සුනිල් ආරියරත්නට, රෝහණ වීරසිංහට භාතිය-සංතුෂ් පිලිතුරු දෙයි.. ගණන් හිලවු හෙලි කරයි..
February 25, 2021 at 3:22 am | lanka C news
මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ආචාර්ය රෝහණ විරසිංහ යන මහත්වරුන් මෙරට ගායක ගායිකා සංගමය වන ඔස්කා සංවිධානයට ලිපියක් යවා එහි ධුරවලින් ඉල්ලා අස්වීම සහ ඔවුන් එල්ල කරන චෝදනා ගැන සංගීත ශාල්පීන් වන භාතිය ජයකොඩි හා සංතුෂ් වීරමන් ප්‍රතිචාර දක්වයි.
ඔවුන් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.
ආදරණීය ආචාර්ය රෝහණ වීරසිංහ සර් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න සර් වෙත…
සර්, මුලින්ම කියන්න ඕන මේක රාජකාරි නිල ලිපියක් නෙවෙයි. බොහෝ කාලයක් තිස්සේ ඔබතුමන්ලා හඳුනන, යම් යම් වැඩ වලදී එකට හමුවන, ඊටත් වඩා හදවතේ ගැඹුරුම තැනින් ඔබ දෙදෙනාට ගරු කරන දෙදෙනෙක් ලෙස මේ ලිපිය ලියන්න හිතුනා.
සර්, අපි දෙදෙනා මේ කේෂ්ත්‍රයට පැමිණි දා සිට, හැකි අයුරින් අපේ ගීත නිරමාණය කරගෙන, ඒවා ජනගත කර, ඉන් ලැබෙන ආශීර්වාදයෙන් පුළුවන් තරම් දුරක් බොහොම පරිස්සමට මේ ගමන මෙතෙක් දුරක් ආවා. අවුරුදු 23ක් සංගීත ක්ෂේත්රයේ ගෙවුණු කාලය ඉතා වගකීමෙන් පැමිණි ගමනක් බව කාරුණිකව කිවයුතුයි. සමාජ මාධ්‍ය මෙතරම් ප්‍රචලිත, සැමදෙනාම පරිශීලනය කරන යුගයක ගීතයක අයිතිය බලෙන් පැහැරගෙන එවැනි ප්‍රශ්නයක් අප හිස මත පටවගන්නට තරම් අප වගකීම් රහිත මිනිසුන් ලෙස සිතීම පුදුම සහගතය.
අප ආයතනයට තවත් පෞද්ගලික ආයතනයකින් ලබාදුන් විවිධ ගීත ආධුනිකයන් විසින් ප්‍රතිනිර්මාණය කර ගායනා කරන වැඩසටහනක් හේතුවෙන් මෙම ගැටළුව පැන නැගුණා.
සර්, මිට පෙරත් අපි ඇත්තටම මොකද උනේ කියන කාරණාව ඔබතුමන්ලාට පැහැදිලි කරලා දුන්නා. නමුත් ඔබ දෙදෙනා OSCA ආයතනයට ඉදිරිපත් කළ ලිපියක් හුවා දක්වමින් මේ දිනවල සමාජ මාධ්‍ය වල අප ඔබගේ ගීතය හොරකම් කළා කියන චෝදනාව නැගෙන නිසා සහ කරුණු කාරණා සිදුවූ ආකාරය හරි ආකාරව පැහැදිලි කරදීමෙන් පසුවද, නැවතත් අප වංචාවක් කර ඇති බව සදහන් කර තිබීම පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කරන අතර, අප දැඩි ලෙස සිත් තැවුලට පත්කළ කරුණාවක් වූ බවද මෙහිදී කිව යුතුමයි. එම නිසා නැවත එම කතාවම කියන්නම්,
* • ඉහත කී පෞද්ගලික ආයතනය මෙම ව්‍යාපෘතිය අප ආයතනයට ලබා දී පැවසුවේ තෝරාගත් ගීත කීපයක් ආධුනික ගායකයන් සමග නැවත ප්‍රති නිර්මාණය කර , රූප රචනා සිදුකර ලබාදෙන ලෙසයි. එම එක් ගීතයක් සඳහා ඔවුන් රුපියල් දෙලක්ෂ අසූදාහක මුදලක්ද අප ආයතනයට ගෙවීමට එකග වුණා. එහිදී අප කාර්යමණ්ඩලය එයින් රුපියල් හැටදහසක මුදලක් කර්තෘභාග වෙවුවෙන් වෙන් කළා. අපි අපේ කාර්යමණ්ඩලයට දැනුම් දුන්නේ, ගීතවල බුද්ධිමය දේපළ හිමි කරුවන්ට කතාකර අවශ්‍ය පිරිවැය ලබාදී, අවසරය ලබාගන්නා ලෙසයි. මෙම මුදල් අගය අප ආයතනය වෙන්කලේ මෙම කාලවකවානුවේ OSCA ආයතනය සංගීත වැඩසටහන් වල ගීත ප්‍රති නිර්මාණය සඳහා රුපවාහිනී නාලිකා සමග රුපියල් හැටදහසක අගයක් සාකච්චා කරගෙන යන පසුබිමකයි. මාධ්‍ය ආයතන එම අගයට එකඟ නොවුවත් අප ආයතනය එම අගය ගෙවීමට තීරණය කළා. ඒ අදාල සියලුම පාර්ශවයන්ට කතෘභාග ගෙවීම් අප ආයතනය මගින් සිදුකළා.
