සුනාමි අනුස්මරණයදා හෙලිකොප්ටර දෙකකින් ආ බලවත් පවුලක් හම්බන්තොට නාමල්ගේ හෝටලයේ…

December 26, 2016 at 10:25 pm | lanka C news
සුනාමි අනුස්මරණයදා හෙලිකොප්ටර දෙකකින් ආ බලවත් පවුලක් හම්බන්තොට නාමල්ගේ හෝටලයේ…

ලංකාවේ සිදු වු දෙවෙනි දරුණුතම ස්වභාවික ඛේදවාචකය සිදු වී ජීවිත 35000ක් අහිමි කරමින් අදටත් 5000කට වැඩි පිරිසක් අතුරුදහන් වූ සුනාමි ව්‍යවසනයට වසර 12ක් ගතවු දෙසැම්බර් 26 ඊයේ දිවයින පුරා මියගිය පිරිස් සිහිපත් කරමින් අනුස්මරණය උත්සව සංවිධානය කොට තිබුනි.

මින් වැඩි විනාශයක් මෙන්ම ජීවිත හානියක් හම්බන්තොට නගරයට සිදු වූ අතර ඊයේ පෙරවරුවේ විශේෂ රථ රැගත් ආරක්ෂක අංශයේ රිය පෙරහැරක් හම්බන්තොට බලා දකුණු අධිවේගයෙන් පෙරවරු 7.00ට පමණ මාතර පිවිසුමෙන් පැමිණ හම්බන්තොට බලා ගමන් කල අතර මග දෙපස සිටි පිරිස් සිතා සිටියේ සුනාමිය සිහිපත් කරමින් පැවත්වෙන 12 වෙනි රාජ්‍ය අනුස්මරණය උත්සවය සඳහා ඉහළ බලවතෙක් හම්බන්තොට බලා යනු ඇති කියායි.

නමුත් එම නිශ්චිත වෙලාව වූ පෙරවරු 9.26 පසුවුවත් මාධ්‍ය මගින් හෝ ප්‍රදේශවාශින්ගෙන් ඒ සම්බන්ධයෙන් කිසිම ආරංචියක් නොලැබුනි. නමුත් ඊට මද වෙලාවකට ගුවන් හමුදා හෙලිකොප්ටර් දෙකක් හම්බන්තොට ආසන්න ක‍්‍රිඩා පිටියකට පැමිණි අතර ඉන් පැමිණි විශේෂ අමුත්තන් පිරිස කොළඹ සිට හම්බන්තොට බලා පැමිණි වාහන වල ආරක්ෂක රථ පිරිවරාගෙන හම්බන්තොට ඉදිකල හිටපු ජනාධිපතිගේ පුත් නාමල් රාජපක්ෂට අයත් යයි කියු අධි සුඛෝපභෝගි තරු පන්තියේ හොටලය බලා පිටත්ව ගියහ.

145 views
Main News