සුදේව-කිංස්ලි රජයේ මාධ්‍ය ප‍්‍රධානීන් කැදවයි.. ‘අප හිරේ ඉද්දී ඔබ සිටියේ මහරාජා ලග’ මාධ්‍ය ලොක්කන් කිංස්ලිට කියති..

June 7, 2021 at 10:02 pm | lanka C news
සුදේව-කිංස්ලි රජයේ මාධ්‍ය ප‍්‍රධානීන් කැදවයි.. ‘අප හිරේ ඉද්දී ඔබ සිටියේ මහරාජා ලග’ මාධ්‍ය ලොක්කන් කිංස්ලිට කියති..

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ සුදේව හෙට්ටිආරච්චි සහ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක යන මහත්වරුන් විසින් රජයේ මාධ්‍ය ප්‍රධානීන් විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ කැඳවා තිබිණි.

එහිදී ඔවුන් විසින් පෙන්වා දී ඇත්තේ රජය බලාපොරොත්තු වන තරමේ ප‍්‍රචාරයක් රාජ්‍ය මාධ්‍ය ආයතන වලින් සිදුනොවන බවත් රජයේ කටයුතු ගැන උපරිම ප‍්‍රචාරයක් බලාපොරොත්තු වන බවත්ය.

එම තත්වය ඇති කර ගැනීම සදහා රජයේ මාධ්‍ය ආයතන වැඩි අවධානද දී කටයුතු කළ යුතු බව එහිදී පෙන්වා දී ඇත.

ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඇතුළු වූ රජයේ මාධ්‍ය ආයතන වල ප්‍රධානීන් එම හමුව සඳහා කැඳවා තිබිණි.

ඔවුන් දෙදෙනාගේ අදහස් දැක්වීමෙන් පසු මාධ්‍ය ප්‍රධානීන් කිහිප දෙනෙකුම ජනාධිපති මාධ්‍ය ප‍්‍රධානීන්ගේ අදහස් දැක්වීමට යම් ප්‍රතිරෝධයක් දක්වමින් අදහස් පළකර ඇතැයිද වාර්තා වෙයි.

රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානියෙකු එහිදී පෙන්වා දී ඇත්තේ තමන් ඇතුළු පිරිස පසුගිය වසර ගණනාවක් තිස්සේ වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා උපරිම කැපවීම කල බවත් ඒ නිසාම හිර ගෙවල්වල පවා ගිය බවත්ය.

විශේෂයෙන්ම එහිදී කිංස්ලි රත්නායක මහතාට පවසා ඇත්තේ ඔබ මහරාජා ආයතනයේ සේවය කරමින් සිටියදී අප මේ ආණ්ඩුව ගෙන ඒම සඳහා සිර ගෙවල්වල පවා සිටි බවය.

රාජ්‍ය මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ගේ මෙම ප‍්‍රතිචාර වලින් පසු කිංස්ලි රත්නායක මහතා එම ස්තානයෙන් පිටව ගොස් ඇතැයිද වාර්තා වෙයි.

140,434 views

28 Comments to “සුදේව-කිංස්ලි රජයේ මාධ්‍ය ප‍්‍රධානීන් කැදවයි.. ‘අප හිරේ ඉද්දී ඔබ සිටියේ මහරාජා ලග’ මාධ්‍ය ලොක්කන් කිංස්ලිට කියති..”

  1. ලෙඩෙක් says:

    ඔය හිස් කිංස්ලි කියන අඩු කුලේ පරයට කන පොඩිවෙන්න දෙන්න තිබුනෙ රෙද්ද පල්ලෙන් මුත්රා බහින්න….හැමදාම මිනිස්සු රවට්ටමින් ජීවත්වන අදෝ මුකයා….
    මේකා කොයි වෙලේ හරි රටත් , ජනාධිපතිවත් පාව දීලා සුද්ද ගෙ තුරැලට යනවා…එච්චර සක්කිලියෙක් …

  2. යකෝ මෙන්න මහරාජත් මේකෙ කොමෙන්ටු දානවා;;;;;;

  3. යයයා says:

    නෙද්දකිං ….කිංසිලි යා එහෙනං ජනාධිපතිව ඇන්දුවා…ඒ අතිං පට්ටම පොරක්….මහරාජා ට කේලං කියල Phd ගහල තියෙන්නේ…..
    ඒකම පාවිච්චි කරයි …ළඟ ඉන්න උං මොලේ පාවිච්චි කරපල්ලා..එච්චර තිරිසනෙක් ….