* • මෙම වැඩසටහනට තීරණය වූ ගීත අතර එක චිත්‍රපට ගීතයක් තිබුණා. එය “ඇඩ්රස් නෑ” චිත්‍රපටයේ ගීතයකි. අප ආයතනය සියලුම ගීත වල හිමිකරුවන් සමග සම්බන්ධ වී කර්තෘභාග පිළිබඳව එකඟවූ අතර, “ඇඩ්රස් නෑ” යනු චිත්‍රපටයක් බැවින් එහි නිෂ්පාදකවරයා හා සම්බන්ධවී එම ගීතයේ අයිතිය පිලිබඳ තොරතුරු විමසුවා. එහිදී මෙම චිත්‍රපටයේ නිෂ්පාදක වරයාට මෙම ගීතයේ අයිතිය ඔහු සතුව ඇති බව සහතික වූ නිසා, අප ආයතනය ඔහුට රුපියල් හැටදහසක මුදලක් ගෙවා , මෙම ගීතය භාවිතා කීරීම සඳහා ඔහුගේ ලිඛිත අනුමැතිය සහ අවසරය ලබා ගත්තා. මෙම සමස්ත ක්‍රියාදාමයම සම්බන්ද නිල ලිපිලේඛන අප ආයතනය සතු ඇති බවත්, අවශ්‍යනම් ඒවා ඔබතුමන්ට ඉදිරිපත් කල හැකි බවත් දන්වන්න කැමතියි.
* • ඊට පසුවත් මේ සම්බන්ධව අපට චෝදනා නැගෙනවිට, අප විමතියට පත්වූයේ ඒ නිසයි. එබැවින් මේ සිදුවීම ආරංචි වූ වහාම අප උත්සහ කළේ ඔබ හමුවීමටයි. අප ඔබගේ නිවසේ දොරකොඩටම පැමිණියත් අපව හමුනොවී, OSCA ආයතනය අප පාර්ශව දෙක සාකච්චාවකට ගෙන්වූ අවස්ථාවේද අප සමග සාකච්චා නොකොට අප මගහැර ඔබ කාර්යාලයෙන් පිටව ගියා. ඉන් අනතුරුව කීප වරක්ම විවිධ පාර්ශව හරහාද ඔබ හමුවීමට උත්සහ කලත් අප හට ඒ අවස්ථාවන්ද නොලැබි ගියා.
* • සර්, මෙය අපටත් කණගාටුව සහ හිත් වේදනා ගෙනදෙන සුදුවීමක්. එල්ලවෙන චෝදනා වලට වඩා මේ හේතුවෙන් ඔබ දෙදෙනා සිත් තැව්ලට පත්වීම, කිසි විටෙකත් අපගේ මේ ජීවිතය තුළ අප අපේක්ෂා නොකළ සිදුවීමක්.
* • එහෙත් ඔබතුමන්ලා රුපියල් ලක්ෂ දහයක මුදලක් එකවර ඉල්ලා සිටින විට, ආයතනික මට්ටමෙන් අපටද ඒ පිළිබඳව නැවත සිතා බැලිය යුතුවනවා. කෙසේ වෙතත් මෙම ගැටලුව විසදාගත යුතුවන්නේ, ඔබ පාර්ශවය සහ චිත්‍රපටි නිෂපදකවරයාගේ පාර්ශවය අතර බව ඉහත සඳහන් කළ කරුණු අනුව අපගේ දැක්මයි.
