සුපිරි අගමැතිලා වැඩක් නෑ.. කොන්ද පණ ඇති ජනාධිපති කෙනෙක් ඕනෑ..

December 20, 2016 at 10:40 am | lanka C news
සුපිරි අගමැතිලා වැඩක් නෑ.. කොන්ද පණ ඇති ජනාධිපති කෙනෙක්  ඕනෑ..

අද රටට අවශ්‍යව ඇත්තේ සුපිරි ඇමැතිවරයකු නොව විදේශිකයන්ට කොන්ද නොනමන, රටේ සම්පත් ආරක්ෂා කරන, ජනතාව වෙනුවෙන් පෙනී සිටින සුපිරි ජනාධිපතිවරයකු බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

එක් එක් අයට අවශ්‍ය ආකාරයට රට පාලනය කෙරුමට ඉඩ දී ලෝ වටා සවාරි යන ජනාධිපතිවරයකුගෙන් රටට ඵලක් නැති බව පැවසූ රණතුංග මහතා මහින්ද රාජපක්ෂ මහතා වැනි එඩිතර නායකයකුගේ අවශ්‍යතාව ජනතාවට එදාටත් වඩා අද දැනෙමින් තිබෙන බවත් පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ වැල්හේන ප්‍රදේශයේ දී පැවැති ජනහමුවක් අමතමිනි.

ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ අහිංසක, දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් කරපු පක්ෂයක්. අද ඒ වැදගත් පක්ෂය අලියගේ නැට්ටේ එල්ලපු පක්ෂ සභාපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්‍ එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන්ගේ රෙදි හෝදන තැනට වට්ටලා ඉවරයි. අද එ. ජා. ප ඇමැතිවරුන් අපේ අයට සලකන්නේ අත පල්ලෙන් වැටුණු ගාණට.

කුණුහරුපෙන් බනින ඒවා අහගෙන තනතුරුවලට ලෝභකමේ එ. ජා. ප නැට්ටේ එල්ලිලා ඉන්න ඇමැතිවරුන් ලැජ්ජා වෙන්න ඕනේ. ගමේ ජනතාව ඒ අයට ඡන්දෙ දුන්නේ අපේ ආණ්ඩුවක් හදන්න මිසක් එ. ජා. ප යේ කකුල් ලෙවකන්න නෙමෙයි. එළිවෙච්ච වෙලාවේ ඉඳලා නින්දට යනකම්ම පක්ෂය ආරක්ෂා කරනවා කියන මන්තරය ජප කරන සභාපතිවරයයි ඇමැතිවරුනුයි ඇත්තටම කරන්නේ පක්ෂය විනාශ කරන එකයි.

එක්සත් ජාතික පක්ෂයට තියෙන්නේ රට විනාශ කරපු, රට පාවා දීපූ ඉතිහාසයක්. භීෂණ කාලේ තරුණයන් මැරුවේ එ. ජා. පය. කොටියට ආයුධ දීලා ශක්තිමත් කළේ එ. ජා. පය. සටන් විරාම ගිවිසුම් ගහලා රට පාවා දුන්නේ එ. ජා. පය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එහෙම චෝදනා නැහැ. හැබැයි අද රට විනාශ කරන හවුලට එකතු වෙලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනාගතයේ දී එවැනි චෝදනා එල්ල වෙයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ යුද්ධය අවසන් කරලා රට සංවර්ධනය කරපු ගෞරවණීය පක්ෂය අද සිරිකොතේ පිළිකන්නේ ලැ‍ගගෙන කටු කන තත්ත්වයට ඇදලා දාපු පක්ෂ සභාපතිවරයා ඇතුළු ඇමැතිවරුන් නිදහස් පාක්ෂිකයන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි. බණ්ඩාරනායක මහත්තයා හිටියා නම් පක්ෂයට වෙලා තියෙන වින්නැහිය දැකලා පපුව පැලිලා මැරෙයි.

මම අපේ ඇමැතිවරුන්ගෙන් ඉල්ලා හිටිනවා දැන්වත් ඔය හීනෙන් ඇහැරිලා ඇත්ත තේරුම් ගන්න කියලා. තමුන්නාන්සේලා අද ජොලියේ ඉන්නේ අපායේ ඉන්ටවල් එකේ කියලා මතක තියාගන්න. ඉන්ටවල් එක ඉවර වුණාම අශූචි ‍ගොඩේ ඔලුවෙන් හිටගන්න වෙනවමයි. ඊට ඉස්සර තීන්දුවක් ගන්න. රට පාවා දෙන අයගේ පැත්තේ නොව රට රකින අයගේ පැත්තට ඇවිත් හිටගන්න.

