගේ බවට සැක කරන පිළිස්සුණු අස්ථි කොටස්, දත් සහ කෙස් කොටස් කිහිපයක් වලස්මුල්ල මැදගංගොඩ රක්ෂිතයේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (22 වැනිදා) සොයා ගන්නා ලදී.
දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගෙන ගොස් අක්මීමන ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසකදී ඝාතනය කර ඔවුන්ගේ සිරුරු වලස්මුල්ල මැදගංගොඩ ප්‍රදේශයේ රක්ෂිතයකදී පුළුස්සා දමා ඇතැයි මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු ඊයේ (22 වැනිදා) පෙරවරුවේ මෙම තරුණයන් දෙදෙනා ඝාතනය කළ බවට සැක කරන නිවස සහ පුළුස්සා දැමූ රක්ෂිත වනාන්තරයේ අදාළ ප්‍රදේශය පරීක්ෂාවට ලක් කළහ.
නිවස පරීක්ෂාව සඳහා ගාල්ල මහෙස්ත්‍රාත් හර්ෂ කැකුණවෙල මහතාත්, මැදගංගොඩ රක්ෂිතය පරීක්ෂාවට වලස්මුල්ල මහෙස්ත්‍රාත් සුරංග මුණසිංහ මහතාත් එක්වූහ.
මොවුන් දෙදෙනා පුළුස්සා ඇත්තේ ඩීසල් දමා ගිනි තැබීමෙන් බවද දැනට සිදුකරන පරීක්ෂණවලට අනුව හෙළිවී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසකගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඊයේ පෙරවරුවේ එම ස්ථානය නිවැරැදිව හඳුනා ගත්හ.
තරුණයන්ගේ මළ සිරුරු පිළිස්සූ ස්ථානය සොයාගැනීම සඳහා සැකකාර උප පොලිස් පරීක්ෂකවරයකු ද එහි කැඳවාගෙන යැමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සිදුවිය.
මේ අතර මෙම තරුණයන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (21 දා) අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ද අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ඔහු
රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කර තිබිණි.
තරුණයන් ඝාතනය කර පිළිස්සූ ස්ථානය හඳුනා ගැනීමට රැගෙන ගොස් තිබුණේ මෙම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාය.
තරුණයන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දකුණු පළාත් අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබූ අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් එම ඒකකයේ 15 දෙනකුට ඊයේ (22 දා) සිට ස්ථානමාරු ලබාදී ඇත.
ඉකුත් ජනවාරි මස 23 වැනිදා රත්ගම ප්‍රදේශයට කඩාවැදුණු දහතුන් දෙනකුගෙන් සමන්විත වූ නිලධාරීන් පිරිසක් මෙම තරුණයන් දෙදෙනා පැහැරගෙන ගොස් තිබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යයි.
– divaina
13න් දෙනෙකුගෙන් සමන්විත මිනීමරු කල්ලියේ 2යිද අත් අඩංගුවට අරන් තියෙන්නේ?
Mini maruwo aparada karayo hire gihin dawas deken nidahas wela awith ayeth ahinsakayanwa maranawa aparada karanawa.e ahinsakayan wenuwen katha karanda ekek na.aparada karayo wenuwen pelapali yanda ho gala senaga
වෙන රටක නං පොලිස්පති ඉල්ලා අස් වෙලා
polispsthi mokatada illaa aswenne. eyaawa pathkale ponil.pacha ranawaka,prajitha,yataht wijith hera,
ekathuwelaa.me kattiyage wuwamanaawan kara gannakan.eyaawa askaranne nehe,
Neethiya anuwa me dennawa marapu eka waradi.namuth sathwa gathakayanta krura maranayak himi weema karmanurupai
මුන් 13 දෙනාම ගෝල්ෆේස් එකට ගෙනල්ල වෙඩි තියල මරල දාන්න ඔනි.. මුන්ට පරීක්ශන ඕනි නෑ
පොලිස්පති මෙිවා නොදැන කෙරෙන්ින විදියක් නැහැ මෙලිවිම එවිවෙි නැත්නං මෙිවා නොවිසිදෙන අපරාදද?
Not only the IGP also Prez should resign as he is the Police Minister now. Prez should be responsible for Black Van abductions.