හමුදා සෙබලා සුනකයින් 15කට වස දී මරා දමයි..

June 12, 2020 at 4:40 pm | lanka C news
හමුදා සෙබලා සුනකයින් 15කට වස දී මරා දමයි..

ගවයකු සපා කෑවයි උරණවී වවුනියාවල මාමඩුව ගම්මානයේ නිවාසවල සිටි සුනඛයින් 15 දෙනකු වස මිශ්‍ර මස් ලබාදී ඝාතනය කළැයි හිටපු හමුදා සාමාජිකයකු අත්අඩංගුවට ගත් බවට මාමඩුව පොලිසිය පවසයි.

මස් සහිත ආහාර ද්‍රව්‍යක් ලබාදීමෙන් පසුව සුනඛයින් මියයෑම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පිරිසක් මාමඩුව පොලිස් ස්ථානය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිස් නිලදාරීන් විසින් සිදුකළ විමර්ශනයකදී සැකකාර හමුදා සාමාජිකයා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ගව පට්ටියක් පාලනය කරන අතර ඔහුගේ ගවමඩුවෙහි සිටි ගවයකු හා පැටවකු සුනඛයින් විසින් සපාකෑමෙන් අනතුරුව උරණ වී වස මිශ්‍ර මස් ලබාදීමෙන් මෙම සුනඛයින් ඝාතනය කර ඇති බවට පොලීසියට තොරතුරු අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පවසා සිටියේ ගවයින් සම්බන්ධ සිද්ධීන් නිසා සැකකරු නිවාස වල ඇතිකරන සුනඛයින්ට අවස්ථා ගණනාවකදී වස ලබාදී ඝාතනය කොට ඇතිබවත්ය.

අත්අඩංගුවට ගත් සැකකරු මාමඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 පුද්ගලයකු වන අතර ඔහු වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

වවුනියාව කොට්ඨාස භාර පොලිස් අධිකාරී තිස්සලාල් ද සිල්වා මහතාගේ උපදෙස් මත මාමඩුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්මාල් ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.

වන්නි රොමේෂ් මධුෂංඛ

35,222 Viewers

18 Comments to “හමුදා සෙබලා සුනකයින් 15කට වස දී මරා දමයි..”

  1. Bayhamudaawa says:

    100 x 15 >>>>>>>Dadaya Rupiyal 1500
    Siyalu Paw Nidos kota nidahas ….
    Sebalaata Promotion

  2. Anti Corona says:

    මෙය අමානුශීය ක්‍රියාවක් බව විවාදයක් නැත..නමුත්, සුරතල් සතුන් ඇති කිරීමේ නිසි ක්‍රමවේදයක් අපේ රටේ නැත..බොහෝ විට, ගෙදර ඇති කරන බල්ලා අනික් මිනිස්සුන්ට වදයකි..මේවත් නීතියෙන්ම ක්‍රමවත් වෙන්ඩ ඕනෙ..

    • samantha says:

      ගම් වල ඉන්න බල්ලන්ට හාම්පුත්තු නෑ මනුස්සයො. අඟහරු ලෝකෙන් පාත් වෙච්ච ආයද මේ?

      • Upali says:

        Why are the villages complaining if the dogs do not belong to them ??

      • ඉත්තෑවා says:

        88/89 ජෙප්පෝ මිනිස්සුන්ව මැරුවේ වස දීල නොවේ. ටයර් දාල පුච්චලා මැරුවේ… පුච්චලා!

  3. Rata Wenuwen says:

    අපේ පැත්තේ මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා
    මොකක්ද කිව්වේ
    අපේ පැත්තේ මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා
    ඒ කිව්වේ
    මහ කකුළුවෝ කෙළින් අතට ගමන් කරනවා
    නෑ නෑ
    එහෙනම් ?
    පොඩි එවුන්ට යන්න කියනවා

  4. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    අහිංසක සතුනට වස දුන් බල්ලා අල්ලා නීතිය ක්‍රියාත්මක කිරීම සිදු විය යුතුයි.

  5. MD says:

    Nisahas wela awa gaman ekko kuduwakata danna nathnam Pattiyata dala gatagahala tiyanna.

  6. Tommy says:

    මම් හිතන්නෙ ගැට්ලුවක් නෑ මොකද බල්ලො ඉන්නවනන් බැද ගත යුතුය.ඕව ගමක ඉදල කරල බලන්නම ඕන අනිත් උංට තේරෙන්නෙ නෑ ඒකෙ අමාරුව

    • samantha says:

      මෝඩ් කතා එපා ඔය් බල්ලො කාටවත් අයිති නෑ. බල්ලාට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ. ගමක ජීවත් වෙන්නම ඕන නෑ පොඩ්ඩක් ගමකට ගිහිල්ලාවත් නැද්ද මේ වගෙ ලොන්ත පෝල් කතා කියන්න. එහෙන් මෙහෙන් දෙන දෙයක් කාලා උන් ඉන්නෙ/ ඒකනෙ ඔය මස් කෑල්ල දුන්නම උන් හැමෝම කෑවෙ. ඕවට ලොකු දඬුවම් නැතුව ඇති, ඒත් හිතක් පපුවක් නැති මිනිහෙක් හැටියට සලකලා සමාජයෙන් කොන් කරන්න ඕන ටික කාලෙකට හරි.

    • අයිතිකාරයෝ නැති බල්ලො නම් මොකද කරන්නෙ. උන්ව ගෙනිහිල්ලා තමුන්ගෙ ගෙදර බැදගන්නවා.

      • ටොමියට දාපු කමෙන්ට් එක ඔයාගෙ එකට වැරදීමකින් ගිහිල්ලා. සමාවෙන්න.

  7. john the baptice says:

    ගවලෙනේ ජේසු බිලිදාගේ මිතුරා ලෙස සලකන ගවයා නත්තල් මේසයේ රස බොජුනක් උයේ කෙසේද?

    ගව ගාතනය තහානම් කරමු.

  8. හික් හිහි හි හි says:

    රණවිරුවෙක් ?

    • නෑ, ඌ බලූ ඝාතකයෙක්. බල්ලොන්ට වෙච්ච දෙය බලු ඝාතකයගෙ පවුලේ එවුන්ටත් සිද්ධ වෙයි.

  9. Ayiab lahaw says:

    අද අපට රටක් තියෙන්නෙ මේ මිනිස්සු නිසා. මෙහෙම සුලු වරදකට ලෝකයා ඉදිරියේ නින්දාවට පත්කළ යුතුද මොහුව. ජනමාධ්‍යවලට පුවත් නැතිවටද මේවා දාන්නේ?

  10. nimalsiri says:

    oya naruma soldaaduwaawa vedi thiyala meriya yuthuya.

Main News