පසුගිය මහ මැතිවරණයේ දී නිදහස් පාක්ෂිකයන් පක්ෂය පාවා දෙන අයට හොඳ පාඩමක් ඉගැන්නුවා. ඒත් සභාපතිවරයා ජනතාව ප්‍රතික්ෂේප කරපු අය ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනත් ජනතාවට කොකා පෙන්නුවා. ඊළඟ පාර ජනතාව පාඩම උගන්වන්නේ තමන්ට කොකා පෙන්නපු අයටත් එක්කම බව මතක තියා ගන්න ඕනේ.

අවුරුදු දෙකක් ගත වෙලත් අලුතෙන් පාරක් කොන්ක්‍රීට් කර ගන්න බැරි වෙච්ච හවුල් ආණ්ඩුව සුපිරි ඇමැතිවරයෙක් ගෙනල්ලා සුපිරි සංවර්ධනයක් කරන්න කතා කරනවා. මේවා තමයි නියම විහිලු. වැඩකරන මිනිහට සුපිරි ඇමැතිකම් ඕනෑ නෑ. මං අහන්න කැමැතියි රනිල් මහත්තයා සුපිරි ඇමැති කෙනෙක් වෙන්න යන්නේ රටේ ඉතුරු සම්පත් ටිකත් තුට්ටු දෙකට පිටරටට විකුණලා දාන්නද කියලා.

රනිල් වික්‍රමසිංහ මහත්තයා එදා ඉඳන්ම බලයට එන්න හීන දැක්කා. හොඳින් හෝ නරකින් බලය ලබා ගැනීම එතුමාගේ ප්‍රතිපත්තියයි. දැන් සුපිරි ඇමැති‍ කෙනෙක් වෙන්න හීන දකිනවා. ව්‍යවස්ථාව වෙනස් කරලා සුපිරි අගමැති වෙනකම්වත් ඉවසගන්න බැරිව ජනාධිපතිටත් උඩින් ඉන්න සුපිරි ඇමැතිවරයෙක් හදන්න යද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් තවම නින්දෙන් ඇවිදිනවා.

ඒකාබද්ධ විපක්ෂයේ අපි අගමැතිවරයාගේ හීනය සැබෑ වෙන්න ඉඩ තියන්නේ නැහැ. මේ රටට ඕනෑ සුපිරි ඇමැතිවරයෙක් නෙමේ. රටට දැන් ඕනෑ විදේශිකයන්ට කොන්ද නොනමන, රටේ සම්පත් ආරක්ෂා කරන, ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න සුපිරි ජනාධිපතිවරයෙක්. එක එක්කෙනාට ඕනෑ විදියට රට කරගන්න ඉඩ දීලා ලෝකේ වටේ සවාරි යමින් ඉන්න ජනාධිපතිවරයෙකුගෙන් අපට වැඩක් නැහැ.

– ප‍්‍රදීප් අනුර කුමාර

16 views

2 Comments to “සුපිරි අගමැතිලා වැඩක් නෑ.. කොන්ද පණ ඇති ජනාධිපති කෙනෙක් ඕනෑ..”

  1. JOY says:

    ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ට අපේ ප්‍රණාමය
    මේ රටේ අද විජාතික බලවේගවලට බලයේ ඉදිමටයි මේ. හදන්නේ. මුළු රටම විකුනනවා රටේ ආර්ථිකය කඩා වැටිලා .TNA දෙමළ .ජාතිවාදීන් රජවෙලා …මහ බැංකුවබංකොලොත් ..රටම විනාශය ..රනිල් ඒකාධිපතියෙක් සිරිසේන පබයෙක් …රටට සෙතක් සිදුවේද ? මේ තීරණාත්මක, බෙදජනක. අවස්ථාවේ බුද්ධියට ඉඩදී පෙළ ගැසෙව් සිංහලයෙනි පෙරට වරෙව් ….
    යහපාලන රෙජීමය සිංහල බෞද්ධ විරෝධී පාලනයක් .. යහපාලනයට් එරෙහිව පාරට බසිව්

  2. SALMAL says:

    අපේ රට අනතුරේ ……

    ඔබට මුතුන් මිත්තන්ගෙන් උරුමවූ රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි”
    ඔබඅනාගත පරපුරට උරුමකරදියයුතු රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි”
    පිය උරුමයෙන් ඔබට රකින්නට රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි”

    https://www.youtube.com/watch?v=F2pZU2vxqwA
    WAKE UP SINHALESE FOLKS WAKE UP PROTECT OUR MOTHERLAND

Main News