* • කෙසේ වෙතත් ඔබ දෙපල කෙරෙහි ඇති ආදරය සහ ගෞරවය නිසා, රුපියල් හැටදහස (60,000) බැගින්, රුපියල් එක් ලක්ෂ විසිදහසක (120,000/=) කර්තෘභාග මුදලක් අපේ අතින් ලබාදීමට අපේක්ෂා කරන බව අප OSCA ආයතනයට ලිඛිතව දැනුම්දුන්නා. නමුත් යම් හෙයකින් ඔබ දෙපල මීට වඩා මුදලක් අපේක්ෂා කරන්නේ නම් ඉහත කී මුදලට අමතරව, ඔබ දෙපල කෙරෙහි ඇති ආදරය සහ ගෞරවය නිසා තනු නිර්මාණයට සහ පද රචනයට රුපියල් ලක්ෂ දෙක බැගින් (200,000/=), ලක්ෂ හතරක (400,000/=) මුදලක් අප ආයතනය විසින් ප්රදානය කිරීමටද කැමැත්ත ප්‍රකාශ කළා. ඉහත කී කරුණ අප විසින් OSCA ආයතනයට දැනුම් දුන්නේ ඔබ ගේ ලිපිය ලැබුණු ජනවාරි මාසය තුළමයි. අපට අද වනතුරු මෙයට පිළිතුරක් ලැබී නැහැ. මෙවැනි තත්වයක් තුල අප ගෙවීම් පැහැර ඇති බවට නගන චෝදනා අපගේ මවිතයට සහ කණගාටුවට කාරණයක්.
* • අප කවදත් නිර්මාණාත්මක අයිතීන් වලට ගරුකරන එම අයිතීන් රැකගැනීමේ කාර්යට උරදෙන දෙපලක් සහ ආයතනයක්. ඉහත කරුණු සලකා බැලු විට, ගීත ප්රතිනිර්මාණ කතෘභාග (reproduction royalties) නොගෙවන කාල වකවානුවක වුවද, අප ආයතනය එම ගෙවීම් කර ඇති බව ඔබට පැහැදිලිවනු ඇත.
* • අවසන් වශයෙන් මෙසේ ප්‍රකාශ කිරීමට අපි කැමතියි. ඔබ දෙදෙනා වැරදි වැටහීමක් නිසා මොන චෝදනාවක් කලත්, ඔබ දෙදෙනා මේ රටේ කලාවට සිදුකළ විශිෂ්ඨ සේවය, කරපු නිර්මාණ වලට අපේ හිතේ ඇති ආදරයට පුංචි පලුද්දක්වත් කරන්න බෑ. ඔබ දෙපල අපට කර ඇති මේ චෝදනාව පිළිබඳව අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර , සිදුවුනදේ නැවත මතක් කළේ ඔබතුමන්ලා වැරදී යැයි කියලා චෝදනා කරන්න හෙම නෙවෙයි, සිදුවී ඇති දේ ගැන කරුණු කාරණා කෙලින්ම ඉදිරිපත් කරන්නයි.
ඒ මොනදේ උනත් අපි ඔබතුමන්ලාට හදවතින්ම ආදරෙයි… එකේ වෙනසක් නෑ.
භාතිය-සන්තුෂ්.
