සුනාමි අනතුරු ඇඟවීමේ කුලුන හදීසියේම මුහුදට කඩා වැටෙයි…

December 21, 2020 at 2:35 am | lanka C news
සුනාමි අනතුරු ඇඟවීමේ කුලුන හදීසියේම මුහුදට කඩා වැටෙයි…

යාපනය කන්කසන්තුරෙයි මුහුදු සීමාවේ ඉදිකොට තිබූ සුනාමි අනතුරු ඇඟවීමේ කුලුණ කඩා වැටී ඇති බවට කන්කසන්තුරෙයි පොලීසිය පැවසීය.

පැවති අධික සුලං සහ වර්ෂාව හේතුවෙන් අදාල සුනාමි අනතුරු ඇඟවීමේ කුලුණ මුහුදට කඩා වැටී ඇති බවට පරික්ෂණ වලදී හෙලි වී ඇත.

එමෙන්ම දීර්ඝ කාලයක් අදාල කුලුණට කිසිදු නඩත්තු කිරීමක් නොකිරීම හේතුවෙන් මෙලෙස කඩා වැටෙන්නට ඇති බවට ප්‍රදේශවාසී ජනතාව පවසා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21,241 views
Main News