සුදු වෙන්නම පරාදයි.. 20-20 තරගාවලියෙන් පුර්ණ පරාජයක්..

March 25, 2019 at 6:32 am | lanka C news
සුදු වෙන්නම පරාදයි.. 20-20 තරගාවලියෙන් පුර්ණ පරාජයක්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ජොහැන්ස්බර්ග්හිදී පැවැති අවසන් 20-20 තරගයෙන් ද ශ්‍රී ලංකා පිල පරාජයට පත්විය.

මෙම පරාජයත් සමගින් 20-20 තරගාවලියද 3-0ක් ලෙස පුර්ණ තරගාවලි පරාජයක් ශ‍්‍රී ලංකා පිට හිමිවිය.

තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලූ 2 ක් පමණක් දැවී ලකුණු 198ක් ලබා ගත්තේය.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15.4 දී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 137ක් පමණි.

වර්ෂාවෙන් තරඟයට බාධා ඇති වූ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 17 කදී ලකුණු 183 ක ඉලක්කයක් හිමිවිය.

31 views
Main News