අBathiya and Santhush මනයෝ දෙන්නෙක්.සිරස කියන දෙකයි පනහේ ටීවී චැනල් මුන්ව අප් කරේ
බාතිය/සංතුශ් කියන අකාරයට “කෙසේ වෙතත් මෙම ගැටලුව විසදාගත යුතුවන්නේ, ඔබ පාර්ශවය සහ චිත්‍රපටි නිෂපදකවරයාගේ පාර්ශවය අතර බව ඉහත සඳහන් කළ කරුණු අනුව අපගේ දැක්මයි.“
කෙනෙක් හොර බඩුවක් මිලදි ගත්තානම් එහි වගකීම දරිය යුත්තේ ඔහු විසින්ම පමණකි (ශ්‍රි ලංකාවේ නීතියේ සංකල්පය – “ගණුවා ප්‍රවේසම් වියයුතුය“). ඒ අනුව බාතිය/සංතුශ් හට චිත්‍රපටි නිශ්පාදකයා ඔහුට අයිති නැති දෙයක් විකුණුවානම් එහි වගකීම දැරිය යුත්තේ බාතිය/සංතුශ් මිස භාන්ඩයේ නියම හිමිකරු නොවේ. Prof. සුනිල්/Dr. වීරසින්හ හට චිත්‍රපටි නිශ්පාදකයාසමග කිසිම ගණුදෙනුවක් නැති අතර ඔවුන්ගේ භාන්ඩය පාවිච්චි කරන බාතිය/සංතුශ් සමග පමණක් ගැටලුව ඇත.
එය බාතිය/සංතුශ් නොදැන සිටිමට හෙතුවක් නැත. අනිවාර්යෙන්ම මෙයින් පැහැදිලි වෙන්නේ බාතිය/සංතුශ් හිතාමතාම වංචනික ලෙස හැසිරෙමින් පවතින බවටයි. තවද, මේ ගීතය තමන්ගේ අයිතිය ඇති ගිතයක් ලෙස චිත්‍රපටි නිශ්පාදකයා දක්වද්දි එහි සැබැ අයිතිය ගැන ඔවුන් නොදැන සිටියායැයි දක්වන විත්තී වාචකය සිනහාගන්වන සුලුය.
please study the copyright law.
Raw agent You fool. Copyright law violation has done by Batya thoththa baba.
They explained well that there is no provisions for paying reproduction royalties in Sri Lanka. Only, there is a discussion for the payment of Rs.60000. Even in that backdrop they offer some more payments. Why Sri Lankan people always criticize and curse about new generation. very strange.
A guy makes a forged deed and sells a property that belongs to someone else. It’s the buyers fault for not double checking in land registry. The original owner still ownes the property.
Well said.
poor people, one million is a huge amount for them, they may have to sing everyday for about two years to pay it back. shall we all do a hat collection for them please ?
නන්නානේ කියලා ඵක සිංදුවක් මාකට් කරගෙන ඕකම ඕකම ගහගෙන වැඩකාරයෝ වගේ හින්දි ගායිකාවන් පෙන්නලා අනුන්ගේ පහණින් ඵලියට ඵනවා.ලැජ්ජාවක් නැද්ද අප්ප
භාතිය සන්තුෂ් දෙන්නා දන්නෝ බුදුන්ගේ සින්දුවත් විකුනං කෑවා ඕයි
May den-nath ara rasthiyadu kaarayanta sindu kiyana Amaradewa mahathaata nigaru kara mu lankawatama nigaru kara Gupsies ekay hora thak-kadiya waagay wenna epa. Yali epadenta waasanaaa waway kiyapu geethayata apahaasa kalaa waagay wenna epa
මම හිතන්නේ මේ වා තමයි ටයි කෝට් අදින මහත්වරු කරන ගනයේ හොරකම්. දැං කෙදිරිගාලා වැඩක් නෑ භාතිය සන්තුෂ්. ඔයාගේ ලිපිය අසාර්ථක රගපෑම ක්.
Now Sunil – Rohana duo’s term; have your kind response, please.
කොහොමත් මුන් ගායකයො කියල අපට නම් පිළිගන්න බැහැ. කියපු හරි ගීතයක් අපට නම් පේන්න නැහැ. දේශපාළු පිහිටෙන් රගන්නෙ. අර පිටරටකට ගිහින් අපේ ජන ගී විකෘති කරළ කියලා පච සම්මානයක් අරගෙන ජඩ මාධ්‍ය හරහා ප්‍රසිද්ධිය ගන්න උත්සාහ කරළා. අපට නම් අධෝ වාතයක් තරම් වත් වටින්නෙ නැහැ. තවත් අනුන්ගේ දේවල් කොල්ල කාළා රගන්නෙ නැතිව සිංහළ ගීත කලාවට කරන සේවය නම් නිහඩව සිටීමය. අපගේ ගීත ලෝකයේ ශ්‍රේෂ්ඨයන්ට අපහාස නොකොට ඉන්නවා නම් හොදයි නේද? පිළිතුරු දෙන්න ගිහින් නා ගන්නෙ නැතිව.