සුපිරි ඇමති හොරෙන්ම වැඩ.. පනත පළාත් සභා අටක පැරදී තිබියදීත් ‘සංවර්ධන නියෝජිත ආයතනය’ පිහිටුවයි..
January 27, 2017 at 8:40 am | lanka C news
සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත පළාත් සභා අටක පරාජය වී තිබියදී එම පනත සම්මත වූ පසු පිහිටුවීමට නියමිතව තිබූ ‘සංවර්ධන නියෝජිත ආයතනය’ නම් ආයතනය මේ වන විටත් ස්ථාපති කර ඇති බව සිරස රූපවාහිනිය විසින් සිය ප්රවෘත්ති විකාශණය ඔස්සේ හෙලි කලේය.
සංවර්ධන උපාය මාර්ග පිළිබඳ අමාත්‍යංශය පිහිටුවා ඇති කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොනැගිලි පරිශ්‍රයේ සිටම ක්‍රියාත්මක වන මෙම ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් ලෙස මංගල යාපා මහතා කටයුතු කරන බවද වාර්තාවේ දැක්වින.